කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී.ජේ. විජේසිංහ
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ සිසු, සිසුවියන් ඇඟයීම වෙනුවෙන් ඇල්පිටිය මහජන බැංකුව සහ ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලය සංවිධානය කළ උත්සවයක් මහජන බැංකුවේ වත්මන් සභාපති ආදි ශිෂ්‍ය චන්දන ගුණියන්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (9) පෙරවරුවේදී ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයෙදී පැවැත්විණ.
ඊට සමගාමීව ඇල්පිටිය ප්‍රාථමික විදුහලෙන් අකුර කර මහජන බැංකුවේ සභාපති තනතුරට පත් චන්දන ගුණියන්ගොඩ මහතාට එම විද්‍යාලයෙන් උපහාර පිදීමද මීට සමගාමීව සිදු කෙරිණ.
ඇල්පිටිය මහජන බැංකුවේ කළමණාකරිණී එම්. ඩබ්ලිව්. දුනීෂා මහත්මිය ඇතුළු කාර්යමණ්ඩලය සහ ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති රුවන් කුමාර හෙට්ටිආරච්චි මහතා සහ නියෝජ්‍ය විදුහල්පතිනි තුෂාරි හෙන්ගෙදර මහත්මිය ඇතුළු විද්‍යාලයීය ගුරු මණ්ඩලය සහ විදුහල් මවුපිය සංසඳය විසින් මේ උත්සවය සංවිධානය කරන ලදී.
එහිදී මහජන බැංකුවේ නව සභාපති චන්දන ගුණියන්ගොඩ මහතා පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් ශිෂ්‍යාවක් ඇගයීමට ලක් කර තිළිණයක් ප්‍රදානය කළ අයුරු.