ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වියට්නාමයේ ෆූ ක්වොක් හි පැවති ලෝක සංචාරක සම්මාන ජාත්‍යන්තර උළෙලේ දී “ඉන්දියානු සාගර කලාපයේ ලොව ප්‍රමුඛතම ගුවන් සේවය” ලෙස සම්මානයෙන් සම්මාන ලබයි.
ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම් 13 ක් මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබිණි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වන විටත් දකුණු ආසියා කලාපයේ ගමනාන්ත 14 ක් වෙත සතියකට ගුවන් ගමන් වාර 133ක් සිදුකරයි.
ඩකා, කරච්චි සහ ලාහෝර් වැනි ජනප්‍රිය නගර වලටද ශ්‍රීලංකන් ගුවන් සේවය මෙහෙයුම් සිදුකරයි. මාලදිවයින ශ්‍රී ලංකාවේ දිගුකාලීන වෙළඳපොළක් වී ඇති අතර ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම මාලදිවයින වෙත සතියකට ගුවන් ගමන් වාර 31 ක් පිරිනමයි.
එසේම ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කරමින් නිවාඩු සංචාර සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් මැදපෙරදිග, යුරෝපය, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව වෙත මෙහෙයුම් සිදු කරයි.
ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ගැන් දුපත වෙත ගුවන් මෙහෙයුම් සිදු කළ ප්‍රථම අන්තර්ජාතික ගුවන් සේවය වන අතර ඒ අනුව මාලදිවයිනේ ගමනාන්ත දෙකක් වෙත ද මෙහෙයුම් සිදුකරන එකම ගුවන් සමාගම බවට ද පත්විය.
2017 වසරේ ශ්‍රීලංකන් ගුවන් සමාගම , ලෝක සංචාරක සම්මාන ආසියානු කලාපීය සම්මාන උළෙලේ දී ආසියාවේ ප්‍රමුඛතම සංස්කෘතිකමය වටිනාකමින් යුත් ගුවන් සේවය ලෙස සහ එම උළෙලේ දී ම ඉන්දියානු සාගර කලාපයේ ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ද පසුගියදා පැසසුම් ලැබීය.
COMMENTS
මෙහි ගුවන් සේවිකාවන් නම් හරිම පණ්ඩිතයි. එසේම හරිම අහංකාර කට්ටියක්. කළු හම තියෙන මගීන්ට සලකන්නේ හරියට ඒගොල්ලන්ට කරදර කරනවා වගේ. කරදරකාරී මගීන් ඉන්නවා තමයි. එහෙම වුණාට සේවිකාවෝ පුහුණු වෙලා ඉන්න වෙනවා. එහෙම මගීන් හසුරුවන්ට. හරිම අහංකාර සේවිකාවන් තමයි ඉන්නේ..
සම්මාන පිට සම්මාන
මේ සම්මාන ඔක්කොම සැනසිලි තෑගි විතරයි.
සම්මාන පිට සම්මාන, ණය පිට ණය, වංචාව සහ බොරැව. අවසානයේ ජනතාව පිට බදු බර.
මත් අවුරුද්දට දෙපාරක් ගමනාන්තය දක්වා යෙදෙනවා ඉන්දික කියපු කතාවනම් ඇත්ත එත් ජාත්‍යන්තරයෙන් අපිට පැසසුම් ලැබෙනවානම් අපිට ලැබෙන කරදර ඉවසගතයුතුයි. එත් අපි සම්පුර්ණ මුදල් ගෙවා ගමනාන්තය දක්වා ගමන් කරන්නේ හොදින් සැලකීම ඔවූන්ගේ යුතුකමක්.
ශ්‍රී ලංකා එයාර්ලයින් හොඳ ගුවන් සේවාවක්...
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
අන්න තවත් සම්මානයක් ඊයේ ලැබුනා... ඉන්දියාවට යන්න ඉඳපු මගීන් බිම කව්න්ටෙර් එකේ තියල ගුවන් යානය ගිහින් !
වැරදීමකින් දීපු එකක්....මගීන්ට සලකන්න දන්නේ නැති.....ආසියාවේ ගුවන් සේවය...මොනවා හරි ඇහුවහම කේන්ති යන ටිකක් ඉන්නේ....
ඉදිරියේදී මෙයත් "විකිණීමට තිබේ" .
ගුවන් සේවිකාවන්ටත් නම්බුවක් තියෙනවා. අපේ මිනිස්සු අමුතු විදිහට බලපුවාම ඒ ගොල්ලෝ ගණන් ගන්නේ නැහැ. මට නම් හොඳට සලකලා තියෙනවා. මම දැකපු හරිම බුද්ධිමත් පිරිසක්....
මේ අපි අපිම නේ! නේද ?
හොදයි කෝ අපිට තිබුන direct ප්ලයි එක.
බොහෝ දෙනෙක් කියන කතාව ගුවන් සේවිකාවන් ගැන සම්පූර්ණ ඇත්ත තමන්ගේ රැකියාව ගැන ආඩම්බර වෙන්න ඕන නමුත් ඒ ආඩම්බරකම මගීන් කොටසකට පමණක් ඔලුව උදුන්මා ගෙන පෙන්වීම ඉතාමත් මෝඩකමක් මෙවැනි අදහහස් සිය ගණන් මම කලින්නුත් දැක තියනවා........ නමුත් ඒ සම්බන්ධ උසස් නිලධාරීන් මේ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නැහැ.....