IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


එයිට්කන් ස්පෙන්ස් සහ CINEC කැම්පස් නව රැකියා විවර කරයි

එයිට්කන් ස්පෙන්ස් එලිවේටර්ස් (පුද්ගලික) සමාගම සමග ඒකාබද්ධව CINEC සරසවිය විසින් පවත්වාගෙන යනු ලබන, විදුලි සෝපාන සහ විද්‍යුත් තරප්පු පෙළ සඳහා වන තාක්‍ෂණික ශිල්පීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ පුහුණුව ලද පළමු කණ්ඩායම පසුගියදා සිය ඩිප්ලෝමාව සම්පූර්ණ කළේය.

වර්තමානයේ පවතින කාර්යබහුල වෘත්තීමය අවශ්‍යතා අනුව, ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙන්ම භාණ්ඩ ප්‍රවාහන සහ සේවා සැපයීම් ක්ෂේත්‍රයේත් විශාල පරාසයක අවශ්‍යතා පිරිමසාලීම සඳහා තිරස් මෙන්ම සිරස් විදුලි සෝපාන අවශ්‍යවේ.

මෙම සිරස් සහ තිරස් ප්‍රවාහන ක්ෂේත්‍රයේ අවශ්‍යතා මැනවින් හසුරුවා ගැනීම සඳහා වෘත්තීයමය වශයෙන් අවශ්‍ය දැනුම සහ සුදුසුකම් ලත් කණ්ඩායම් සපයා දීමේ අරමුණ ඇතිව, මෙම විදුලි සෝපාන තාක්‍ෂණික ශිල්පීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය අරම්භ කරන ලදී. එය පූර්ණ වශයෙන්ම එයිට්කන් ස්පෙන්ස් එලිවේටර්ස් (පුද්ගලික) සමාගම සමග ඒකාබද්ධව CINEC සරසවිය විසින් පවත්වාගෙන යනු ලබන්නකි.

මෙම ඩිප්ලෝමාව, සිසුන්ට සහ කාර්මික ශිල්පීන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ස්ථාවර පදනමක් සපයයි. එමෙන්ම, එය විදුලි සෝපාන කාර්මික ක්ෂේත්‍රයේ නියැලි පාර්ශවකරුවන් සඳහා සහතික ලත් ශිල්පීන් පිරිසක් ද ශ්‍රම වෙළෙඳපොළ තුළ නිර්මාණය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි සෝපාන පුහුණු මධ්‍යස්ථානය විවෘත කරන ලද්දේ 2022 අප්‍රේල් මාසයේ දීය. එහි පාඨමාලාව සම්පූර්ණ කළ ප්‍රථම කණ්ඩායම 2023 ජනවාරි 9 වැනිදා සිය ඩිප්ලෝමාව ලබා ගත්තේය. විදුලි සෝපාන හැසිරවීම සම්බන්ධයෙන් සිසුහු 15 දෙනෙක්, ජාතික වෘත්තීමය සුදුසුකම් සහිත (NVQ 3 වැනි මට්ටමේ) ඩිප්ලෝමාව ලබාගත්හ. මෙම ඩිප්ලෝමාව ලබාගැනීමේ සැමරුම් උත්සවය මහත් ආනන්දජනක විය.

ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සිනෙක් සරසවියේ අධ්‍යක්‍ෂවරු මෙන්ම ආචාර්යවරුන් සහ උපාධිධාරී සිසුන්ගේ ආරාධිතයන් ද, එයිට්කන් ස්පෙන්ස් සමාගමේ සහ සිනෙක් සරසවියේ කාර්ය මණ්ඩලය ද සහභාගී විය.

රොෂාන් සම්පත් කුමාර, පාඨමාලාවේ ඉහළම ලකුණු ලබාගනිමින්, පළමු කණ්ඩායමේ විශිෂ්ටයාගේ ස්ථානයට පත් විය.

විදුලි සෝපාන තාක්‍ෂණික ඩිප්ලෝමාව හදාරන සිසුන් න්‍යායික සහ ප්‍රායෝගික යෙදවීම් යන අංශ දෙකෙන්ම සුවිශේෂී මට්ටමකට අධ්‍යාපනය ලබනු ඇත. එදිනෙදා කටයුතුවල දී ඔවුන් මුහුණ දෙන, සැබෑ ජීවිතයේ අර්බුදකාරී අවස්ථා සඳහා ඔවුන් සූදානම් කරවයි.  

එයිට්කන් ස්පෙන්ස් එලිවේටර්ස් (පුද්ගලික) සමාගම වසර 32කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Otis විදුලි සෝපාන සහ විද්‍යුත් තරප්පු පෙළ සැපයීම, ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීම සඳහා වගකීමක් සහිතව කටයුතු කරයි.

595



අදහස් (0)

එයිට්කන් ස්පෙන්ස් සහ CINEC කැම්පස් නව රැකියා විවර කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 667 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 849 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site