IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


OPPO වෙතින් අලුත් අවුරුද්දට අලුත්ම ගීතයක්

OPPO මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවතම ගීතයක් හඳුන්වා දී තිබේ. මෙය ගායනා කරනු ලබන්නේ OPPO සන්නාම තානාපතිනියක සහ The Voice වැඩසටහනේ පුහුණුකාරිනියක වන ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ විසිනි. මීට අමතරව ජනප්‍රිය රංගන ශිල්පී හා ගායක ගයාන් ගුණවර්ධන සහ නර්තන ශිල්පී රමෝද් මාලක ප්‍රමුඛ Cool Steps නර්තන කණ්ඩායම ද මෙම ගීතයට ද‌ායක වී සිටිති.

සුන්දර ගැමි පරිසරයක රූපගත කර ඇති මෙම ගීතයේ රූප රචනය තුළ සාම්ප්‍රද‌ායික අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ද නිරූපණය කෙරේ. මෑතකදී වෙළඳපොළට හඳුන්වා දීමෙන් අනතුරුව පාරිභෝගිකයන් අතර ඉක්මනින් ජනප්‍රිය වූ අලුත් අවුරුදු කාලයේදී විශේෂ දීමනාවන් ද සමග මිලදී ගත හැකි OPPO F19 Pro දුරකථන මාදිලිය ද මෙම රූප රචනය තුළදී දැකගත හැක. OPPO F19 Pro දුරකථන මාදිලියේ ප්‍රථම දින අලෙවිය, ඊට පෙර හඳුන්වා දුන් OPPA F17 Pro මාදිලියට සාපේක්ෂව සියයට 200 ක වැඩිවීමක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

‘මේ ගීතයත් සමග අපට ශ්‍රී ලාංකික සංස්කෘතියට පෙරටත් වඩා සමීප වීමට අවස්ථාව උද‌ා වුණා. ඒ වගේම අලුත් අවුරුද්දේ සැබෑ අරුත අනුව යමින් අප්‍රේල් 02 සිට අප්‍රේල් 13 දක්වා ක්‍රියාත්මක වන ‘එරබදු වාසි’ ප්‍රවර්ධන වැඩසටහනත්, අප්‍රේල් 05 සිට අප්‍රේල් 18 දක්වා ක්‍රියාත්මක වන ‘OPPO සර්විස් වාසි’ ප්‍රවර්ධන වැඩසටහනත් හඳුන්වා දීමට අප කටයුතු කර තිබෙනවා. OPPO Sri Lanka ප්‍රධාන විධායක නිලධාරි බොබ් ලී මහතා පැවැසීය.

 



අදහස් (0)

OPPO වෙතින් අලුත් අවුරුද්දට අලුත්ම ගීතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site