IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ශ්‍රී ලංකන් දෙසැම්බරයේ ලාබ උපයයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 9.25 ක සමාගම් ලාබයක් සහ ඩොලර් මිලියන 10.66 ක සමූහ ලාබයක් වාර්තා කර ඇතැයි නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි. 2020 මුල් භාගයේ කොරෝනා වසංගතය ආරම්භයේ සිට ගුවන් සමාගමට ලාබ හිමි වූ පළමු මාසය ගෙවුණු දෙසැම්බර් මාසය බවද එම නිවේදනයේ සඳහන්ය.

පෙර වසරේ එම කාලය හා සසඳන විට සමාගමේ ආදායම සියයට 200 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් පූර්ව වසංගත මට්ටම හා සසඳන විට එය ආදායම සියයට 80 ක් ඉක්මවා යාමක් බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්නා දෙයි. පසුගිය දෙසැම්බර් මාසය සඳහා ගුවන් ප්‍රවාහන මට්ටමින් ඇමෙරිකන් ඩොලර් මිලියන 11.43 ක ලාබයක් වාර්තා කර ඇති බව සඳහන් කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගම එය වසර 20 කට වැඩි කලයක් තුළ ගුවන් ප්‍රවාහනයෙන් වාර්තාවූ ඉහළම ලාබය බවද පෙන්වා දෙයි.

මාසයක් තුළ ගුවන් ගමන් 800 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවාව මගීන් 288,203 ක් ප්‍රවාහනය කර ඇතැයිද එය 2020 දෙසැම්බර් මාසයේදී ගෙනයන ලද මගී සංඛ්‍යාව මෙන් දහතුන් ගුණයකටත් වඩා වැඩි බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි. ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ අංශය මුළු භාණ්ඩ ප්‍රවාහනය මෙට්‍රික් ටොන් 7,877 ක් දක්වා ඉහළ නංවාගෙන ඇති අතර එය 2020 දෙසැම්බර් මාසයේ සිට සියයට 147 ක වැඩිවීමක් බවද එම සමාගම සඳහන් කරයි.

ගුවන් සමාගමේ කාර්ය මණ්‍ඩලයේ සියලු දෙනා කළ කැපකිරීම නව වසරේ සුබවාදී ආරම්භයකට මගපාදා ඇතැයි නව මුල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

පසුගිය දෙවසර තුළ අපි මෙහෙයුම් පිරිවැය අවම කිරීම සඳහා බහුවිධ මූලපිරීම් ක්‍රියාවට නැංවූවා. ඒ සඳහා ශ්‍රී ලංකන් පවුලේ සෑම සාමාජිකයකුම දායකවූවා. අපගේ එම උත්සාහයේ ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා. කෙසේ වෙතත් වයිරසයේ නව ප්‍රභේදය ව්‍යාප්තවීමත් සමග අනාගතය අතිශය අභියෝගාත්මක වනු ඇති. දෙසැම්බර් මාසයේ ලබාගත් ආරම්භය දිගටම පවතින බව සහතික කිරීමට පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා වගේම අවශය ක්‍රියාමාර්ග ගනු ලබනවා

වසංගතයේ දුෂ්කරතා මධ්‍යයේ වුවද, ජාතික ආර්ථිකයට සහාය වීම, සංචාරක ව්‍යාපාරය නංවාලීම, නව ව්‍යාපාර සම්බන්ධ කිරීම, භාණ්ඩ ප්‍රවාහනය සහ විදේශ විනිමය ඉපැයීම සඳහා ශ්‍රීලංකන් සිය කැපවීම ලබා දී තිබේ. පසුගිය වසරේ, ශ්‍රීලංකන් සෝල්, නයිරෝබි; මොස්කව්; පැරිස්; සහ කත්මණ්ඩු ඇතුළු නව ගමනාන්ත කිහිපයකට මෙහෙයුම් දියත් කළේය.  ගුවන් සේවය පැරිසියේ IFTM Top Resa සහ මොස්කව්හි OTDYKH LEISURE වැනි ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනවලට සහභාගී වීම ඇතුළුව අදාළ වෙළඳපල තුළ අලෙවිකරණ මුලපිරීම් හරහා නව ගමනාන්ත ප්‍රවර්ධනය කරන ලදී. පසුගිය වසරේ රුසියාව, ප්‍රංශය සහ ඉන්දියාව පදනම් කරගත් සංචාරක වෙළඳ මාධ්‍යවේදීන් සඳහා (FAM) සංචාරයක් පැවැත් වූ පළමු ගුවන් සමාගම බවටද ශ්‍රී ලංකන් පත් විය. මෙම මුලපිරීම්වල ප්‍රතිඵලයක් ලෙස 2021 නොවැම්බර් මාසයේ දී මෙරටට සංචාරක පැමිණීම් 44,000 දක්වා ඉහළ ගියේය.



අදහස් (3)

ශ්‍රී ලංකන් දෙසැම්බරයේ ලාබ උපයයි

Kumar Sunday, 23 January 2022 02:12 AM

පට්ට බොරුවක්.

:       4       5

don perera Monday, 24 January 2022 01:43 AM

නව සභාපතිගේ පඩිය කියියද.?

:       2       2

Senarath Monday, 24 January 2022 09:34 AM

ශ්‍රී ලන්කන් එක ඉතාම හොඳ නමක් දිනාසිටි ගුවන් සේවයක්. ඒ නිසා එය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම අපහසු කාරියක් නෙවෙයි. හොඳ පරිපාලනයක් තමයි අවශ්‍ය.... ඒ වගේම සියලුම සේවකයන්ගේ කැපවීම අවශ්‍යයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site