දැඩි නියං කාලගුණය නිසා පීඩාවට පත්ව සිටින උතුරු හා නැගෙනහිර පළාත්වල ගොවි පවුල් වලට සහන සැළැසීමට රජය සැරසේ.
නියඟය නිසා දැඩි පීඩාවට පත්ව සිටින ගොවි පවුල් වලට තාවකාලික ආදායම් මාර්ගයක් සළසා දීමට රුපියල් ලක්ෂ 13000 වෙන්කෙරෙන කැබිනට් පත්‍රිකාවකට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
ගණන් ලබා ඇති පරිදි ගොවි පවුල් 111500 ක් නියඟය නිසා ගොවිතැන් කිරීමට තබා දෛනික කටයුතු වලට පවා ජලය සපයාගත නොහැකිව සිටී.
නියඟය පවතින ප්‍රදේශයන්ගේ ඇති ජලාශ, වැව්, ළිං ආදියේ රොන් මඩ ඉවත් කර, වැඩි ජල ප්‍රමාණයක් රදවා ගත හැකිවන සේ ඒවා ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වලට නියං සායෙන් පීඩා විදින පවුල් වල අයවලූන්ටද අවස්ථාව ලබා දීමට සැළසුම් කර ඇත. ඔවුනට දින 8 සිට 12 දක්වා ප්‍රමාණයක් වැඩෙහි යෙදීමට සිදුවනු ඇති අතර ඒ වෙනුවෙන් ඔවුනට දීමනාවක්ද ලබා දේ.
ඉවත්කර ගන්නා රොන් මඩ ප්‍රදේශයේ ඇති ගඩොල් හා උළු නිශ්පාදනාගාර වෙත ලබා දෙනු ඇත.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්ගේ පවතින දැඩි නියං කාලගුණය නිසා මෙවර වී අස්වැන්න ගතවූ වසර 6 ක කාලය පුරාවට වාර්තාවූ අඩුම අස්වනු ප්‍රමාණය වනු ඇතැයි පැවසේ.
මෙනිසා වෙළදපොල සහල් හිගයක් ඇතිවීම හා සහල් මිල ඉහළ යාම වැළැක්වීම සදහා සහල් ආනයනය කිරීමට පනවා තිබූ කොන්දේසි තාවකාලිකව ලිහිල් කිරීමටද රජය කටයුතු කර තිබේ.
මෙම මස අවසානය වන විට සහල් මෙට්‍රික් ටොන් 100 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇතැයිද සදහන්ය.
හදිසියේම මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව වී ඇත්තේ ඊසානදිග හා දැනට ක්‍රියාකාරීව පවතින නිරිතදිග මෝසමෙන් අපේක්ෂිත පරිදි වැසි නොලැබීමයි.
නිරිතදිග මෝසම තවත් මාස 2 ක් පුරාවට ක්‍රියාත්මකව පවතිනු ඇති වුවද එම කාලයේදීත් ප්‍රමාණවත් පරිදි වැසි වැටීමක් අපේක්ෂා කළ නොහැකි බවක් මෝසමේ වත්මන් ක්‍රියාකාරීත්වය සැළැකීමේදී පෙනෙන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ගේ චන්දෙන් තමයි ඔබතුමන්ලා ඔත ඉන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම පිහිට වෙන්නම අවශ්‍යයි (දී)
අසරණ මිනිසුන් වෙනුවෙන් අපට කල හැකි දෙයක් කරමු (දී)
මේ නියගයක් කරන අපරාධයක් (දී)
අසරණ මිනිස්සුන්ට පිහිට වියයුතු කාලයක් (දී)
වනාන්තර කාන්තාර වෙනකොට වැහි වල කුළු රැදේවිද ?(දී)
වැව් ටික හාරා ඉක්මනට ප්‍රතිසංස්කරණය කර දෙන්න. සැප්තැම්බර් අග වහින්න පුලුවන් (නි)
වැව් ටික හාරා ඉක්මනට ප්‍රතිසංස්කරණය කර දෙන්ඩ. සප්තැම්බර් අග වහිනවා. අාදාර නොදුන්නත් ඡන්දෙ අපි දෙනවා. (නදී)
ඡන්දෙ දුන්න මිනිස්සුන්ව අමතක කළොත් ,ලබන පාර ගෙදර යන්ඩ වෙයි. ගොයියෝඕ.(අ)
මේක මිට කලින් කරන්න තිබ්බේ (දී)
වතුර නැති උනාම කවුරුවත් නැහැ (දී)
ගස් කපන්න එපා මිනිසුනේ (දී)
ලෝකෙටම බෙදන්න සල්ලි තියෙනවා අපේ රටට (දී)
සත්තු වෙනුවෙනුත් යම් වැඩ පිළිවෙලක් කරනවානම් නේද හොඳ (දී)
පින්සිද්ද වෙනවා මහත්තයෝ (දී)
මොකද මේ හදිස්සියේ පලස්තීනයට සල්ලි යවන්නේ මේ ප්‍රදේශ වල අස්රම මිනිස්සුන්ට ඒ සල්ලි වියදම් කලානම් නරකද (දී)
අසරණ ජනතාවට බිමට වතුර පොදක් දීමත් පිනක් (දී)
අනිවාර්යයෙන්ම කලයුතුයි (දී)
පලස්තීනයට යවන්න තරම් සල්ලි තියෙන රටක් මේක (දී)
පැරකුම්බා කෙනෙක් හිටියයි අපේ රටේ... වැසි දිය පවා යෙදුවේ දියුණුවට රටේ! හැමදේ දියුණු වූ මේ වගේ අද කාලේ.... විසඳුම් හොයයි නියඟය ආපසු රාළේ... පැරකුම් රජුන් සිටියානම් අද කාලේ... හදවත පැලී මියයයි සැක නැහැ රාළේ! (නි)
ලංකාවට ගිය කලක් (දී)
සන්තෝසයි වැදගත් වැඩක් (දී)
අපි මිනිස්සු ගැන වගේම මේ වෙලාවේ අහිංසක සත්තු ගැනත් හිතන්න ඕනේ (දී)
දිය පොදක් නැති මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් දෙන එකත් මහත්වූ පිනක් (දී)
ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් රජය මේ ගෙන ඇති ක්‍රියාමාර්ග වලට මගේ පුර්ණ සහාය (දී)
මේ අසරණ මිනිස්සුන්ට කරදරයක් රටක් විදිහට අපි එකා වගේ උදව් කරන්න ඕනේ (දී)
වතුර ටිකක් දෙනවද බොන්න (දී)
මේවා කරන්න කලින් මේ මිනිසුන්ට වතුර ටිකක් දීල හිටිය නම්; (දී)
පව් අහිංසක ජනතාව (දී)
වැස්සාම මේවා මතක නැහැ (දී)
මේ සත් ක්‍රියාවට අපිත් සහයෝගය දෙන්නම් (දී)
අසරණ උණු අයට පිහිටක් වෙමු (දී)
පානිය ජලයවත් නැතිව මොන තරම් දුකක් විදිනවාද? (දී)
රටක් විදිහට එකතු වෙන්න (දී)
අම්මෝ වඩාත් ප්ලැන් කරලා බොලේ (දී)
හෙට මේවා මතක නැහැ ආයිත් ගස් කපනවා (දී)
ආවට වැඩක් වෙයිද (දී)
ගස් ටික කපලා දැන් උඩ බලාගෙන ඉන්නවා (දී)
හේවාවිතාරණ මහතාගේ අදහස මසුරන්. අනික් එක ගස් කප කපා වානාන්තර කාන්තාර බවට පත් උනාම වැහි වලා කුළු රැදෙවිද ? (දී)