ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards  2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotel හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු පැසිෆික් කළාපයේ වඩාත් ගෞරවාන්විත ජාත්‍යන්තර ව්‍යාපාර සම්මාන උළෙලක් ලෙස සැලකෙන මෙහිදී විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය, නායකත්වය, නව්‍යකරණය සහ සාර්ථකත්වය අගයමින් සම්මාන පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ විදේශවල ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ, රාජ්‍යතාන්ත්‍රිකයෝ, ව්‍යවසායකයෝ සහ වෘත්තිකයෝ රැසක් එක් වී සිටියහ. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස්වරයා සහ මාලදිවයිනේ මැලේසියානු තානාපතිවරයා වන බද්ලි හිෂාම් ඇඩම් සහභාගී විය. ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස ඩයට්මා ඩෝරින්, කිෂූ ගෝමස් සහ රොහාන් පල්ලේවත්ත එක් වී සිටියහ. විශේෂ ආරාධිතයන් ලෙස රියා ෂර්මා, විජයකුමාර් රවුට්, විශ්‍රාමික මේජර් ජෙනරාල් ආර්. ඒ. ජේ. එන්. රණසිංහ, එම්. සෙන්දිල්නාදන්, මාටිනා ගුසාර් සහ ජූගන් පෙයිෆර් සහභාගී වූහ. 

මෙම අවස්ථාවට පැමිණි ආරාධිත අමුත්තෝ ඇන්තනී ඩෙක්ස්චර් ප්‍රනාන්දු, තරිඳු විජේනායක සහ එමරිටා විජේනායක විසින් පිළිගනු ලැබූහ. ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රජාව අතර නායකත්වය, නව්‍යකරණය සහ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාර සබඳතා ශක්තිමත් කිරීමට BWIO-USA සංවිධානය අඛණ්ඩව දායක වන බව මෙම සම්මාන උළෙල හරහා යළිත් තහවුරු කෙරිණි.