IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සූර්යා සදහම් සැරිසර’ අනුරාධපුරයේදී

(යොහාන් භාසුර)

‘සූර්යා’ සන්නාමය ක්‍රියාත්මක කරන ‘සූර්යා සදහම් සැරිසර’ වැඩටහනේ ඊළඟ පියවර අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරයේදී පොසොන් පෝය දිනය පුරා (3 වැනිදා) පැවැත්වේ.

එදින එම විහාරස්ථානයට පැමිණෙන සැදෑවතුන් වෙනුවෙන් පෙරවරුවේ ශීල සමාදානයේ සිට පස්වරු සිල් පවාරණය සහ බෝධිපූජාව දක්වා සියලු පිංකම් පැවැත්වේ.

එම වැඩසටහන යටතේ ප්‍රසිද්ධ ධර්ම දේශකකයන් වහන්සේලාගේ ධර්ම දේශනා, කවිබණ සහ ධර්ම සාකච්ඡා පැවැත්වෙන අතර එම සියලු වැඩසටහන් සජීවීව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ‘සිටි එෆ්.එම්. හරහා විකාශය කරයි.

‘සූර්යා සදහම් සැරිසර විශේෂ පූජෝපහාර සුගන්ධ ධූප පූජාව’ ද එම විහාරස්ථානයේදී පැවැත්වෙන බවත් එදින එම විහාරස්ථානයේදී සුවඳකූරු බෙදාදීමට නියමිතය. ‘සුගන්ධ ධූප පූජාව’ සහ පස්වරු 3.00 ධර්ම දේශනය ‘ලංකාදීප’ සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය කරයි.

උතුර, උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය නුගේතැන්නේ මංගල ධර්මකීර්ති සෝභිත රතනජෝති නනායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පිංකම පැවැත්වේ.



අදහස් (0)

සූර්යා සදහම් සැරිසර’ අනුරාධපුරයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site