ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජංගම මුදල් සේවාව වනSLT-MOBITEL mCash, රජයේ ආයතන වෙත ගෙවීම් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සහ නවීකරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay ඒකාබද්ධ කිරීම කරන ලද බව පසුගියදා නිවේදනය කළේය.
මේ ඔස්සේ රාජ්‍ය ආයතන වෙත කරන ගෙවීම්, රථවාහන දඩ මුදල් සහ පළාත් පාලන ආයතන සඳහා ගෙවිය යුතු බදු මුදල් ඇතුළුව රජය සම්බන්ධ ගෙවීම් 4,000 කට අධික සංඛ්‍යාවක් සඳහා mCash සේවාව හරහා GovPay වෙත ගෙවීම් කිරීමට හැකි වනු ඇත. mCash යනු රටේ විශාල පිරිසක් දැනටමත් භාවිත කරන සේවාවක් වන බැවින් මෙය රටේ ඩිජිටල් ආර්ථික සැලසුම් වේගවත් කිරීමට දායක වන පියවරක්ද වනු නිසැකය. එමෙන්ම මෙය රාජ්‍ය සේවා නවීන ලෝකයට ගැළපෙන ආකාරයට වැඩිදියුණු කිරීමක් වන අතර, වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවා සමීප කරවීමක්ද වේ. මෙය පුරවැසියන්, රජය සහ තාක්ෂණය සහසම්බන්ධ කරමින්, එදිනෙදා සිදුකරන සාමාන්‍ය ගෙවීම් රටේ ඵලදායීතාවට, අන්තර්කරණයට සහ විශ්වාසනීයත්වයට දායක වන ක්‍රියාවලියක් බවට පත්කරන සුවිශේෂී තීරණයක් ලෙස හැඳින්විය හැකිය.
Mobitel පාරිභෝගිකයන්ට #111# ඩයල් කිරීමෙන් mCash සේවාව සඳහා ලියාපදිංචි විය හැකි අතර, Android Play Store, iOS App Store හෝ Huawei App Gallery වෙතින් mCash App බාගත කරගෙන එසැණින් GovPay හරහා ඩිජිටල් ක්‍රමයට සුරක්ෂිත ලෙස ගෙවීම් කළ හැකිය. ඊට අමතරව පාරිභෝගිකයන්ට අවශ්‍ය නම් ළඟම පිහිටි Mobitel සේවා සපයන ස්ථානය වෙත ගොස් ඉතාමත් පහසුවෙන් අදාළ ගෙවීම් සිදු කළ හැක.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ICTA (දැන් GovTech) සහ LankaPay අතර හවුල්කාරීත්වයකින් බිහි වූ GovPay මගින් රාජ්‍ය ආයතන 280 කට අධික සංඛ්‍යාවක පුරවැසි සේවා 4,090 කට අධික සංඛ්‍යාවක් සඳහා ගෙවීම් කළ හැකිය. ඒ අනුව ජනතාවට දැන් උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු, සෞඛ්‍ය සේවා ගාස්තු සහ රජයේ විවිධ ගාස්තු බාධාවකින් තොරව mCash හරහා ගෙවීමට අවස්ථාව සලසා දී ඇත. විශේෂයෙන්ම GovPay හරහා දවසේ ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට සෘජුවම mCash යෙදුම හරහා රථවාහන දඩ ගෙවීමේ පහසුකමද ලබා දී තිබේ.
මේ ආකාරයට කාලවේලාව පිළිබඳ ගැටලුවකින් තොරව දවස පුරා තම තමන් කැමැති පරිදි ගෙවීම් කිරීමට හැකි වීම පුරවැසියන්ට සුවිශාල පහසුවක් වනු ඇත. එමෙන්ම මෙමගින් රජයේ ආදායම් රැස්කිරීම වඩාත් ඉක්මන්, විනිවිදභාවයෙන් යුත් සහ කාර්යක්ෂම ක්‍රියාවලියක් බවට පත් වේ. විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළු සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයට මෙමඟින් රජයේ නියමයන්ට අනුකූලව කටයුතු කිරීම පහසු වන අතර, ගනුදෙනු සම්බන්ධ පිරිවැයද අවම වේ.
මහා පරිමාණ සමාගම් සහ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සම්බන්ධයෙන් ගත් විට, මෙය ගෙවීම් සේවා පද්ධතියේ තීරණාත්මක දියුණුවක් මෙන්ම රජය සම්බන්ධ ගෙවීම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමක් ලෙස හැඳින්විය හැක. තවද මෙමගින් ක්ෂේත්‍ර රැසක ඵලදායීතාව සහ අනුකූලතාව ඉහළ යනු නිසැකය.
2013 වසරේදී දියත් කරන ලද mCash සේවාව මේ වන විට ලංකාවේ ප්‍රමුඛතම ජංගම මුදල් පදනම බවට පත් වී තිබේ. පසුගිය දශකය තුළ mCash සේවාව ව්‍යාපාර අතර මෙන්ම පාරිභෝගිකයන් අතර ගනුදෙනු සඳහා විශ්වාසනීය ක්‍රමවේදයක් බවට විකාශනය වී ඇත.
mCash මගින් පුද්ගලයන් අතර මුදල් යැවීමේ පහසුකම්, LANKAQR ගෙවීම්, පාරිභෝගික සේවා ස්ථාන හා ATM මඟින් මුදල් ලබාගැනීම, උපයෝගිතා සේවා හා දුරකථන බිල්පත් පියවීම්, රක්ෂණ හා මූල්‍ය ගෙවීම්, පරිත්‍යාග, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන සේවා සඳහා සිදුකරන ගෙවීම්, අභ්‍යන්තර පර්‌යේෂණ සහ ස්ථාවර නියෝග ඔස්සේ සිදුකරන ගෙවීම් ඇතුළු සේවා රාශියක් පිරිනමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd