විමුක්ති එස් රුද්‍රිගු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම තීරණයෙන් ආයෝජකයන්ගේ විශ්වාසයට තර්ජනයක් එල්ල වන බවත් ඉන් පුනර්ජනනීය බලශක්ති අභිලාෂ අඩපණ කරන බවත් එම සංගමය පැවැසුවේය.
සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ජාලක ස්ථායිතාව සඳහා යැයි කියමින් අප්‍රේල් උත්සව සමයේදී සූර්ය බලශක්ති උත්පාදනය සීමා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ගත් ඒකපාර්ශ්වික තීරණය දැඩිව විවේචනය කර ඇත.
පූර්ව උපදේශනයකින් හෝ වන්දි ගෙවීමකින් තොරව ගනු ලබන මෙවැනි ක්‍රියාමාර්ග, රටේ පිරිසුදු බලශක්තියේ අනාගතය සඳහා ‘‘ගැඹුරු ලෙස කනස්සල්ලට කරුණක් වන පූර්වාදර්ශයක්” සපයන බව එම සංගමය අවධාරණය කළේය. සූර්ය බලශක්ති විදුලිබල පද්ධති හිමිකරුවන් සැලකිය යුතු ආයෝජනයක් සිදුකර ඒවා ලබාගෙන ඇති බවත් එම ආයෝජනය සඳහා බොහෝ දෙනා බැංකුවලින් ණය ලබාගෙන ඇති බවත් එම සංගමය පැවැසුවේය.
එම මූල්‍ය වගකීම් සපුරාලීමට ආයෝජකයන් අඛණ්ඩ විදුලි උත්පාදනය මත විශ්වාසය තබා ඇති බවද එම සංගමය ප්‍රකාශ කළේය. මෙම හදිසි කප්පාදුව නේවාසික සහ වාණිජ සේවාදායකයන් යන දෙපිරිසටම බලපාන බවත් ඉන් ඔවුන්ට සැලකිය යුතු අලාභයක් සිදුවන බවත් එම සංගමය ප්‍රකාශ කළේය. මෙයට පිළියමක් ලෙස, කප්පාදුව හේතුවෙන් සිදුවන පාඩුව පිළිබඳ විධිමත් ලදුපතක් ලංකා විදුලිබල මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස සූර්ය විදුලිබලශක්ති නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටින බවද සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 04
194
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය