
DFCCබැංකුව පසුගියදා DFCC Galaxy දියත් කරමින්, Metaverse තුළ Virශාඛාවක් විවෘත කළ ප්‍රථම ශ්‍රී ලාංකික බැංකුව බවට පත් විය. මෙමගින් ගනුදෙනුකරුවන්ට තම බැංකු සේවා අවශ්‍යතා සපුරාගැනීම සඳහා නවතම අත්දැකීමක් සහ ක්‍රමවේදයක් හිමි වන බව එම බැංකුව සඳහන් කරයි.
DFCC Galaxyමගින් ගනුදෙනුකරුවන්ට Virtual ශාඛාවක අත්දැකීම විඳගන්නා අතරම, වෙනත් පරිශීලකයන් සමග සම්බන්ධ වීමට සහ විවිධ ක්‍රීඩාවල නිරත වීමට මෙන්ම සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් හිමිකර ගැනීමට ද අවස්ථාව හිමි වේ. එමෙන්ම මෙමගින් ඔවුන්ට පැය 24 පුරා ක්‍රියාත්මක චැට්බොට් සේවාවක් සමග සම්බන්ධ වීමටත්, සජීවී පාරිභෝගික සහය සේවාව භාවිත කිරීමටත් හැකියාව ලැබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCCබැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය. DFCC Galaxy දියත් කිරීමට හැකි වීම සම්බන්ධයෙන් තමන් බෙහෙවින් සතුටට පත්වනවා. “මෙය අපට මෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු ක්ෂේත්‍රයටම වැදගත් වන සුවිශේෂී සන්ධිස්ථානයක්. නවෝත්පාදනය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා ආකර්ෂණීය ලෙස බැංකු සේවා ලබාගැනීමට අවස්ථාව සලසා දීමට අප දක්වන උත්සාහය මෙමගින් මනාව පැහැදිලි වනවා. ඩිජිටල් නවෝත්පාදනය සහ එහි භාවිතය යනු DFCC බැංකුවේ අවධානය යොමු වන ප්‍රධානතම අංශ දෙකක්. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ පරිසර සංවර්ධන මූල්‍යකරණය සම්බන්ධ ප්‍රමුඛයා බවට පත්වීම සඳහා DFCC බැංකුව සකස් කර ඇති සැලසුම් තුළ මේ බව පැහැදිලිව දක්වා තිබෙනවා. අභියෝගවලට මුහුණ දිය හැකි සමාජයක් නිර්මාණය කිරීම සඳහා මෙන්ම පරිසර දූෂණය අවම කිරීම සඳහා, Virtual බැංකුකරණය සහ ඩිජිටල් තාක්ෂණය වෙත යොමුවීම අත්‍යවශ්‍යයි. ඒ ගමනේ පුරෝගාමියෙකු වීමට හැකි වීම අපට ආඩම්බරයක්.
595
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
DFCC බැංකුවGalaxyසමගින් නව ගමක