IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොටස් වෙළඳපොළ රුපියල ස්ථාවර වෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් නාම යෝජනා බාර දීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල අද (8) 182.57ක් ලෙස සටහන්ව තිබිණි.

ඒ අනුව සඳුඳා 183.07ක් ලෙස දැක්වුණු විකුණුම් මිල ඊයේ තවදුරටත් පහළ ගිය අතර ශ්‍රී ලංකා රුපියලේ අගය වැඩි විය.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ගැනුම් මිල අද (8) 178.90ක් ලෙස සටහන් වී තිබිණි.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් නාම යෝජනා බාර දීමත් සමඟ ආයෝජකයන්ගේ විශ්වාසය නැවත වරක් ඉහළ යෑම ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවද දැක්වේ.

කෙසේ නමුත් දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කරන තුරු ආයෝජකයන් විමසිල්ලෙන් බලා සිටින බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

පසුගිය සතියේ සිකුරාදාට (4) වඩා සඳුඳා (7) ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූ බවත් මේ වසරේ මේ දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 0.97 % කින් ඉහළ ගිය බවත් රොයිටර් පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල පසුගිය සතියේ බදාදා (2) 184.03ක් ලෙසත් බ්‍රහස්පතින්දා (3) 183.55ක් ලෙසත් සිකුරාදා (4) 183.21ක් ලෙසත් මේ සතියේ සඳුඳා (7) 183.07ක් ලෙසත් දැක්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව පසුගිය සතියේ සිකුරාදා දක්වා මේ වසරේ ගත වූ කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය  0.6% කින් ඉහළ ගොස් තිබේ.

එම කාලයේදී ස්ටාර්ලිං පවුමට සාපේක්ෂව 3.3% කින් ද යුරෝවට සාපේක්ෂව 4.8%කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව 2.2% කින් ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ. කෙසේ නමුත් ජපානයේ මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 2.7% කින් පහළ වැටී තිබේ.



අදහස් (1)

කොටස් වෙළඳපොළ රුපියල ස්ථාවර වෙයි

Prasanna Tuesday, 08 October 2019 12:39 PM

මේ ආර්ථික සුරංගනා කතා ඇහුවම ගමේ පෙට්ටිකඩේ මුදලාලිටත් හිනායනවා. රටක ජනපතිවරණයට නාම යෝජනා දුන්නම කොටස් මිල, ඩොලර් රේට් අඩුවැඩි වෙන්නේ සිරියාවේ, ඉරාකේ, සෝමාලියාවේ වගේ ආර්ථිකේ අළු දූවිලි වෙච්ච රටවල... ලංකාවේ නාම යෝජනා දුන්නයි නොදුන්නැයි කියලා වෙනස දැනෙන්නේ, මෙහේ ඉන්න මෝඩ පක්ෂ ගැත්තන්ට විතරයි. ගිය අගෝස්තුවල මුඩිස් රිපෝර්ට් එකේ තිබුණු අපේ ආර්ථිකේ හරිම තත්වේ.... මුඩිස්ට අනුව ලංකාව තියෙන්නේ ඉතාම අවදානම් ආයෝජක රටක් හැටියට. ඉතාම දැඩි අවදානම් මට්ටමේ ඉඳලා චුට්ටක් උඩින් ලංකාව තියෙන්නේ. 19/11/2018 ලංකාව බී 1 රින මට්ටමේ ඉඳල 8/10/19 වෙන කොට බී2(ස්ථාවර) දක්වා පහත වැටිලා තියෙනවා. තව යන්න තියෙන්නේ, සමස්ථ ආර්ථික කඩාවැටීමකට විතරයි. ඉතින් නාමයෝජනා ගැන කරන විහිලුවට ඇනෙස්ලි, බර්ටි පරාදවෙනවා. මහා බැංකුවෙන් ඩොලර් එක බේරා ගන්න ඩොලර් සංචිතවල ටැප් එක ඇරලා කියලා තමයි ආරංචි... හොරාම මිනිස්සු හිඟමනට දානවා. ඡන්ද උණුසුමේ... අන්න නාම යෝජනා නිසා, රට උඩට ගන්න හැටි අපේ ඇමැති ගව රැල... 17/11/19 න් පස්සේ රටට හිඟා නොකා හිඟා කන්න වෙනවා.

:       51       43

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site