IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සම්මාන රැසක් දිනාගනිමින් Alumex ජයග්‍රාහි වසරක් අවසන් කරයි

 

Alumexසමාගම සම්මාන 14කට අධික ගණනක් දිනා ගනිමින් 2023 වසර  අතිසාර්ථක අන්දමින් අවසන් කළ අතර එම ජයග්‍රහණයන් ඔස්සේ මෙරට අපනයන ක්ෂේත්‍රය කෙරෙහි මෙන්ම එහි තිරසාරභාවය සහ ව්‍යාපාරික විශිෂ්ටත්වය සඳහා දක්වන ලද කැපවීම මැනවින් තහවුරු වූ බව එම සමාගම කියයි.

2023 වසරේ පැවැති 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ‘2021/2022 වසරේ සමස්ත නැගී එන අපනයනකරු’ යන ගෞරව නාමයෙන් සහ 'Light Engineering'අංශයේ කුසලතා සම්මානයෙන්   Alumexපිදුම් ලැබූ අතර එමඟින් මෙම සමාගමේ විශිෂ්ටත්වය මෙන්ම නොසැලෙන කැපවීම පිළිබිඹු විය. එමෙන්ම 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේදී ‘යන්ත්‍රෝපකරණ සහ සැහැල්ලු‍ ඉංජිනේරු අංශයේ’ රිදී පදක්කම ද Alumexවෙත හිමිවීම සුවිශේෂී ජයග්‍රහණයකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Alumexහි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය. ‘‘ඇලු‍මිනියම් නිෂ්පාදන කර්මාන්තය තුළ අඛණ්ඩ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරමින් විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය පිළිබඳව නව ප්‍රමිතීන් රැසක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කළා. නවීන තාක්‍ෂණය සහ තිරසාර භාවිතයන් වෙත නැඹුරුවීමේ අපගේ ක්‍රියාකාරී ප්‍රවේශය අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ අපගේ මුද්‍රාව සනිටුහන් කරමින් දේශීය  අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා  දායකත්වය ලබාදීම කෙරෙහි හේතු වී තිබෙනවා .”‍

Alumexසමාගම 2019 වසරේ සිට සිය උසස් තත්වයේ ඇලු‍මිනියම් නිෂ්පාදන සමඟ ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයේ නව අපනයන නිෂ්පාදන කාණ්ඩයක් ස්ථාපිත කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ඇත.  පසුකාලීනව ඔවුන් අන්තර්ජාතික වෙළෙඳපොළ වෙතද සිය නිෂ්පාදන බෙදාහරිමින්  ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සිය සන්නාමය සාර්ථකව ගොඩනංවන ලදී.

Alumexසතු උපායමාර්ගික දැක්ම සහ මෙහෙයුම් හැකියාව කැනඩාව, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සිය නිෂ්පාදන සැලකිය යුතු ප්‍රමාණයක්   අපනයනය කිරීම කෙරෙහි ඉවහල් වී තිබේ.



අදහස් (0)

සම්මාන රැසක් දිනාගනිමින් Alumex ජයග්‍රාහි වසරක් අවසන් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 20 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2497 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site