IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ පළමුවරට නිපදවු වාණිජ රථය බොලෙරෝ සිටි පිකප් රථය වෙළෙඳ පොළට

මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා සමාගම (M&M Ltd) සහ අයිඩියල් මෝටර්ස් අනුබද්ධිත අයිඩියල් සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කළ නවතම Bolero City Pik-up රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දීම පසුගිය දා සිදුවිය.

මේ අනුව, Bolero City Pik-up රථය මෙරටදීම එකලස් කොට නිෂ්පාදනය කළ ප්‍රථම වාණිජ රථය බවට පත්වනු ඇත. මෙහි සියලු‍ නිෂ්පාදන කටයුතු සිදු කෙරුණේ 2019 වසරේ විවෘත කළ වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි මහින්දා අයිඩියල් ලංකා ඔටෝමෝටිව් එසෙම්බල් ප්ලාන්ට් නම් වූ මෝටර් රථ එකලස් කිරීමේ අංගනයේ දී ය. මෙම රථය වෙළඳපොළට හඳුන්වා දීම වෙනුවෙන් කොළඹ පැවති උත්සවයේ දී මෙහි පළමු රථ 5 පාරිභෝගිකයන් වෙත ලබාදීම සිදු විය.  

මහින්දා අයිඩියල් ලංකා යනු ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ වාණිජ රථවාහන නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන අතර මෙම හඳුන්වා දීමත් සමඟ එම ස්ථාවරය තව දුරටත් තහවුරු කරන්නට සමාගමට හැකියාව ලැබී ඇත. වසංගත තත්ත්වය හමුවේ වුවද ක්‍රමානුකූලව වෙළඳපොළ යළි විවෘත වෙමින් පවතින වාතාවරණයක් තුළ මෙරට වාණිජ වාහන සඳහා ඇති ඉල්ලු‍ම ද සැලකිය යුතු අයුරින් ඉහළ යමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම සැහැල්ලු‍ ට්‍රක් රථ වර්ගයේ වාහන සඳහා ඇති ඉල්ලු‍ම සපුරාලනු වස් මෙරට වාහන නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කරන්නට සමාගම නිරන්තරයෙන් කටයුතු කරයි.

M&M Ltd මෝටර් රථ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී, වීජේ නක්රා මහතා මෙසේ පැවසීය. ශ්‍රී ලංකාව කියන්නෙ M&Mසමාගමට ඉතා වැදගත් වෙළඳපොළක්. අයිඩියල් සමූහය සමඟ ගොඩනඟා ගත් අපේ හවුල්කාරීත්වය නිසා මෙරටදීම මෙම රථය නිෂ්පාදනය කිරීමේ හැකියාව අපට ලැබුණේ දේශීය සැපයුම්කරුවන්, ශ්‍රම බලකාය වගේම රටේ පාරිසරික පද්ධතියත් සවිබල ගන්වමින්. මෝටර් රථ දේශීයව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ලංකා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ට අපගේ උපරිම සහයෝගය ලබා දීමටත් මේ නිසා අපට හැකියාව ලැබුණා. Bolero City Pik-up නව රථය මෙරට වෙළඳපොළට හඳුන්වා දීමත් සමඟ මෙම මාදිලියේ අප ලබා තිබූ ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කරගන්නටත් අපට හැකි වී තිබෙනවා.”

හඳුන්වා දෙන Bolero City Pik-up රථය නිෂ්පාදනය කොට ඇත්තේ ඕනෑම නාගරික මාර්ගයකට සුදුසු ලෙසින් වන අතර වැඩි බරක් ඉතා පහසුවෙන් ගෙන යා හැකි වීම ද මෙහි ඇති විශේෂත්වයකි. විශේෂාංග රැසක් සමඟින් එන මෙම රථය පහසු පැදවීමක් මෙන්ම වැඩි ඉඩකඩ සහිත කාර්ගෝ බඳකින් හා අධිබලැති එන්ජිමකින් ද සමන්විතය.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ලංකාවේ පළමුවරට නිපදවු වාණිජ රථය බොලෙරෝ සිටි පිකප් රථය වෙළෙඳ පොළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 91 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 934 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site