IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


මාකඳුරේ වී කිලෝවක් රුපියල් 45 කට දෙන්නත් බෑ

  (හේමලතා ඞී හේවගේ )

පන්නල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්  මාකඳුර කුඹුරුයායේ මෙවර මාස් කන්නයේ වී අස්වනු නෙලීමෙන් පසු  එම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කරගැනීමට නොහැකිවී ඇතිබව ගොවීහු කියති.

වෙළඳපොලේ සම්බා සහල් කිලෝවක මිල රුපියල් 130 ත් 140 ත් අතර  වූවද , ගොවීන්ගෙන් මිලදී ගනුයේ  කිලෝවක් රුපියල් 40 ත් 42 ත් වැනි  අඩු මිලකට බවත්, සම්බා වී කිලෝව රුපියල් 52 කට 53 ට මිලදී ගන්නා බව රජයෙන් පැවසූව ද එය එසේ නොවන බවද ඔවුහු චෝදනා කරති.

අක්කර 1,500 කට ආසන්න ප‍්‍රමාණයකින් සමන්විත මෙම කුඹුරුයායේ 80 % පමණ වී අස්වැන්නක් මෙවර මාස් කන්නයෙන් ගොවීන්ට ලැබී ඇතත් ඒවා අලෙවිකරගැනීමේදී රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් කටුගම්පොල මැතිවරණ කොට්ඨාශයේ නොමැතිකමද ප‍්‍රධාන පෙලේ වී ගැණුම්කරුවන් කිහිපදෙනෙකු විසින් වී මිල පාලනය කිරීම හේතුවෙන් ද  සෑම කන්නයකදීම ගෝවීන්ට මෙම ගැටඵවට මුහුණදීමට සිදුවන බවද ඔවුන් කියති.

සහතික මිලට වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් කඩිනමින් මෙම ප‍්‍රදේශයේ  ස්ථාපිත කරන ලෙස  රජයෙන් සහ අදාල අංශවලින් ඉල්ලා සිටින බවත් , එතුළින් පාරිභෝගිකයින්ට සහන මිලකට සහල් ලබා ගැනීමට  හැකිවෙනු ඇතිබවත් ඔවුහු කියති.

වී අස්වනු අලෙවි කිරීමේදී  ගෝවීන් මුහුණ පාන ගැටඵව සම්බන්ධයෙන් නාපොකුණ ගොවි සංවිධානයේ සභාපති වී මූ අබේරත්න මහතා මෙසේ කීය.

අද මේ පිටිගල් කෝරලයේ තියෙන්නේ වී මිලදී ගැනීමේ මාෆියාවක්. මොකද අපෙන් වී අඩු මිලට අරගෙන පාරිභෝගිකයන්ට සහල් වැඩි මිලට විකුණනවාග මේ තත්වය නැති කරන්න රජය මැදිහත් වෙන්න  ඕනෑ.
 ගොවියාට සාධාරණයක් මෙන්ම  පාරිභෝගිකයාටත් අඩු මිලට සහල් ලැබිය යුතුයි. ඒ සඳහා රජය වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම කළයුතුයි.

 මාකඳුර යායේ ගොවිමහතකු වන කමල් දර්ශන මහතා

මේ වසරේ මාස්කන්නයේ අස්වැන්න නෙලීම කටුගම්පොල මැතිවරණ කොට්ඨාශයේ මාකඳුර කුඹුරු යායෙන් මේ වනවිට ආරම්භවෙලා තියෙනවා. අක්කර 1500 කට ආසන්න ප‍්‍රමාණයක් මෙවර වගාකරලා තියෙනවා. ගොවීන්ට හොඳ අස්වැන්නක් ලැබිලා තියෙනවා. මේ වෙද්දි අපේ රටේ වෙළඳපොලේ සම්බා සහල් කිලෝවක මිල පවතින්නේ රුපියල් 130 ත් 140 ත් අතර මිලක.නමුත් අපෙන් වී මිලදී ගන්නේ කිලෝවක් රුපියල් 40 ත් 42 ත් වගේ අඩු මිලකට. රජයෙන් කියනවා සම්බා වී කිලෝව රුපියල් 52 කට 53 ට ගන්නවා කියලා. නමුත් මේ කටුගම්පොල ආසනයේ රජයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් නැහැ. පුද්ගලික මෝල් හිමියෝ විතරක් ඉන්න නිසා කිසිම තරඟකාරිත්වයක් නැහැ. ඔවුන් ගොවියන්ගේ වී ටික ඉතා අඩුවට තමයි මිලදී ගන්නේ. 



අදහස් (5)

මාකඳුරේ වී කිලෝවක් රුපියල් 45 කට දෙන්නත් බෑ

fairoos Thursday, 14 January 2021 02:54 PM

මේකට ආණ්ඩුවට බනින්න එපා... මුස්ලිම් මෘත ශරීර පුච්චන එක නැවැත්තුවේ නැහැනේ... ඒක ඇතිනේ ඔක්කෝමලාට...!!!

:       8       7

mohamedFriday, 15 January 2021 09:00 AM

කරන තිරිසන් වැඩවලට මෘත ශරීර නොවෙයි පුච්චන්න ඕනේ..

:       1       8

kamalSunday, 17 January 2021 04:27 AM

කවුද? මේ වෙන නමකින් පෙනීහිටින කෙනෙකුට අවස්ථාව දීම ගැන නම් කණගාටු වෙමි..

:       0       0

විජිත් Thursday, 14 January 2021 08:38 PM

කණගාටුවෙන්න එපා. හිතවත් ගොවි මහත්වරුනේ... මේ අවස්ථාව ඔබ ඔබේ කරගන්න ඔබලා සැවොම අධිෂ්ඨාන කරගන්න. ඔබ සැවොම එකතුවෙලා පුද්ගලික සමාගමක් ආරම්භ කරන්න. මුලදී ටිකක් මහන්සි වෙන්න වේවි. ඔබලාගේ වී අස්වනු අඩු මුදලට විකුණන්න එපා. ඔබලාගේ නිවෙස් වල හෝ පහසු තැනක වී තම්බා වියළා, වී - සහල් කරන යන්ත්‍රයක් බද්දට ගෙන සහල් කර ඔබේ උපරිම ලාභයත් තබාගෙන කෙලින්ම පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට විකුණන්න. පළමු වර මෙය ඔබට මහන්සිය ගෙනදෙන්නක්. හැබැයි දෙවැනි වතාවේදී ඉතාම පහසු වෙනවා. වී මෝල් අධිරාජ්‍යය එන්න කලින් තිබිලා තියෙන්නේ මෙවැනිම ක්‍රමයක්..., එ්ත් අපි ඉන්නේ 21වැනි සියවසේ කාලයකුත් ගෙවලා. ඒ නිසා තව තවත් අලුත් අදහස් වලින් යාවත්කාලීන වෙලා ඔබගේ රැකියාවේ අභිමතාර්ථයන් සාර්ථකව ඉටුකරගන්න ඔබලාට ශක්තිය ලැබේවා...!!!

:       1       6

ranjith Thursday, 14 January 2021 11:26 PM

හාල් මෝල් කාරයින්ට යටවෙලා තියෙන ආණ්ඩු තියෙනකම් ගොවියාටවත්, පාරිභෝගිකයාටවත් යහපතක් වෙන්නේ නැහැ.

:       1       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 135 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1076 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site