නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රුපියල් කෝටි 8000ක ප්‍රදානයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය පියවර ගෙන ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
ඉඩම්, ප්‍රවාහන, කෘෂිකර්ම, උසස් අධ්‍යාපන සහ විදුලිබල යන අංශවල සංවර්ධනය වෙනුවෙන් මෙම ප්‍රදානයන් යෙදවීමට යෝජිත බවද රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.
යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු අගැමැති කාර්යාලය මගින් ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය සමඟ අවසන් අදියරේ සාකච්ඡා සිදු කරමින් පවතින බවද ඔහු කියා සිටියේය.
මෙම කෝටි 8000ක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ අදාළ ගිවිසුම් ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකානු එක්සත් ජනපද සහ සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය අතර එළඹෙන දෙසැම්බර් මාසයේ දී අත්සන් තැබීමට නියමිතය.
යෝජිත සංවර්ධන ව්‍යාපෘති වලට අනුව මෙම මුල්‍ය ප්‍රධානයන්ගෙන් අවිස්සාවේල්ල සිට පැල්මඩුල්ල දක්වාත්, බෙරගල සිට වැල්ලවාය දක්වාත් නාවුල සිට දඹුල්ල දක්වා සහ දඹුල්ල සිට තලගහවැව දක්වා මාර්ග රැසක් සංවර්ධනය කිරීමට නියමිත බවද පැවසීය.
මෙයට අමතරව දිවයින පුරා සමස්ත ප්‍රවාහන පද්ධතියම ආවරණය වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික අංශය එකාබද්ධව නවීකරණ වැඩසටහන් සහ කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන නියාමන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමද සිදුවේ.
COMMENTS
මැති ඇමති වරුන්ගේ ප්‍රවාහන පහසුකම් වලටනම් ඔය මුදල ඇති වෙයි.
අපිට අධිරාජ්‍යවාදීන්ගෙ සල්ලි එපෝ..
අපේ මැති ඇමතිවරුන්ගේ වාහන ටිකට ඔය ගාන ඇති වෙයිද මන්දා...
පිටින් මුදල් ලැබෙන විට හරියාකාරව ඇගයීමක් කල යුතුමයි.
ඩොලර් මිලියන 500ක්? සීයට දෙසීයක් විශ්වාසයි මේක ණය මුදලක් බව.
අනේ රටකට ගිය කලක්. තනියම කිසිම දෙය කරගන්න බැරි රටක් බවට පත් වෙලා. මේ ණය මුදලින් මොන තරම් අඩු මුදලක්ද මහා ජනතාව වෙනුවෙන් යෙදවෙන්නේ
කෝටි 7999ක්ම දැන් පාලකයින්ගේ සාක්කුවල ඇති. රට පදිංචියට යන්න දඟලන මිනිස්සුන්ට මම ඉස්සර බැන්නා. දොස් කිව්වා ඇයි මෙහෙම පින්බිමක් අතෑරලා රට යන්නේ කියලා. මට හිතෙනවා දැන් මම වැරදි සහගතයි කියලා. මොකද මටත් දැන් මේවා දකිත්දි හිතෙනවා ඔව්න්ගේ තීරණය හරි කියලා. තව අව්රුදු 5කින් 10කින් ගෙදරක ළමයෙක් හදාගන්න බැරි තත්වයක් එනවා. ඉස්කෝලෙකට යවන්න බෑ එතන කුඩු. ආශ්‍රය කරන්න යහපත් යාළුවෙක නෑ හොරු. තේරෙන්නේ නෑ මොකක්ද කරන්න ඕනි කියලා. මේ ආණ්ඩුව හොඳ නෑ. එන ආණ්ඩුව හොඳත් නෑ. කොටින්ම ලංකාවේ දේශපාලනය 100%ක්ම තම මඩිය පුරවාගැනීමේ ක්‍රමයක්. ජනතාව විදියට අදහස් පළකිරීම විනා කළහැකි දෙයක් ඇත්තේම නෑ. ආණ්ඩු පෙරළා ඊළඟ ආණ්ඩුව ගෙන ඒම හරියට ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙක් අවුට් කළා වගේ. ඊළඟට එන පිතිකරු කළින් පිතිකරුට වඩා ගහනවා.