
විෂන් කෙයා ආයතනය සිය පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක අක්ෂි සහ ශ්‍රවණ සත්කාර විසඳුම් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණෙන් අතිනවීන පහසුකම් සමඟ අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ රෝග විනිශ්චය ඒකකයක් කුරුණෑගල ශාඛාවට එක් කරන ලදී.
මෙම නවතම ඒකකය විවෘත කිරීමේ උත්සවයට අක්ෂි ශල්‍ය වෛද්‍ය සරත් තෙන්නකෝන්, අක්ෂි ශල්‍ය වෛද්‍ය අනෝමා ජයතිලක, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් නාරංගොඩ, උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍ය ඒ.බී. කිරිදෙන, උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මාදවික දයාරත්න, විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා සහ කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහභාගි වූහ.
කුරුණෑගල, උඩුවල්පොල පාර, අංක: 22/2, Aselro ගොඩනැගිල්ලේ 3 වන මහලේ පිහිටි විෂන් කෙයා කුරුණෑගල ශාඛාව විසි වසරකට අධික කාලයක් පුරාවට කුරුණෑගල නගරයේත් ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන් සඳහාත් ජාත්‍යන්තර ඉහළ ප්‍රමිතීන්ට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවා ලබා දෙන ලදී. මෙම නව අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ රෝග විනිශ්චය ඒකකය හරහා රෝගීන්ට අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත රෝග සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් සේවා, OCT, දෘෂ්‍ය ක්ෂේත්‍ර පරීක්ෂණ (Visual Field Test), Fundus Photographyසහ Vision Therapy ඇතුළු පුළුල් පරාසයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත පරීක්ෂණ සේවා රැසක් ලබා ගැනීමට හැකි වේ.
595


2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විෂන් කෙයා කුරුණෑගල ශාඛාවට නවතම ඒකකයක්