IMG-LOGO

2023 දෙසැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


මහජන බැංකුවට රු.බි. 9.4 ඒකාබද්ධ බදු පෙර ලාබයක්

 

මහජන බැංකුව, 2023 වසරේ ජූනි 30 න් අවසන් වූ වර්ෂයේ ප්‍රථම අර්ධය සඳහා සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම සහ බදු පෙර ලාබය පිළිවෙලින් රුපියල් බිලියන 48.2 ක් සහ රුපියල් බිලියන 9.4 ක් ලෙස වාර්තා කර ඇති බව නිවේදනය කර තිබේ. (2022 වසරේ ප්‍රථම අර්ධයේ දී  සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම සහ බදු පෙර ලාබය පිළිවෙලින් රුපියල් බිලියන 80.7 සහ රුපියල් බිලියන 15.2 වූ බවද එම නිවේදනයේ සඳහන්ය.

ඉහළ පොලී පිරිවැය හේතුවෙන් මහජන බැංකුවේ කාලීන තැන්පතු අරමුදල් ආශ්‍රිත පිරිවැය ඉහළ යාම නිසා 2022 වර්ෂයට සාපේක්ෂව 2023 ප්‍රථම අර්ධය තුළ වාර්තා වූ ඒකාබද්ධ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 31.4 දක්වා පහත වැටුණි. එහි දී වාර්තා වූ ඒකාබද්ධ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 7.9 ක් වූ අතර, එය 2022 අදාළ කාල සීමාවට සාපේක්ෂව එක් වරක් පමණක් බලපාන අයිතමයන් හැරුණු කොට සියයට 6.0 කට ආසන්න වර්ධනයකි.

2022 වසරේ ප්‍රථම අර්ධයේ අවසාන භාගයේ දී අධික උද්ධමනය නිසා ඇති වූ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් වියදම් සියයට12.98 කින් ඉහළ ගිය අතර, එහි අගය රුපියල් බිලියන 30.2කි. (2022 ප්‍රථම අර්ධයේ රුපියල් බිලියන 26.7). මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතනවලට සාපේක්ෂව මෙම අගයන් සංසන්දනය කරන විට, පිරිවැය පාලනය කිරීම සඳහා මහජන බැංකු සමූහයේ කැප වී ඇති බව පෙනේ.

සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකාර තැන්පතු රුපියල් බිලියන 2,565.4 දක්වා වර්ධනය වූ අතර, එය සියයට 4.7 ක ප්‍රතිශතයකි. එමෙන්ම ඒකාබද්ධ ශුද්ධ ණය සියයට6.7 කින් පහත වැටුණු අතර, එහි අගය රුපියල් බිලියන 1,788.0 කි. මෙය මූලික වශයෙන් මහජන බැංකුවේ විදේශ මුදල් ආශ්‍රිත ණය සඳහා රුපියලේ අගය ඉහළ යාමේ බලපෑම පිළිබිඹු කළ අතර, ණය වර්ධනයේ දී බැංකුව සහ සමූහය යන දෙකම අනුගමනය කළ 'පූර්ව ආරක්ෂක ක්‍රමවේදවල සාර්ථකත්වය ද පෙන්නුම් කරයි. ඒ අනුව 2023 වසරේ ප්‍රථම අර්ධය අවසානයේ මහජන බැංකුව වාර්තා කළ මුළු ඒකාබද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 3,047.5 ක් ලෙස වාර්තා විය. (2022 ප්‍රථම අර්ධය අවසානයේ : රුපියල් බිලියන 3,133.1 කි).

2023 ජූනි 30 දිනෙන් අවසන් වූ වසරේ ප්‍රථම අර්ධය තුළ මහජන බැංකුව වාර්තා කළ පළමු පෙළ සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණත්මතා අනුපාත පිළිවෙලින් සියයට11.7 සහ සියයට15.9 කි.

බැංකු ක්ෂේත්‍රයේ අවදානම අඩු කිරීම වෙනුවෙන් හඳුන්වා දී ඇති ජාත්‍යන්තර නියාමන ගිවිසුමක් වන බාසල් 111 ක්‍රියාත්මක කිරීම 2017 ජූලි 1 වැනි දින සිට ආරම්භ කිරීමත් සමඟ මහජන බැංකුවේ ණය ආපසු ගෙවීමේ හැකියාව ඉතා ප්‍රශස්ත මට්ටමක පවතින අතර, මහජන බැංකුවේ නියාමන ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ අනෙකුත් වැඩසටහන් ද වර්තමානය වන විට සාර්ථක ව ක්‍රියාත්මක වෙමින් පවතී. මීට අමතරව, අදාළ කාල සීමාව තුළ මහජන බැංකුව, සිය සියලු මූලික නියාමන ක්‍රියාමාර්ග සාර්ථකව සපුරා ඇත.

මහජන බැංකුව සහ සමූහය වාර්තා කළ ප්‍රතිඵල 'පිළිබඳ ව අදහස් දැක්වූ එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා  මෙසේ පැවසීය. සංකීර්ණ අභියෝග රැසක් සහ ඉතා වේගයෙන් වෙනස් වන සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ මහජන බැංකුව වාර්තා කළ ප්‍රතිඵල පිළිබඳව අපි සතුටට පත්වෙනවා. වර්තමානය වන විට උද්ගත වී ඇති බොහෝ සීමාකාරී සාධක නොතකමින්, 'අපගේ ව්‍යාපාරික 'අංශ ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රතිලාභ අපි අත්විඳිමින් සිටිනවා. අනාගතය දෙස බලන විට, ධනාත්මක ඉදිරි ගමනක ලකුණු පෙන්නුම් කරන අතර, ආර්ථිකයේ තීරණාත්මක ක්ෂේත්‍ර වර්ධනය කිරීම වෙනුවෙන් මහජන බැංකුව අඛණ්ඩව රජයට සහයෝගය ලබා දෙන බවත් අවධාරණය කිරීමට කැමතියි. මූල්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම වෙත 'ප්‍රමුඛතාව ලබා දෙමින් ක්‍රියාත්මක වන මහජන බැංකුව විශේෂයෙන් අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ජනතාව වෙත නව්‍ය මූල්‍ය සේවා සහ ඩිජිටල් සේවා ගෙන යාමට මූලික අවධානය යොමු කරනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, රුපියල් ට්‍රිලියන 3කට අධික ඒකාබද්ධ වත්කම්වලට සහ රුපියල් ට්‍රිලියන 2.5ක ඒකාබද්ධ තැන්පතුවලට හිමිකම් කියන අතර, දිවයින පුරා විශාලතම ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 747ක ජාලය සමඟින් මිලියන 14.7 කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවය සපයයි.

595

ඡායා - මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි, සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා



අදහස් (0)

මහජන බැංකුවට රු.බි. 9.4 ඒකාබද්ධ බදු පෙර ලාබයක්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ලංකාවේ ත්‍රිරෝද රථ මිලියන 1.2ක් විදුලි බලයෙන් ධාවනය කරවීමේ සැලසුමක්
2023 දෙසැම්බර් මස 07 19 0

මෙරට තුළ ධාවනය වන ත්‍රිරෝද රථ මිලියන 1.2කට අධික සංඛ්‍යාවක් සඳහා පරිසර හිතකාමී හා සහනදායී විසඳුමක් හඳුන්වා දීමට Lanka e-Mobility Solutions පෞද්ගලික සමාගම (LeMS) පියවර ගෙන ති


හේලීස් සෝලා වෙතින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක ජල පොම්ප
2023 දෙසැම්බර් මස 05 175 1

ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්තිය ආශ්‍රිත නිෂ්පාදන සපයන්නකු වනHayleys Solar විසින් ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප වෙළෙඳපොළට හඳුන


කොමර්ෂල් බැංකුවේ ශේෂ පත්‍රයේ වර්ධනයක්
2023 දෙසැම්බර් මස 04 123 0

ණය දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කොමර්ෂල් බැංකු සමූහය 2023 තුන්වැනි කාර්තුවේදී දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 51.404කින් ඉහළ නංවා ඇති අතර, මාස තුන


සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි පිලට ‘ෆස්ට් කැපිටල්’ අනුග්‍රහය දෙයි
2023 දෙසැම්බර් මස 04 277 1

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ ප්‍රධානතම සහ පැරණිතම රග්බි සමාජයක් වන සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ මෙවර පළමු කොටසේ රග්බි තරගාවලියේ ‘පැලැටිනම්’ අනුග්‍රහක


SMSහෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නව තරුණ ජවය
2023 නොවැම්බර් මස 28 492 0

ඉදිකිරීම් සහ භූමි අලංකරණය, සංචාරක කර්මාන්තය, දේපළ වෙළෙඳාම්, ආරක්ෂණ සේවා ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් පුරා විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන SMS හෝල


ජෝන් කීල්ස් පෝෂණ දිරියට වසරක් සපිරේ
2023 නොවැම්බර් මස 27 129 1

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදු වූ මුල් කාලයේදීම ජෝන් කීල්ස් සමූහය විසින් සෞඛ්‍ය හා පෝෂණය, අධ්‍යාපනය සහ ජීවනෝපාය මාර්ග සංවර්ධනය යන ප්‍රධ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 977 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 737 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4710 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site