IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ශ්‍රීලන්කන් ගුවන් සේවයට අඛණ්ඩව තෙවැනි වරටත් සම්මානයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියානු සාගර කලාපීය ප්‍රමුඛ ගුවන් සමාගමක් ලෙස සිය ස්ථාවරය යළිත් තහවුරු කරමින් ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

ලෝක සංචාරක සම්මාන උළෙලේ ආසියාව සහ ඕෂනියාවට අදාළ සම්මාන උත්සවය 2019 ඔක්තෝබර් 12 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් වියට්නාමයේ දී පැවැත්විණි.

මෙම සම්මානය සඳහා තරග කළ අනෙකුත් තරගකරුවන්  අතරට බැංකොක් එයාර්වේස්, කැතේ පැසිෆික්, චයිනා ඊස්ටන් ගුවන් සේවය, චයිනා සදර්න් එයාර්ලයින්ස්, හයිනාන් එයාර්ලයින්ස්, හොංකොං එයාර්ලයින්ස්, කොරියන් එයාර්, මැලේසියා එයාර්ලයින්ස්, සිල්ක් එයාර් සහ සිංගප්පූරු ගුවන් සමාගම් එක්ව සිටියහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ආරම්භ කරන ලද නවතාවයෙන් යුත් ප්‍රචාරණ වැඩසටහන් මගින් සංචාරකයින් හට ඉන්දියානු සාගර කලාපය වෙත සංචාරය කිරීමට, නිරතුරුව කරන ලද දැනුවත් කිරීම් සහ පෙළඹවීම මෙම සම්මානය දිනා ගැනීමට ප්‍රධාන හේතුවක් විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  විපුල ගුණතිලක  මහතා  ප්‍රකාශ කර සිටියේ මෙම ගෞරවනීය සම්මානය හිමිවීම තුළින් ඉන්දියන් සාගර කලාපයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රීලංකන් දැරූ උත්සාහයේ සාර්ථකත්වය තවත් තහවුරු කරන බවයි.

එසේම ඉන්දියානු උපමහාද්වීපය වෙත සහ ඉන් පිටතට යාමට ඇති අපගේ ගෝලීය සම්බන්ධතා  හේතුවෙන් කොළඹ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සම්මානය දකුණු ආසියාතික කලාපය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශක්තිමත් බව හා  ස්ථාවරත්වය පෙන්නුම් කිරීමක් වන අතර ඉන්දියාවේ  ගමනාන්ත 11 ක් වෙත  සතියකට ගුවන් මෙහෙයුම් 121 ක් සිදුකරමින් කලාපය තුළ විශාල සහයක් ලබාදෙයි. ඒ අනුව චෙන්නායි, ට්‍රිවන්ඩ්‍රම්, තිරුචිරප්පල්ලි, මුම්බායි, බැංගලෝර්, නවදිල්ලිය, කොචින්, මදුරෙයි, කොල්කටා, කොයිම්බතූර්,හයිද්‍රාබාද්,ඩකා, කරච්චි සහ ලාහෝර් වැනි ජනප්‍රිය නගරවලට ද ගුවන් සේවය මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

මෙම වසරේදී ගුවන් සේවය කලාපයේ සම්බන්ධතා වැඩි දියුණු කිරීම් සිදු කළ අතර ඒ අනුව කොළඹ සහ නවදිල්ලිය අතර නව ගුවන් සංඛ්‍යාත තුනක් එකතු කරමින් මේ වන විට සතියකට ගුවන් ගමන් 18 ක් දක්වා ව්‍යාප්ත කර ඇත. එසේම ජපානයේ නරීටා සහ මාලදිවයින අතර සෘජු ගුවන් ගමන් ව්‍යාප්ත කිරීමට කටයුතු සළසා ඇත.

ලෝක සංචාරක සම්මාන උළෙල සංචාරක ක්‌ෂේත්‍රයේ විවිධ අංශ හඳුනා ගැනීමටත්, සංචාර ඇතුළු විශිෂ්ටතා ඇගයීමටත් 1993 වසරේ දී ස්‌ථාපිත කර ඇත. ලෝක සංචාරක සම්මාන ප්‍රධානෝත්සවය ලොව විශිෂ්ටතම වෙළඳ නාම විශිෂ්ටත්වය අගයනු ලබන සම්මාන උළෙලක් බව ගෝලීයව පිළිගනී.

ශ්‍රී ලංකන්  ගුවන් සමාගම  වත්මන්හි  රටවල්  48 ගමනාන්ත  109 ක්  වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි.  වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට  හිමිවේ.



අදහස් (7)

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අඛණ්ඩව තෙවැනි වරටත් සම්මානයක්

Vipula Monday, 14 October 2019 08:28 AM

මැද පෙරදිග යන අපෙන් අහන්න අපිට ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවෝ සලකන්නේ කොහොමද කියලා සමහරවිට අපි වැඩිදෙනා පිටිසරින් එන නිසා වෙන්නැති.

:       0       14

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 14 October 2019 11:36 AM

සම්මාන ලැබුණාට වැඩක් නැහැ. පාඩු පිට පාඩුවට දුවන්නේ. පාඩුව පියවන්නේ භාණ්ඩාගාරයෙන්.... තවත් මදිවට ඔෆර් දෙනවලු සම්මාන වලින් වැඩක් නැහැ.. ලාභ නැතිනම්...

:       1       25

janatha anuraMonday, 14 October 2019 08:05 PM

අපි පළමුව අනෙකුත් අයට ගරු කරමු ප්‍රශ්නය විසදෙනවා එතකොට, අපිට නම් එසේ වෙනසක් නැහැ අපේ ගුවන් සේවාව සේවක සේවිකාවන් අපිට අපේ රටට ආඩම්බරයක් අපේ දෙය අගය කරමු කකුලෙන් නොඅදිමු

:       12       27

sumithTuesday, 15 October 2019 03:38 AM

හරියට හරි එයාල හිතන්නේ අපේ සල්ලි සල්ලි නොවෙයි කියලා, අපිට කුඩම්මාගේ සැලකිලි , මම නම් ඔකේ යන්නෙම නැහැ , යන්නේ වෙන එයා බස් එකක

:       0       4

lanka Monday, 14 October 2019 01:23 PM

අපේ රටේ මිනිස්සු බස් එකේ කෝච්චියේ යන විදිය මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. එහෙම අපිට ගිනි ගණන් වලට ඉඳල හිටලා පැය කීපයක් ගමන් කරන ගුවන් යානයක සැපට යන්න අවශ්‍ය නැහැ. කරුණාකර සැප අඩුවුණත් කමක් නැහැ. ටිකට් එකේ මිල අඩු කරන්න. මේ පාරේ බස් එකේ කෝච්චියේ යන අපිට ඔය ප්ලේන් එකේ පොඩ්ඩක් වෙලා යන්න මහා ලොකු සැපක් ඕනෑ නැහැ. ටිකට් එකේ මිල වැඩියි. හැබැයි ගුවන් සමාගම මොනතරම් පාඩු වුණත් සේවකයින්ට නම් ඉහළ පඩි, දීමනා, පවුල් පිටින් නොමිලේ ගුවන් ගමන් වසරකට කීපසැරයක්ම... දැන් ලෝකේ අලුත් පරපුර ප්ලේන් එකෙක යන්න සැප නෙමෙයි හොයන්නේ.. හොයන්නේ අඩු මිල ටිකට්...

:       1       7

chandima Monday, 14 October 2019 09:38 PM

නියමයිනේ. අන්න වෙලාව, අලුතින් යානා දහයක් ඇනවුම් කරලා දෙකකට ගෙවල දහයේම කොමිස් මුදල අරගත්තට පස්සේ, එයා ලංකා පාඩුයි කියල ගත්ත කොමිස් මුදල භාණ්ඩාගාරෙන් ගෙවල ඇනවුම අවලංගු කරන්න පුළුවනි.

:       0       32

janatha anura Tuesday, 15 October 2019 03:40 AM

ඔබ හරි නව ගුවන් යානා 12 සඳහා සැලසුම් කල 6 ලබාගන්නට තියෙන අතරේ එය අවලංගු කලා වන්දිත් ගෙවන්න උනා පොරොන්දුවට වඩා ඩොලර් මිලියන 63 ක් 83 වනකම් ගෙවූ බව කියවුනා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site