IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


AMW-EPICටයරය එළි දක්වයි

 AMW සිය වැඩිදියුණු කළ ටයර් සන්නාමය වන,  “AMW-EPI" එළිදක්වන බව ඉකුත්දා නිවේදනය කළේය. කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ සහ ඇසෝසියේටඩ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඩ් (AMW) නිර්මාතෘ දිවංගත ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ මූලිකත්වයෙන්,  1949 දී සිය කර්මාන්ත ශාලාව ආරම්භයේ සිටම රබර් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සුවිශේෂී උරුමයක් ඇති AMWමෙම නවතම හඳුන්වාදීමත් සමග ටයර් සඳහා වේගයෙන් ඉහළ යන දේශීය ඉල්ලුම සපුරාලීමට අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන්ය.

එසේම, AMW හි මෙම නව හඳුන්වාදීම හරහා පාරිභෝගික සහ වාණිජ යන කාණ්ඩ දෙකෙහිම මෝටර් රථ හිමියන්ට, විශේෂයෙන්ම මිල සහ ගුණාත්මකභාවය යන අංශ දෙකෙන්ම ඉහළ ප්‍රතිලාභයක් හිමිකර දෙනු ඇති බවAMW හි විශ්වාසයයි.

පුළුල් පරාසයක පාරිභෝගික සහ කාර්මික අවශ්‍යතා සපුරාලමින්, AMWසිය නවීන නිෂ්පාදන ක්‍රමවේද සහ කළමනාකරණ ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනිමින් Yamaha Ray ZR, Honda Dio, TVS Scootypep & Ntorqවැනි ස්කූටර් ටයර් එකතුවක්, Yamaha FZ, Suzuki GN 125, Bajaj Discovery, CT 100 සහ Pulsar වැනි යතුරුපැදි ටයර් එකතුවක්, Bajaj, TVS, Mahindraසහ Piaggio වැනි ත්‍රීවීලර් ටයර් එකතුවක් සහ Tata Dimo Battaසහ Mahindra Maxximo වැනි අනෙකුත් සැහැල්ලු වාහන සඳහාද ටයර් එකතුවක් නිෂ්පාදනය කරයි.

මෙම ටයර් කම්පනයට සහ දෙදරීමට එරෙහිව සියයට සියයක්ම පරීක්ෂා කර ඇති අතර, වංගු ගැනීමේදී සහ තිරිංග යෙදීමේදී වැඩිදියුණු කළ ග්‍රහණයක් සමග උපරිම ආරක්ෂාවක් සහතික කර ඇත. මේ නිසාම, සියලුමAMW-EPIC ටයර් අනුපාතික පදනම මත වසර 3ක වගකීමක්ද ලබාදෙයි.

AMW Manufacturingනියෝජනය කරමින් මේ නවතම හඳුන්වාදීම සම්බන්ධයෙන් විරාන් ද සොයිසා මහතා අදහස් පළ කරමින් මෙසේ පැවැසීය. “ශ්‍රී ලංකාවේ ටයර් වෙළෙඳපොළ ආනයන මත දැඩි ලෙස රඳාපැවතීම හේතුවෙන් පසුගිය වසර දෙක තුළ වෙළෙඳපොළෙහි ටයර් හිඟයක් සමග ඇතිවූ ඉහළ යන ඉල්ලුම සපුරාලීම සඳහා දේශීය ව්‍යවසායයක් ලෙස ඉදිරියට යාමට හැකිවීම ගැනAMW ලෙස අප සතුටු වෙනවා. අපගේ නව්‍ය නිෂ්පාදනය දැරිය හැකි මිලකට මෙන්ම, උසස් තත්ත්වයේ ගුණාත්මකභාවයකින් යුතු නිෂ්පාදනයක් ලෙස අවිවාදයෙන් හඳුන්වාදිය හැකියි. එය දේශීය මෝටර් රථ ප්‍රජාවට අත්‍යවශ්‍ය සහනයක් වනු ඇතැයි කියා අපට විශ්වාසයි.”

AMW සියලුම කාර්මික අරමුණු වෙනුවෙන් දැනටමත් ටයර් නිෂ්පාදනයේ නිරත වන අතර, ඔවුන්ගේ අනෙකුත් රබර් නිෂ්පාදන අතරට මෝටර් වාහන සඳහා අවශ්‍ය බුෂ්, හෝස්, රබර් සීල් සහ රබර් කාපට් ඇතුළත් වෙයි.

දැඩි තත්ත්ව පාලන ක්‍රමවේද යටතේ ක්‍රියාත්මක වෙමින්, අති නවීන නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදුකර ඇති AMW Manufacturing ශ්‍රී ලංකාවේ කළුතර නාගොඩ ප්‍රදේශයේ අක්කර 23ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී. එය ISO 9001: 2015 තත්ත්ව කළමනාකරණ පද්ධති තත්ත්ව සහතිකයෙන්, ISO 14001:2015 පාරිසරික කළමනාකරණ පද්ධති තත්ත්ව සහතිකයෙන්ද AMW පිදුම් ලබා ඇත.

595



අදහස් (1)

AMW-EPICටයරය එළි දක්වයි

CC Tuesday, 15 November 2022 11:15 AM

AMW සමාගමේ මෙම කර්මාන්ත ශාලාවට සියළු ශ්‍රීලාංකිකයින්ගේ උත්තමාචාරය හිමි විය යුතුයි. මෙ රටේ රබර් තිබෙනවා ඔබලා එම රබර් සාධාරණ මිලට මිලදී ගෙන මෙම නිෂ්පාදන තව තවත් දියුණු කරන්න. ඔබ ආයතනයේ නිෂ්පාදනය ගුණාත්මක බවින් ඉහලටම ගෙන එන්න එවිට ජාත්‍යන්තරයට අපනයනය කිරීමටත් දේශීය ඉල්ලුම සපුරාලීමටත් ඔබට හැකිවේවි. අපේ රටේ නිෂ්පාදනය කල උසස් ටයරයක් පාවිච්චි කිරීමට ලැබීම පාරිභෝගිකයන් වන සැමට අභමානයක් ඇති කිරීමට එය සමත් වේවි. එවිට ඔබගේ නිෂ්පාදන පිටුපස රට ගැන හිතන සියළු පිරිස් අත්වැල් බැඳගනීවි. ඔබට සදා ජය ඔබගේ නිෂිපාදනවලට ලොව ජයගැනීමට හැකිවේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්
2024 මැයි මස 14 592 0

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැව


හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 307 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 238 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


Toyota ලංකා හවුල්කරුවන්ට ගෞරව ප්‍රණාම
2024 මැයි මස 07 145 0

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota ලංකා (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙ


ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 268 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 55 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 790 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2339 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2008 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site