IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සෙලාන් කාඩ්පත් හිමියන්ට Daraz.lk වෙතින් විශේෂ වට්ටම්

සෙලාන් බැංකුව සහ Daraz.lk අතර ඇතිකරගත් ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙන්, සෙලාන් කාඩ්පත් හිමියන්ට Daraz.lk වෙතින් භාණ්ඩ මිලදී ගැනීමේ දී දැන් සුවිශේෂී වට්ටම් හිමි වන බව සඳහන් කරයි.

මේ අනුව සෑම සිකුරාදා දිනකම Daraz.lk වෙතින් භාණ්ඩ මිලදී ගැනීමේදී සෙලාන් කාඩ්පත් හිමියන්ට සියයට 10 ක වට්ටමක් හිමිවනු ඇත. එක් කාඩ්පතකට වලංගු ගනුදෙනු දෙකක් සඳහා රු. 1,000 ක උපරිමයකට යටත්ව හිමිවන මෙම දීමනාව, සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මෙන්ම ඩෙබිට් කාඩ්පත් සඳහා ද වලංගු වේ.

එමෙන්ම සෙලාන් කාඩ්පත් හිමියන්ට තම ගනුදෙනුව මාස 12 ක හෝ මාස 24 ක කාලයක් සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කරගැනීමට ද අවස්ථාව සලසා දී ඇත. රු. 10,000 ත් රු. මිලියනයත් අතර ගනුදෙනු මේ ආකාරයට පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම බවට පරිවර්තනය කරගත හැකි වේ.

මීට පෙර ද සෙලාන් කාඩ්පත් මෙරට ප්‍රමුඛතම අන්තර්ජාල අලෙවිසැල වන Daraz.lk සමඟ අත්වැල් බැඳගෙන සිය ගනුදෙනුකරුවන්ට විවිධ දීමනාවන් පිරිනමා තිබේ. ඉතාම පුළුල් පරාසයක පැතිරුණු භාණ්ඩ හා සේවාවන් මිල දී ගැනීමට අවස්ථාව සලසා දෙන Daraz.lk මෙරට පාරිභෝගිකයන් අතර ජනප්‍රියම විද්‍යුත්-වාණිජ වෙබ් අඩවියකි.

595



අදහස් (1)

සෙලාන් කාඩ්පත් හිමියන්ට Daraz.lk වෙතින් විශේෂ වට්ටම්

අපි නොදන්න ... Thursday, 30 March 2023 12:41 PM

කොහොඹ ගහේ කරිවිල වැල ගියා වගේ කියන්නේ මෙන්න මේවට තමයි. මරු ජෝඩුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 223 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site