IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


LOLCෆිනෑන්ස් මෙතෙක් ලැබූ ඉහළම ලාභය වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLCෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වසර සඳහා රුපියල් බිලියන 21.5 ක ලාභ වාර්තා කරමින් සුවිශේෂී කාර්යසාධනයක් සටහන් කර ඇත. එය පෙර වසරට සාපේක්ෂව සියයට 39ක වර්ධනයක් වන අතර, සියයට 20ක කොටස් මත ප්‍රතිලාභ නියෝජනය කරයි.

මෙම විශිෂ්ට ක්‍රියාකාරීත්වය උපායමාර්ගික ඒකාබද්ධ කිරීම් පෙළක් සහ මිල කාර්යක්ෂමතාවට දැක්වූ තිරසාර කැපවීම, ඩිජිටල් පරිවර්තනය සහ පාරිභෝගික කේන්ද්‍රීයභාවයෙන් ඇති කරගත් සමාගමේ ක්‍රමෝපාය විශිෂ්ටත්වය සහ ශක්තිමත් වෙළෙඳපොළ පිහිටුම අවධාරණය කරයි.

මූල්‍ය වසර අවසානයේදී සමාගම රුපියල් බිලියන 250ක ණය කළඹක් සහ රුපියල් බිලියන 206ක තැන්පතු සංචිතයක් මෙන්ම රුපියල් බිලියන 122ක ප්‍රාග්ධන සංචිතයක් වාර්තා කළ අතර, එමගින් බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළම අගයක් සලකුණු කරයි. මෙම ප්‍රතිඵල මගින් බැංකු නොවන මූල්‍ය කර්මාන්තයේ සිය ප්‍රමුඛත්වය පමණක් නොව, වෙනස් වන සාර්ව ආර්ථික පරිසරය සාර්ථකව තරණය කිරීම මෙන්ම අභියෝග හමුවේ ඊට අනුගත වෙමින් සාර්ථකත්වය ළඟා කරගැනීම උදෙසා සමාගමට පවතින හැකියාව ද පිළිබිඹු කරයි.

පසුගිය වසර තුනක කාලය තුළ LOLCෆිනෑන්ස් සිය වෙළෙඳපොළ පුරෝගාමීත්වය ශක්තිමත් කරමින් මෙහෙයුම් පියසටහන් විහිදුවමින් කැපී පෙනෙන ඒකාබද්ධ කිරීම් තුනක් සාර්ථකව ක්‍රියාවට නංවනු ලැබීය. මෙම උපායමාර්ගික ඒකාබද්ධ කිරීම් සමාගමේ හැකියාව වැඩිදියුණු කළ අතරම, නිෂ්පාදන පෙළ විවිධාංගීකරණය සහ ගනුදෙනුකාර සංචිතය ඉහළ නැංවීමට දායක විය. මෙම සෑම ඒකාබද්ධ කිරීමක්ම ඉතා සූක්ෂම ලෙස සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දේ බාධාවකින් තොරව එම ඒකාබද්ධ කිරීම් සිදු කිරීමේ අරමුණෙන් සහ ඉදිරි වසරවලදී සැලකිය යුතු මෙහෙයුම් ශක්තියක් එක්කරගැනීමේ අපේක්ෂාවෙනි.

LOLCෆිනෑන්ස් ක්‍රමෝපායේ මුල්ගල වන්නේ පිරිවැය කාර්යක්ෂමතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමයි. මෙහෙයුම් ක්‍රියාවලීන් ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සහ ආර්ථිකමය උත්තේජනවලින් සමාගම සිය පිරිවැය අඩු කිරීමට පියවර ගෙන ඇත. මෙය පිරිවැයට සාපේක්ෂව සියයට 40ක ආදායම් අනුපාතය මගින් නිරූපණය වන අතර ඒකාබද්ධ කිරීම්වල ප්‍රතිලාභය ඔස්සේ එය තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙලෙස කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම පිළිබඳ අවධානයට පරිපූර්ණ ඩිජිටල් පරිවර්තන ක්‍රමෝපාය තුළින් තවදුරටත් සහායක් ලැබෙනු ඇත. අති නවීන තාක්ෂණයන් සහ ඩිජිටල් විසඳුම්ල මෙහෙයුම් විධිමත් කිරීම, පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම සහ සමස්තයක් ලෙස ව්‍යාපාරයේ කාර්යක්ෂම බව ඉහළ නැංවීම උදෙසා විශාල වශයෙන් ආයෝජනය කර ඇත. ඩිජිටල්කරණ පියවරවලින් වියදම් අඩු කිරීම පමණක් නොව සමාගම මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ තාක්ෂණික නවෝත්පාදනවල ප්‍රමුඛස්ථානයේ රැඳවීමට ද සමත් වී ඇත.

LOLCෆිනෑන්ස් පීඑල්සී හි සාර්ථකත්වයේ හදවත වන්නේ පාරිභෝගික කේන්ද්‍රීයත්වය උදෙසා එහි නොසැලෙන කැපවීමයි. එහිදී ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතා අවබෝධ කරගෙන ඒවා සපුරාලීමට සමාගම නිරන්තරයෙන් ප්‍රමුඛත්වය ලබාදෙයි. සරිලන මූල්‍ය විසඳුම් සහ සුවිශේෂී පාරිභෝගික සේවාවක් පිරිනැමීමෙන් LOLCෆිනෑන්ස් සිය ගනුදෙනුකරුවන් සමග ශක්තිමත් කල්පවත්නා සබඳතාවක් ගොඩනගා ඇත. පාරිභෝගිකයන්ට ප්‍රමුඛත්වය ලබා දෙන මෙම ප්‍රවේශය පාරිභෝගික පක්ෂපාතිත්වය සහ ඔවුන්ගේ රඳවා ගැනීමට ඉවහල් වන අතර, සමාගමේ වෙළෙඳපොළ පුරෝගාමීත්වය තවදුරටත් ශක්තිමත් කරයි.

ආර්ථිකයේ බොහෝ ක්ෂේත්‍රයන් සක්‍රිය කිරීම සඳහා වූ සිය කාර්යභාරය ඉටුකරමින් LOLCෆිනෑන්ස් පරිපූර්ණ ණය කළඹක් පිරිනමයි. වාහන ණය, ස්පීඩ් ඩ්‍රාෆ්ට්, නිවාස ණය, රන් ණය, පෞද්ගලික ණය, ආයතනික ණය, කාරක ප්‍රාග්ධන විසඳුම්, අධ්‍යාපනික ණය, නම්‍යශීලි පොලී ණය ඇතුළු මූල්‍ය විසඳුම් රැසක් ඊට ඇතුළත් වෙයි. මෙම විවිධාංගික ණය විසඳුම් ආර්ථිකයේ විවිධ මට්ටමවල සිටින පුද්ගලයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ විශේෂිත වූ අවශ්‍යතා සපුරාලයි.

දිවයින පුරා විහිදුණු ශාඛා 230කට අධික සංඛ්‍යාවකින් සහ සංස්කෘතිකමය වශයෙන් විවිධාංගික ශ්‍රම බළකායකින් සමන්විත LOLCෆිනෑන්ස් පුළුල් පරාසයක සිටින සිය පාරිභෝගික සංචිතයට පෞද්ගලික මට්ටමේ සේවාවක් ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දෙයි. අනෙකුත් බැංකු නොවන මූල්‍ය ආයතනවලින් වෙනස් වූ LOLCෆිනෑන්ස්ල සේවා සම්පාදනය මෙන්ම ණය ලබා දීමෙන් පසු සහාය ඇතුළත් සේවාවක් ගනුදෙනුකරුවන්ගේ නිවෙස් දොරකඩටම ලබා දෙයි. මනා පුහුණුවක් ලද LOLCෆිනෑන්ස් කාර්යමණ්ඩලය ආයතනයේ සුවිශේෂී සේවා සැපැයුමට මහඟු දායකත්වයක් සපයයි.

LOLCෆිනෑන්ස් හි කැපවීම මූල්‍ය සේවාවන්ගෙන් ඔබ්බට විහිදේ. ක්ෂුද්‍ර, කුඩා සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ (MSMEs) ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා සමාගම විසින් සහායක යාන්ත්‍රණයන් ස්ථාපිත කර ඇත. මෙම යාන්ත්‍රණයන්ට ක්ෂුද්‍ර ව්‍යවසායකයන් සඳහා පුහුණු වැඩසටහන්, වෙළෙඳපොළ සම්බන්ධතා සඳහා පහසුකම් සැලසීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අභියෝගාත්මක කාලවලදී ණය ගෙවීමේ පමා සහන කාලයක් ලබාදීම ද ඇතුළත් වේ.

කොන්රාඩ් ඩයස්, සභාපති - LOLCෆිනෑන්ස් පීඑල්සී ක්‍රිෂාන් තිලකරත්න, අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි – LOLCෆිනෑන්ස් පීඑල්සී

-595



අදහස් (0)

LOLCෆිනෑන්ස් මෙතෙක් ලැබූ ඉහළම ලාභය වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 881 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site