IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’Quickee Mansion’ විවෘත කෙරෙයි

ශ්‍රී ලංකාවේ මාර්ගගත වෙළෙඳපොළක් වනQuickee තවත් ජයග්‍රාහී පියවරක් ඉදිරියට තබමින්, තමාට ම අයත් බෙදාහැරීමේ සේවාව සමඟ එක්ව භෞතිකමය සේවා මධ්‍යස්ථානයක් වන Quickee Mansion  හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

කොළඹ 03 පිහිටි 'Quickee  මන්දිරය‘ දින 365 ම ක්‍රියාත්මක  ඇමතුම් මධ්‍යස්ථානයකින් සමන්විත වන අතර, එමඟින් පාරිභෝගික ජනතාවට අඛණ්ඩව සහයෝගය ලබා දීම අරමුණු කරයි. එමෙන් ම Quickee Mansion යනු Quickee හි ශක්තිමත් බෙදාහැරීම් සේවාවේ මූලස්ථානය ලෙසින් ද හඳුන්වා දිය හැකිය. ලැබෙන ඇණවුම් ආරක්ෂිතව පාරිභෝගිකයන් අතට පත් කිරීම එමඟින් තහවුරු කරයි.

ඕනෑම දිනක අලු‍යම 3 දක්වා බෙදා හැරීම් සේවා ලබා දෙන  Quickee බෙදා හැරීමේ සේවාවේ කාර්යක්ෂමතාව නිසා ම එහි ලාංඡනයට සඳහා ලොව වේගවත්ම සත්වයා වන චීටාගේ රුව ඇතුළත් කර ඇති බව ද එම සමාගම කියයි.

'Quickee SoS' සේවාව මගින් උදෑසන 9 සිට 3 දක්වා කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිත පාරිභෝගිකයන්ගේ හදිසි අවශ්‍යතා මිල දී ගැනීම් සඳහා සහයෝගය ලබා දෙන අතර, සාදයකට අවශ්‍ය දෙයක් හෝ ඖෂධ වැනි අත්‍යවශ්‍ය යමක් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්, Quickee's 'Party SOS'  සහ 'Emergency SOS' යන සේවා හරහා එය නිවසට ක්ෂණිකවම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.

“Quickee Mansion, ශ්‍රී ලංකාවේ තරඟකාරී අන්තර්ජාල වෙළෙඳපොළ තුළ අපගේ භෞතික පැවැත් මේ නියෝජනයයි. එමගින් ගනුදෙනුකරුවන් වෙනුවෙන් අපගේ කැපවීම සහ සමීප බව පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බොහෝ මාර්ගගත අලෙවි සේවාවන්ට භෞතික පැවැත්මක් නැහැ. නැතිනම් භෞතික කාර්යාල පිහිටා තිබෙන්නෙ වෙනත් රටවල.  ‘සියලු‍ පාරිභෝගික අවශ්‍යතා සඳහා එක නැවතුම්පොළක්‘ කියන අපගේ තේමාව Quickee Mansion සමඟ යථාර්ථයක් බවට පත් වෙනවා.”‍ යනුවෙන් Quickee  හි ප්‍රධාන විධායක නිලධාරී සැමී අක්බාර් මහතා ප්‍රකාශ කළේය.

595



අදහස් (0)

’Quickee Mansion’ විවෘත කෙරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site