රුසියාව ශ්‍රී ලංකාව හා නව සබඳතා ඇති කරගැනීමටත්, දැනට පවතින සබඳතා තර කර ගැනීමටත් බලාපොරොත්තුවෙන් සිටින බව නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුභ පැතුම් එක්කරමින් රුසියා ජනපති ව්ලැදිමීර් පුටින් පවසයි.
විවිධ ක්ෂේත්‍ර වල සබදතා ඇති කර ගැනීමට රුසියාව කැමැත්තෙන් සිටින බව සඳහන් කර ඇති ඔහු දෙරට අතර සබඳතා කලාපයේ ආරක්ෂාව හා යහපැවැත්ම සදහාද වැදගත්වන බව පෙන්වා දී ඇත.
මේ කටයුතු සම්බන්ධව නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉතා සමීපව කටයුතු කිරීමට හැකිවනු ඇතැයි රුසියාව අපේක්ෂාවෙන් සිටින බව ඔහු පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! ඇයි මේ රුසියාවට සහ පුටින්ට මෙහෙම බනින්නෙ? අපිට කවුද උදව් කළේ යුද්ධය දිනන්න? (නි)
රුසියාව ඇමෙරිකාව මෙන් අවස්ථාවාදියෙකු නොවේ (නි)
මේකට ලංකාවෙන් හොඳ ප්‍රතිචාරයක් දක්වන්න ඕනෑ (නි)
ඒ අතීතයේ තිබුණු රුසියාව නොවෙයි දැන් තියෙන්නේ ලෝකයේ අපකීර්තියට පත් වෙච්ච රටක්. ලංකාවේ කට්ටිය තාම ජීවත් වෙන්නේ අත්තීතයේ .පුටින් ගේ රහස් ඔත්තුකරුවකුගේ ජීවිතයේ පටන් පෙටෙර්ස්බුර්ග් නගරාධිපති වෙනකන් සහ ඊට පස්සේ කරපු දුෂණ සමූල ඝාතන ගෙනේ හොද වාර්තා චිත්‍රපටියක් තියෙනවා. ලංකාවේ කට්‌ටිය එක හොයාගෙන බැලුවොත් හොඳයි (අ)
පේනවා නේද ස්වාසිලන්තයෙන් විතරයි සුබපැතුම් ආවේ නැත්තේ (දිල්)
අපි ළං වියයුත්තේ චීනය, රුසියාව වගේ ඒකාධිපති රටවලට නොව ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව, ජපානය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවලටයි. (නි)
රුසියාවට සම්බාධක දාලා මේ දවස් වල රුසියාව වැටිලා ඉන්නේ.අපි අපේ පාඩුවේ ඉඳිමු (නි)
පේනවා නේද හැමතැනින්ම සුභ පැතුම් එනවා (දිල්)
පුටින් කියන්නේ හොරෙක් , තක්කඩියෙක් , මානුසික ඓතිවාසිකම් උල්ලංගනය කරන්නෙක් (අ)
පුටින් කියන්නේ මානුෂික තිවාසිකම් උල්ලන්ඝනය කරන්නෙක් (අ)
අමාරිස් - ඔයා හරි මෝඩයෙක්, ලිඳේ ඉන්න ගෙම්බෙක් . මට කියන්න තියෙන්නේ එච්චරයි. (නදී)
වත්මන් රුසියානු රජය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන ජාත්‍යන්තර නීති කඩකරන රජයක්. රුසියාවේ මොස්කොව් නගරය සහ තව නගර කීපයක් හැරෙන්නට බහුතරයක් හුඟක් කටුක ජීවිත ගතකරන්නේ. මුසාවෙන් පිරි එ්කාදිපති පාලනයක් තියෙන්නේ. (නදී)
රුසියාව ශක්ති අතිරික්තයක් ඇති රටක්. යල්පැනපු ධනේශ්වරවාදී රටවල් වලින් අපිට වැඩක් නැහැ. අපි ළංවිය යුත්තේ චීනය,රුසියාව, ඉන්දියාව,බ්‍රසීලය වැනි නිෂ්පාදන ආර්ථිකයක් ඇති රටවලටයි. (නි)
ඉතා පැරණි මිත්‍රරෙක් එක්ක එකතු උනාට වැඩක් වෙන එකක් නැහැ. කලින් ජනාධිපතිතුමා ආචාර්ය උපාධිය විතරයි ගත්තේ රුසියාවෙන් (නදී)
රුසියාව ශක්ති අතිරික්තයක් ඇති රටක්. යල් පැනපු ධනේශ්වරවාදී රටවල් වලින් අපට වැඩක් නැහැ. අප ලං වියයුත්තේ චීනය,රුසියාව, ඉන්දියාව,බ්‍රසීලය වැනි නිෂ්පාදන ආර්ථිකයක් ඇති රටවලටයි. (නදී)
රුසියාව ශක්ති අතිරික්තයක් ඇති රටක්. යල් පැනපු ධනේශ්වරවාදී රටවල් වලින් අපට වැඩක් නැහැ. අප ලං වියයුත්තේ චීනය,රුසියාව, ඉන්දියාව,බ්‍රසීලය වැනි නිෂ්පාදන ආර්ථිකයක් ඇති රටවලටයි. (නදී)
ඕනෑ නැහැ. දැන් බලයේ සිටින සමහර දේශපාලනඥයින්ට ඇමරිකානු අධිරාජ්‍යවාදී සිහිනය දකින්න ටික කලකට ඉඩදෙන්න. යමෙකුට සත්‍ය වටහා ගැනීමට නම් දුක දැනෙන්න ඕනෑ. ඊට ඉඩ දෙන්න. (නි)
මම දැන් රුසියාවේ ඉන්නේ. මම ගිය රටවලින් බඩුමිල අඩුම රට රුසියාව. ඇමෙරිකාවට වඩා නිදහසක් රුසියාවේ තිබෙනවා. මිනිසුන් මිත්‍රශීලියි. අපිට අමාරු දවස් වල උදවුකළේ රුසියාව, චීනය, පාකිස්තානය, ඉරානය. (නි)
ලංකා මහතාණනි, ඔබ ඔය බලන සිනමා පට ඉස්සර ඉඳන් බටහිර ලෝකයේ ඇත. ඒවා හැදුවේ පෙන්නුම් කළේ එදා සෝවියට් දේශය අද රුසියාව ඉතාම පහත් මානුෂික අයිතිකම් නැති දුක්බර රටක් කියා පෙන්වන්න. අදත් එයම කරනවා. අපි දකින්නේ ඒවා පමණක් නිසා, අපි සිතන්නේ බටහිරට අවශ්‍ය කරන අදහස් පමණයි. නමුත් සැබෑව බොහෝ වෙනස්. එය තේරුම් කිරීමට නොහැක. ලිවීමට බොහෝ දේ ඇත. ලංකාදීපය එයට තැනක් නොවේ. වැඩි පුර ලෝකය හදාරන්න. (නදී)
රුසියාව යනු ස්වභාවික සම්පත් බහුල විශාල රටකි. ඔවුන්ටම ආවේනික තාක්ෂණයක් සාහිත්‍යක් ඇත. ශ්‍රී ලංකාව සම්බන්දයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන ඔහු වැනි යුග පුරුෂයකු හා සම්බන්ද වීම අප රටට විශාල ආරක්ෂාවකි. (නදී)
ලංකාවට ඈත අතීතයේ සිටම උදව් කරපු මිතුරෙක් රුසියාව. අපි නොබෙදි ජාතියක් වශයෙන් ලෝකයේ සියලුම රටවල් සමග මිතුරු සම්බන්ධතා පවත්වා අපේ රටට උදව් ලබා ගන්නට ඕනේ (නදී)
රුසියාව යනු ස්වබාවික සම්පත් බහුල විශාල රටකි. ඔවුන්ටම ආවේනික තාක්ෂණයක් සාහිත්‍යක් ඇත. ශ්‍රී ලංකාව සම්බන්දයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන ඔහු වැනි යුග පුරුෂයකු හා සම්බන්ද වීම අප රටට විශාල ආරක්ෂවකි. (නදී)
රුසියාව ගැන නිසි අවබෝධයක් මේ කතාකරන ගොඩ දෙනෙකුට නැහැ.1960 ගණන් වලින් පසු ලංකාවට මහා පරිමාණ ව්‍යාපෘති රැසක් ලංකාවට නොමිලේ දුන් රට රුසියාව. (නි)
රුසියාව ගැන නිසි අවබෝදයක් මේ කතා කරන ගොඩ දෙනෙක්ට නැහැ. 1960 ගනන් වලින් පසු ලංකාවට මහා පරිමාන ව්‍යාපෘති රැසක් නොමිලේ දීපු රට රුසියාව. වානේ, සිමෙන්ති, කඩදාසි, රසායනික කම්හල් ආදී රැසක් ලැබුනේ රුසියාවෙන්. වත්මන් ජනාදිපති රුසියාව ලෝකේ බලවත්ම රාජ්‍ය බවට ඉදිර වසර 5 තුල පත් කරනවා. ලෝකේ විශාලතම තෙල් නිෂ්පාදකයෙද රුසියාවයි. රුසියාව සමග හොඳ සම්බන්දතාවයක් පැවැත්වීම ලංකාවට හිතකරයි. (නදී)
රුසියාව ලංකාවට හිතවත්. හොඳ තාක්ෂණයක් තිබෙනවා. (නි)
රුසියාව ගැන නිසි අවබෝදයක් මේ කතා කරන ගොඩ දෙනෙක්ට නැහැ. 1960 ගනන් වලින් පසු ලංකාවට මහා පරිමාන ව්‍යාපෘති රැසක් නොමිලේ දීපු රටක් රුසියාව. වානේ , සිමෙන්ති , කඩදාසි , රසායනික කම්හල් ආදී රැසක් ලැබුනේ රුසියාවෙන්. වත්මන් ජනාදිපති රුසියාව ලෝකේ බලවත්ම රාජ්‍ය බවට ඉදිරි වසර 5 තුල පත් කරනවා. ලෝකේ විශාලතම තෙල් නිෂ්පාදකයාද රුසියාවයි. රුසියාව සමග හොද සම්බන්දතාවයක් පැවැත්වීම ලංකාවට හිතකරයි. (නදී)
රාජ්‍ය තන්ත්‍රික සම්බන්ධතා දියුණු කර රටට වැදගත් රටේ අනාගතය ගැන සිතා කටයුතු කරන්න.(හේ)
අපි ඇමෙරිකන් රුසියානු චෙස් ක්‍රීඩාවට ඉත්තන් නොවේ.(හේ)
ලංකා සහෝදරයා, ඔය මඩ පත්තර චිත්‍රපට කොහෙද නැත්තේ. මට පෙනෙන හැටියට ඔයා කරේ ඉඳන් කන කනවා (නදී)
රුසියාවට විරුද්දව ප්‍රතිචාර ලියා ඇති අයට කාරුණික දැනුම් දීමයි නොදන්නා දේවල් නොකිය තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න (නදී)