IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


බලන්න ලස්සන තැන් තවත් 6000ක් සොයාගනී

( තිළිණි ද සිල්වා )

මේ වනවිට දිවයින පුරා නව සංචාරක ආකර්ශනීය ස්ථාන 6000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට සංචාරක සංවර්ධන අධිකාරිය හඳුනාගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (18) පැවසීය

දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් මෙම ස්ථාන නව සංචාරක කලාප ලෙස හඳුනා ගැනීමෙන් පසු ඒවා නව සංචාරක කලාප ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවද සංචාරක අමාත්‍යවරයා කීය.

එම සංචාරක ස්ථාන වල යටිතල පහසුකම් සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීමටද අධිකාරිය කටයුතු කරන බව අමාත්‍යවරයා කීවේය.

ලබන මාසය පමණ වනවිට එම ස්ථාන වල යටිතල පහසුකම් සංවර්ධනය ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පල කරයි.

මහා මාර්ග, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන, වනජීවී සංස්කෘතික හා පලාත් පාලන යන අමාත්‍යංශ ඒකාබද්ධව මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දැනට නුවරඑළිය, ඇල්ල, ආරුගම්බේ, පාසිකුඩා, කල්පිටිය, යාල සහ බෙන්තොට ලෙස සංචාරක කලාප 07 ක් පවතින අතර , සංචාරක කලාප ලෙස ගැසට් ප්‍රකාශයට පත්ව නොමැති සංචාරක ආකර්ශණයකින් සමන්විත තවත් කලාප ගනණාවක් දිවයින පුරා පිහිටා තිබෙන හෙයින් මෙම නව සංචාරක කලාප හදුන්වා දීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය අඩපණ වුවද , වසර 2025 වනවිට ඇමරිකන් ඩො.බිලියන 10ක ආදායමක් මෙරට සංචාරක කර්මාන්තයෙන් ජාතික ආර්ථිකයට ලබා දීම රජයේ ඉලක්කයක් බවත් ,ඊට ගතහැකි ගත යුතු සෑම පියවරක්ම ගනිමින් සිටින බවද සංචාරක අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (3)

බලන්න ලස්සන තැන් තවත් 6000ක් සොයාගනී

kamal Koyrala Sunday, 18 April 2021 09:27 AM

සංචාරක කලාප කියා හඳුනාගෙන යටිතල පහසුකම් කියන්නේ ඒවායේ පෞරාණික අගය හෝ පරිසර ආකර්ශනය නැතිකර දමන එක...

:       2       22

Ranjan Monday, 19 April 2021 09:01 AM

අලුත් කලාප වල යටිතල පහසුකම් වලට පෙර තිබෙන ඒවාට අඩුම වශයෙන් පිරිසිදු වැසිකිලි දේශීය විදේශීය නොබලා ලබා දෙන්න කොටුවේ දුම්රියපළේ තිබෙන විදෙසීයන්ට වෙන්වූ වැසිකිලියට යන්න ලැබෙන්නේ සවස 4 වනතුරු පමණි. එයට හේතුව එම වැසිකිලියේ යතුර තිබෙන කාර්යාලය වසන නිසා වැසිකිලි යන අ ය 4 ට ර පෙර යන්න.මොනාද මේ විකාර කාටත් යා හැකි වැසිකිලි පද්ධතියක් රට පුරාම අවශ්‍ය නොවේද?

:       1       14

ravinMonday, 19 April 2021 12:05 PM

ලංකාවේ ජිවත්වන සමහර මිනිස්සු පොදු වැසිකිලි පමණක් නොව තමන්ගේ වැසිකිලිය වත් හොඳින් පාවිච්චි කිරීමට දන්නේ නැත. පාසලේදීම මේ ගැන කියාදිය යුතුයි. ඉන්දියාවේ වැසිකිලි නැහැ කියා කියා පාරම්බාමින් තමන්ට ලැබිලා ඇති වැසිකිලියවත් හරියට පාවිච්චි නොකරන ගෝත්‍රික,නුගත් ගැහැනුන් මිනිසුන් ඕනෑතරම් මේ රටේදී සොයාගත හැක.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 22970 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18115 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10848 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 550 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 167 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 828 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site