මෙරටට පසුගිය වසරේදී ආනයනය කරන ලද ටින් මාළු ප්‍රමාණය 2015 වසර හා සැසඳීමේදී සියයට 16.2කින් පහත වැටී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
වසර 2016 ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින් ඇමැතිවරයා කීවේ ආනයනික මාළු කිලෝවක මිල රුපියල් 102ක් වූ බවත් ආනයනික මාළු කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ බදු මුදල 2015 ජනවාරි මස සිට අඩු කිරීමත් සමඟ 2015 වසරේදී ටින් මාළු ආනයනය ඉහළ ගිය බවත් ය. එසේ විශේෂ වෙළෙඳ බදු මුදල අඩු කළ ද 2016 වසරේදී ටින් මාළු ආනයනය සියයට 16.2කින් පහත වැටී ඇතැයි අමරවීර මහතා කීවේය.
වසර 2016 දී මෙරටට ආනයනය කර ඇති ටින් මාළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29,994කි. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ ‘ධීවර සංඛ්‍යා දත්ත 2016’ වාර්ෂික වාර්තාවට අනුව 2015 වසරේදී මෙරටට ආනයනය කරන ලද ටින් මාළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 49,016ක් වන අතර 2014 හා 2013 වසරවලදී පිළිවෙළින් ටින් මාළු මෙට්‍රික් ටොන් 19,591ක් හා 21,835ක් ආනයනය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
607
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2016 ටින් මාළු ගෙන්වීම අඩු වෙලා
ශාන්ත Monday, 09 January 2017 06:27 PM
අපුරු දෙයක්. පිටරටවල ධිවර කර්මාන්තය කරන්න අපේ රටේ අය දෙන සහයෝගය මේ ගෙනෙන ටොන් ගණන දැක්කම පේනවා. මේවා පාවිච්චිය අඩුවෙන්නේ රසයෙන් හා තත්වයෙන් බාල ඒවා ගෙන්වන නිසා (නි)