අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 11.8 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම මාසයේදී විදෙස් සංචාරකයින් 186,288 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ සදහන් වන අතර මෙය ඉකුත් වසරේ  අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණි 166,610 විදෙස් සංචාරකයින් ගණන හා සැසඳීමේ දී මෙලෙස සංචාරකයින් පැමිණීම වර්ධනය වී ඇතැයි එම අධිකාරිය සදහන් කරයි.

මෙම වසරේ පළමු මාස අටේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන දහතුන් ලක්ෂ පනස් නම දහස් නමසිය හයක් ලෙසින් වාර්තා වන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එය පසුගිය වර්ෂයේ පළමු මාස 08 තුළදී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව වන  11,72,465 1 හා සැසදීමේදී මේවසරේ මුල් මාස අට තුළ සංචාරකයින් පැමිණීම සියයට 16 කින් වර්ධනය වී ඇත.