IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


AMF සහ Arpico ෆිනෑන්ස් මූල්‍ය සමාගම් ඒකාබද්ධ වෙයි

මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පැරණිතම සමාගම් දෙකක් වන ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී සමාගම (AMF) සහ ආර්පිකෝ ෆිනෑන්ස් පී.එල්.සී සමාගම (AFC) කොළඹ කොටස් හුවමාරුවේ (CSE) දී 2021 අප්‍රේල් 01 වැනි දින නිල වශයෙන් ඒකාබද්ධ විය.

දීර්ඝ කාලීන උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවූ මෙම ඒකාබද්ධ වීම සියලුම නීති රෙගුලාසීන්ට අනුකූලව සිදුකර තිබේ. ඒකාබද්ධවූ සමාගම් ද්විත්වය මින් ඉදිරියට AMF නාමය යටතේ සිය අත්දැකීම් හා පළපුරුද්ද උපයෝගී කරගනිමින් ව්‍යාපාර මෙහෙයුම් පවත්වාගෙන යාමට නියමිතය.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් AMF සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී, ටී.එම්.ඒ. සලේ මහතා මෙසේ පැවසීය. “මේ අවස්ථාව අපගේ සමාගමට ඉතාමත් වැදගත් සංධිස්ථානයක් බව මුලින්ම කියන්න කැමතියි. අත්දැකීම් බහුල පළපුරුදු මුල්‍ය සේවා සමාගම් දෙකක හැකියාව, ශක්තීන් ඒකාබද්ධවීම හරහා අනාගත මුල්‍ය සේවා ක්ෂේත්‍රයට ලබාදිය හැකි දායකත්වය බොහෝමයි. මෙය සැබැවින්ම නව පරිච්ඡේදයක ආරම්භය වනවා මෙන්ම සමාගම් දෙකෙහිම පාර්ශවකරුවන්ට වැදගත් ප්‍රතිලාභ හිමිවන ගමනක ආරම්භය වන බවත් කියන්න කැමතියි. මෙතැන් සිට එක් කණ්ඩායමක් වශයෙන් එකම හැඟීමකින් කටයුතු කරමින් පාරිභෝගිකයා අංක එකෙහි තබා සලකන පාරිභෝගික සේවාවක්, විශිෂ්ට මුල්‍ය සේවා හා නිපැයුම් පෙළක් ඔස්සේ ලබාදෙන්නට අපි සූදානමින් සිටිනවා.”

AMF සහ Arpico Financeසමාගම් ශ්‍රී ලංකාවේ පැරණිතම මුල්‍ය සමාගම් දෙකක් වන අතර, එක් එක් සමාගම සතු හැකියාවන් එකතුව, පළපුරුද්ද හා වෘත්තීයභාවය වැනි ප්‍රවීණත්වය නව සමාගම වෙත එකතු කර ඇත. “මේ ඒකාබද්ධකරණයත් සමග තරගකාරීත්වයෙහි උපරිම මට්ටමේ රැඳී සිටිමින් ශ්‍රී ලංකාවේ මුල්‍ය ක්ෂේත්‍රය තුළ පුළුල් මුල්‍ය නිපැයුම් හා සේවා ප්‍රමාණයක් ලබා දෙමින් පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික පදනමක් ගොඩනගා ගන්නට අවශ්‍ය ශක්තිය AMF වෙත හිමිවෙනවා.”

වර්ෂ 1951 දී ස්ථාපිත ආර්පිකෝ ෆිනෑන්ස් පීඑල්සී සමාගම, දශක හතකට ආසන්න කාලයක් මෙරට ශක්තිමත් මූල්‍ය සමාගමක් ලෙසින් පැවතුනකි. මෙම සමාගම ශාඛා 10ක් ඔස්සේ ක්‍රියාත්මක වන අතර සිය ප්‍රධාන ව්‍යාපාර සේවා අතර මූල්‍ය කල්බදු, ස්ථාවර තැන්පතු, පුද්ගලික ණය සහ ඉතුරුම් තැන්පතු ආදිය ඇතුළත් වේ. ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී 1962 වසරේදී ආරම්භ කරන ලද අතර යතුරුපැදි සඳහා ලීසිං පහසුකම් සැපයීමෙහි ප්‍රවීණයෙකි. නව AMF සමාගම ආර්පිකෝ ෆිනෑන්ස් සමාගමේ පළපුරුද්ද සහ ශාඛා 12 කින් සමන්විතය.

 



අදහස් (0)

AMF සහ Arpico ෆිනෑන්ස් මූල්‍ය සමාගම් ඒකාබද්ධ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 530 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 480 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site