ශ්‍රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීම සහ ආපදා ප්‍රතිචාර හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, නෙදර්ලන්තයේ පිහිටි ලොව ප්‍රමුඛතම Rescue Solutions නිෂ්පාදකයකු වන Holmatro Rescue සන්නාමය ලංකාවට හඳුන්වා දීම Marlbo Trading Company සතුටින් නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම මාර්ග අනතුරු, ගිනි අනතුරු, කර්මාන්තශාලා හදිසි අවස්ථා, ගොඩනැගිලි කඩාවැටීම් සහ ස්වාභාවික ආපදා හේතුවෙන් විශාල පිරිසක් මිය යන අතර තවත් දහස් ගණනක් තුවාල ලබති. මෙම අවස්ථා බොහොමයකදී ජීවිත බේරාගැනීමට ඉතා වේගවත් සහ කාර්යක්ෂම ගලවා ගැනීමේ මෙහෙයුම් කිරීම අත්‍යවශ්‍ය වේ.
හදිසි අවස්ථාවකදී සෑම තත්පරයක්ම වටිනා අතර වාහනයක සිරවී සිටින පුද්ගලයකු වෙත ප්‍රවේශ වීම, ගිනිගත් ගොඩනැගිල්ලකට ආරක්ෂිතව ඇතුළු වීම, කඩා වැටුණු ව්‍යුහයක් තුළ සිරවී සිටින පුද්ගලයන් වෙත ළඟාවීම හෝ ආපදා අවස්ථාවකදී වේගවත් ප්‍රතිචාර දැක්වීම වැනි කාර්යයන් සඳහා නවීන Rescue Tools  අත්‍යවශ්‍ය වේ.
ලොව පුරා දියුණු රටවල්වල ගිනි නිවීම් සහ ගැලවීමේ සේවා, ගුවන් තොටුපොළ ගැලවීමේ ඒකක, හමුදා, පොලිස් විශේෂ ඒකක සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් අද වන විට නවීන Rescue Technologies භාවිතයෙන් ගැලවීමේ කාලය අවම කරමින් ජීවිත රැකගැනීමේ සාර්ථකත්වය ඉහළ නංවා ඇත.
වසර 50කට අධික කාලයක් පුරා Holmatro Rescue  විසින් ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවක හදිසි ප්‍රතිචාර ආයතන සඳහා Vehicle Extrication Tools, Forcible Entry Solutions, Technical Rescue Equipment සහ Disaster Response Systems සපයා ඇති අතර, ගෝලීයව විශ්වාසදායක  Rescue Brand එකක් ලෙස පිළිගැනේ.  
 ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්‍රියාන්විත කාර්යක්ෂමව කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, Marlbo Trading Company විසින් Holmatro Fire & Rescue Seminar & Live Practical Demonstration වැඩසටහන සංවිධානය කර ඇත.
මෙම වැඩසටහන තුළ පහත මාතෘකා ආවරණය කෙරේ.
● Vehicle Extrication සඳහා නවීන Hydraulic Rescue Tools
●  ගිනි නිවීම් සහ හදිසි ප්‍රතිචාර සේවා සඳහා  Rescue Solutions
● නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ ආරක්ෂක මෙහෙයුම් සඳහා Forcible Entry Tools
●  ගොඩනැගිලි කඩාවැටීම් සහ ආපදා තත්ව සඳහා Rescue Equipment
●  Holmatro Rescue Technologies පිළිබඳ Live Practical Demonstrations
මෙම වැඩසටහන සඳහා ගිනි නිවීම් හා ගැලවීමේ සේවා, මහ නගර සභා, ගුවන් තොටුපොළ ගැලවීමේ ඒකක, ත්‍රිවිධ හමුදා, පොලිසිය, ආපදා කළමනාකරණ ආයතන, කර්මාන්තශාලා හදිසි ප්‍රතිචාර කණ්ඩායම්, වරාය හා උපයෝගිතා ආයතන සහ ආරක්ෂක වෘත්තිකයන් සහභාගී වීමට අපේක්ෂා කෙරේ.
Marlbo Trading Company  ප්‍රකාශකයකු මෙසේ සඳහන් කළේය.
“අද හදිසි ආපදා අවස්ථා වඩාත් සංකීර්ණ වන බැවින් නවීන Rescue Equipment  සහ Rescue Techniques වල අවශ්‍යතාව පෙර කවරදාටත් වඩා වැඩි වී ඇත. Holmatro Rescue සමග අපගේ සහයෝගීතාව හරහා ලංකාවේ හදිසි ප්‍රතිචාර ආයතන වෙත ලෝක මට්ටමේ Rescue Solutions හඳුන්වා දීමෙන් ජීවිත රැකගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට අප බලාපොරොත්තු වෙමු.”