IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය

විමුක්ති එස් රුද්‍රිගු


මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ මෙම තීරණයෙන් ආයෝජකයන්ගේ විශ්වාසයට තර්ජනයක් එල්ල වන බවත් ඉන් පුනර්ජනනීය බලශක්ති අභිලාෂ අඩපණ කරන බවත් එම සංගමය පැවැසුවේය.
සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ජාලක ස්ථායිතාව සඳහා යැයි කියමින් අප්‍රේල් උත්සව සමයේදී සූර්ය බලශක්ති උත්පාදනය සීමා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ගත් ඒකපාර්ශ්වික තීරණය දැඩිව විවේචනය කර ඇත.
පූර්ව උපදේශනයකින් හෝ වන්දි ගෙවීමකින් තොරව ගනු ලබන මෙවැනි ක්‍රියාමාර්ග, රටේ පිරිසුදු බලශක්තියේ අනාගතය සඳහා ‘‘ගැඹුරු ලෙස කනස්සල්ලට කරුණක් වන පූර්වාදර්ශයක්”‍ සපයන බව එම සංගමය අවධාරණය කළේය. සූර්ය බලශක්ති විදුලිබල පද්ධති හිමිකරුවන් සැලකිය යුතු ආයෝජනයක් සිදුකර ඒවා ලබාගෙන ඇති බවත් එම ආයෝජනය සඳහා බොහෝ දෙනා බැංකුවලින් ණය ලබාගෙන ඇති බවත් එම සංගමය පැවැසුවේය.
එම මූල්‍ය වගකීම් සපුරාලීමට ආයෝජකයන් අඛණ්ඩ විදුලි උත්පාදනය මත විශ්වාසය තබා ඇති බවද එම සංගමය ප්‍රකාශ කළේය. මෙම හදිසි කප්පාදුව නේවාසික සහ වාණිජ සේවාදායකයන් යන දෙපිරිසටම බලපාන බවත් ඉන් ඔවුන්ට සැලකිය යුතු අලාභයක් සිදුවන බවත් එම සංගමය ප්‍රකාශ කළේය. මෙයට පිළියමක් ලෙස, කප්පාදුව හේතුවෙන් සිදුවන පාඩුව පිළිබඳ විධිමත් ලදුපතක් ලංකා විදුලිබල මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස සූර්ය විදුලිබලශක්ති නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටින බවද සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය පැවැසුවේය.

 



අදහස් (0)

සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site