
LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී මීට දින 100 කට පෙර, මෙරට ආහාර අර්බුදය විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව පළමුවම හඳුනාගත් ආයතනයක් වන අතර මාස කිහිපයක් පුරා සිය ප්‍රයත්නය අඛණ්ඩව පවත්වා ගනිමින් LOLC දිවි සවිය සියවැනි දිනටත් ප්‍රාදේශීය ප්‍රජාව වෙත සිය සහාය පළකළේ ඉකුත් 14 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුකළ බෙදාහැරීම් සමඟිනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරන පරිදි මිලියන 6.7 ක් ශ්‍රී ලාංකිකයෝ ආහාර අනාරක්ෂිත භාවය අත්විඳිති. ප්‍රධාන ආහාර දැරිය නොහැකි අන්දමින් මිල ඉහළයාම සහ හිඟවීම හේතුවෙන් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ළමා මන්දපෝෂණ අනුපාතය ඉහළම රට බවට පත්වී තිබේ. විශේෂයෙන් ගර්භණී කාන්තාවන් සහ ළමයින්ට මෙම ඌන පෝෂණයේ දිගුකාලීන බලපෑමකට මුහුණ දීමට සිදුවනු ඇති බවට පුරෝකථනය කර ඇත.
මෙම මිනිස් අවශ්‍යතාවට ප්‍රතිචාර දක්වමින් LOLC දිවයිනේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන හා එක්ව, ‘දිවි සවිය‘ දීප ව්‍යාප්ත මානුෂීය සහනාධාර වැඩසටහන දියත් කරන ලදී. එහි අරමුණ වන්නේ වඩාත් අවදානමට ලක්විය හැකි ජන ප්‍රජාවන්හි ජීවිත සහ ජීවනෝපාය නඟාසිටුවීමයි. දිවි සවිය’ වැඩසටහන මෙරට ජනතාවට හදිසි ආහාර සැපයුම් මඟින් සහාය වීම උදෙසා විශේෂයෙන් සකස් කරන ලද්දකි.
දිවයින පුරා මිලියන සංඛ්‍යාත ජනතාව දුෂ්කරතාවලට මුහුණ දෙන බව LOLC ‘දිවි සවිය’ ආරම්භක අදියරයන්හිදී හෙළිදරව් වූ කරුණකි. ඒ සමඟින් පසුගිය දින 100 කට වැඩි කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ මානුෂීය ප්‍රයත්නය ජන ජීවිත මුහුණ දුන් අහිතකර බලපෑම් යම් දුරකට හෝ සමනය කිරීමට සමත් විය.
මෙම කාලෝචිත ව්‍යාපෘතිය මඟින් සලාක මලු (අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වියළි සලාක) දිවයින පුරා පරිත්‍යාග කරන ලදී. වැඩසටහනේ පළමු අදියරේදී දිවයින පුරා බෙදාහැරීමේ මධ්‍යස්ථාන 224 ක් යොදාගනිමින් දින 30ක් තුළ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරන ලදී. දිවි සවිය මීළඟ අදියරේ දී මාස 03 ක් තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් පවුල් 125,000ක් වෙත රුපියල් මිලියන 500 ක් වටිනා සලාක මලු එකිනෙකට වෙනස් චක්‍ර 03 ක් යටතේ බෙදා දුන් අතර එය තවදුරටත් ක්‍රියාත්මකයි.
තවදුරටත්, දෙවැනි අදියරේදී තෝරාගත් ගෘහස්ථවලට අමතරව වැඩිහිටි නිවාස, ළමා නිවාස, සහ දෘෂ්‍යාබාධිත ඒකක සඳහා ආහාර සම්පත් ඍජු ප්‍රතිපාදන ලෙස සංවිධාන කිරීම සඳහා අවධානය යොමුකෙරිනි.
595






2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
LOLC දිවි සවිය මානුෂීය ප්‍රයත්නය දින සියය පසු කරයි