IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විවිධ දක්ෂතා දැක්වූ තරුණ තරුණියෝ 40ක් ඇගැයෙති

සූර්යා විම් සහ ශ්‍රී ලංකා තරුණ කවුන්සිලය එක්ව මෙරට දක්‍ෂතා දක්වන තරුණයන් ඇගැයීම උදෙසා සංවිධානය කෙරුණු තරුණ සම්මාන උළෙලක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පසුගියදා පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් වශයෙන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්න්කෝන් මහතා හා සූර්ය සන්නාම තානාපතිනී යශෝධා විමලධර්ම මහත්මිය සහභාගී වූහ.

මෙහිදී විවිධ ක්ෂේත්‍රවල ජයග්‍රහණ සහ නායකත්වය වෙනුවෙන් කැපවූ තරුණ තරුණියෝ 40 දෙනෙක් ඇගැයීමට ලක් වූහ.

මෙහිදී 2024 සූර්ය යොවුන් නායකයා ලෙස අධ්‍යාපනයෙන් සහ ක්‍රිකට් ක්‍රීඩාවෙන් දැක්වූ දක්‍ෂතා මත සජිත විතානගේ, සම්මාන දිනා ගත්තේය.

ඊට අමතරව කලාපීය ජයග්‍රාහකයන් ලෙස මධ්‍යම පළාතෙන් කනිෂ්ඨ මයිකල් ද නැගෙනහිර පළාතෙන් ජයන්ත් අමලනාදන්ද, උතුරු මැදින් මිණිනුවන් බණ්ඩාරද, වයඹින් ලිලාන් උදයංගද, සබරගමුවෙන් රචිකා අංජනද, දකුණෙන් භාග්‍යා ලියනගේද, ඌවෙන් චමෝදි ප්‍රබෝධා සහ බස්නාහිරින් රන්දිල් පෙරේරා යන අය සම්මාන දිනා ගත්හ.

සන්මැච් සමාගමේ අධ්‍යක්‍ෂිකා ගෞරි රාජන් මහත්මිය මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ ඉදිරි පරම්පරාවේ නායකයන් සහ නවෝත්පාදකයන් පෝෂණය කිරීම සහයෝගය ලබාදීමට හැකිවීම ගැන සතුටට පත්වන බවයි.
එසේම මෙම සම්මාන උළෙලේ ආරම්භයේ සිටම රැඳී සිටීමට හැකිවීම ගැන ආඩම්බරවන බවද ඇය සඳහන් කළාය.

අමිල චින්තක ගමගේ



අදහස් (0)

විවිධ දක්ෂතා දැක්වූ තරුණ තරුණියෝ 40ක් ඇගැයෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site