IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


බිඳ වැටුණු කුඩා ව්‍යාපාර යළි අරඹන වැඩපිළිවෙළකට COSMI සමඟ LIRIDI මුලපුරයි

කොවිඩ් වසංගතය හේතුවෙන් අර්බුදයට ලක් වූ ක්ෂුද්‍ර ව්‍යවසායකයන්ට සහ ජීවනෝපාය මාර්ගයක් ලෙස  කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන  ව්‍යවසායකයන්ට යළිත් තම ව්‍යාපාරවලට යොමු කරවීමේ Back to Business  (ව්‍යාපාර පුනර්ජීව) වැඩ සටහන යටතේ  එම ව්‍යවසායකන්ට සහන පදනමක් මත අමුද්‍රව්‍ය සැපයීමේ වැඩපිළිවෙළක්  ක්ෂුද්‍ර , කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්මේලනය (COSMI)  ක්‍රියාත්මක කර ඇත. මෙම ව්‍යාපෘතිය මඟින්  කුඩා සහ සුළු පරිමාණ නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන දාමය තුළ අවශ්‍ය වන අමුද්‍රව්‍ය ණය සහන පදනමක් මත ලබා ගෙන අදාළ නිෂ්පාදන සිදු කොට අලෙවි කළ පසුව අමුද්‍රව්‍යවල මිල ගෙවීමට පහසුකම සැලසෙනු ඇත.

“දැන්  ගන්න – පසුව ගෙවන්න“ (Buy Now Pay later) සංකල්පය යටතේ ක්‍රියාත්මක  මෙම වැඩ සටහනට COSMI සමඟ අත්වැල් බැඳ ගත්තේ අමුද්‍රව්‍ය සඳහා ණය ලබා දීමේ පුරෝගාමී කාර්යයක් කරන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් වන ලිරිදි ලංකා (LIRIDI Lanka) ආයතනයයි. මෙම අමුද්‍රව්‍ය සැපයුම් අවබෝධතා ගිවිසුම පසුගියදා දෙපාර්ශ්වය අතර හුවමාරු කර ගන්නා ලද අතර ණය ක්‍රමය ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතය.

  එම අවබෝධතා ගිවිසුමට අනුව  මෙම ප්‍රතිලාභය ක්ෂ්‍රදු කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්මේලනයේ  සාමාජිකත්වය දරන වානිජ මණ්ඩල සහ ව්‍යාපාර සංවිධනවල සාමාජිකත්වය දරන ව්‍යවසායකයන්ට ලබා ගත හැකි වන අතර එයින් මෙරට  කොවිඩ් වසංගත අභියෝහ හමුවේ තම ව්‍යාපාර බිඳ වැටී ඇති ක්ෂුදු සහ සුළු පරිමාණ ව්‍යවසායකයන් දහස් ගණනකට යළි ව්‍යාපාරවලට අවතීර්ණ වීමට අවස්ථාව සැලසෙයි.

මෙම අවබෝධතා ගිවිසුමට ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සම්මේලනය වෙනුවෙන් එහි පාලක මණ්ඩලයේ සභාපති දේශබන්දු මැකී හෂීම්, එම සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති නවාස් රාජබ්ඩීන්,  යන මහත්වරුන් අත්සන් තැබූ අතර ලිර්දි ලංකා සමාගම වෙනුවෙන් එහි නිර්මාතෘ කිරිල් මලූකා මහතාත් ශ්‍රි ලංකා කලමනාකාර මුදිත හෙට්ටිගම මහතාත් අත්සන් තැබූහ.

මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභය ලබන්නේ මිලියන 1.5ක් පමණ වන තම ජීවනෝපා මාර්ගය ලෙස කුඩා මට්ටමේ ව්‍යවසාය සිදු කරන ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යවසායකයන් බව COSMI ආයතනය පවසයි. ඔවුන් බොහෝමයක් ස්වයං රැකියාකරුවන් වන අතර ව්‍යාපාරයේ සේවකයන් වන්නේද ඔවුන්මයි. බොහෝ විට මෙම ඝනයට අයත් වන්නේ ව්‍යාපාරයේ සේවකයන් පහකට අඩු ව පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ය.

 ජීවනෝපාය ලෙසින් ඉතා කුඩා ව්‍යාපාර කරගෙන යන ව්‍යවසායකයන්ට නවමු අත්දැකීමක් වෙන මෙම දැන් ගන්න- පසුව ගෙවන්න (Buy Now - Pay later) තේමාව යටතේ ලබා දෙන මෙම සුවිශේෂී සහනය පිළිබඳව අදහස් දැක්වූ මෙරට ප්‍රකට ව්‍යාපාර නායකයකු  මෙන්ම ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සමමේලනයේ සභාපති නවාස් රාජබ්දීන් මහතා මෙරට බැංකු පද්ධතිය හරහා හෝ වෙනත් පහසුකම් මත ප්‍රතිලාබ නොලබන කුඩා මට්ටමේ ව්‍යවසායකයන්ට මේ මොහොතේ යළි තම ව්‍යාපාරයට අවතීර්ණ වීමට පවතින ප්‍රධානතම ගැටලුව ඔවුන්ගේ බිඳ වැටී ගිය ආර්ථික පසුබිම හමුවේ අමුද්‍රව්‍ය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීම බවත් මෙම ප්‍රශ්නයට තම සම්මේලනයට ලිරිදි ලංකා ආයතනය සමඟ එක්ව සාර්ථක විසඳුමක් ලබා දිමට මෙයින් හැකිවූ බවය.

“මේ මොහොතේ රටම පමණක් නොව මුළු ලොක්යේම ආර්ථිකය පවතින්නේ අභියෝගාත්මක මට්ටමක. එවැනි තත්වයක් හමුවේ ලොකුම පහරක් වදින පිරිසක් වන්නේ එදිනෙදා ජීවනෝපාය ලෙසින් තමන්ගේම කර්මාන්තයක් කරගෙන සිටින ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යවසායකයන්ට.ශ්‍රි ලංකාවේ එවැනි කුඩා ව්‍යාපාරවලින්  සියයට 70ක් පමණ මේ මොහොතේ පවතින්නේ අසාධ්‍යව එසේ නැතිනම් මිය යාමට ආසන්නව.   රජයකට වුණත් ඔවුන් වෙනුවෙන් තනිවම සහන, පහසුකම් සැලසීම අසීරු දෙයක්. අනෙක පසුගිය වසරේදි කොවිඩ් වසංගතය හේතුවෙන් ව්‍යාපාර අකර්මණ්‍ය වූ ව්‍යවසායකයන්ට රුපියල් බිලියන 60ක පමණ සහනයක් ලබා දීමට රජය කටයුතු කළත් මෙම සහනය බොහෝ විට ලැබුණේ බැංකු පද්ධතිය හරහායි. එම ප්‍රතිලාභය බැංකු සුරැකුම් , ඇපකර තැබිය හැකි වැඩිම ව්‍යසනයකට ලක්  වූ සංචාරක, හෝටල්, වැනි ක්ෂේත්‍රවල ව්‍යවසායකයන්ට සහනයක් වුණත් එවැනි වත්කම් නොමැති කුඩා පරිමාණයට මෙම සහනය ප්‍රායෝගිකව සාර්ථක විසඳුමක් වුණේ නෑ. නමුත් ඔවුන්ට මේ මොහොතේ පවතින මූලික ප්‍රශ්නයකට විසඳුමක් ලබා දී ඔවුන් යළි ආර්ථික ක්‍රියාවලියට දායකත්වයක් දෙන මට්ටමට පත් කිරීම රජයටත් රටටත් සහනයක්. ඒ අරමුණින් තමයි අප මෙම වැඩ සටහන ක්‍රියාත්මක කළේ. මම විශ්වාස කරන ආකාරයට මූලික අදියරේදීම අපට මෙම වැඩසටහනින් විශාල පිරිසකට සහනයක් ලබා දිය හැකියි. ඔවුන්ගේ ව්‍යාපාර යළි පණ ගැන්විය හැකියි. “ යනුවෙන් පැවසීය.

මෙහිදී ලිරිදි ලංකා ආයතනයේ නිර්මාතෘ කිරිල් මලූකා මහතා ද අදහස් දක්වමින් පවසා සිටියේ දැන් ව්‍යාපාරය කර  දැන් ගන්න - පසුව ගෙවන්න (Buy Now, Pay Later) සංකල්පය තම ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් ලබා දෙන ආයතනයේ නිර්මාණශීලී කණ්ඩායම විසින් රටවල්  ගණනාවක සාරථකව ක්‍රියාත්මක වෙමින් පවතින සංකල්පයක් ශ්‍රි ලංකාවට හඳුන්වා දීමට කටයුතු කළ  බවය. එම රටවල ලැබූ සාර්ථක අත්දැකීම් මත එය ශ්‍රි ලංකාවටද හඳුන්වා දීමට කටයුතු කළ බව ඔහු තවදුරටත් පැවසීය.

“විශේෂයෙන් කුඩා සහ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකයන්ට තිරසාර ලෙස තම ව්‍යාපාර කටයුතු මෙහෙයවා ඔවුන්ගේ  ජීවන මට්ටම ගුණාත්මක අතින් ඉහළට  ඒම එහි අරමුණයි. එවැනි අරමුණකින් ක්‍රියාත්මක යන ලරිදි ආයතනයේ නිර්මාතෘවරයා ලෙස  කොස්මි ආයතනය සමඟ අත්වැල් බැඳගෙන මෙවැනි නව වැඩපිළිවෙළක් දියත් කිරීමට ලැබීම තමන් ලද විශිෂ්ඨ අවස්ථාවක් බව ඔහු සඳහන් කරයි. මලුකා මහතා පවසන්නේ ඉදිරි වසර 4ත් 5ත් තුළ මෙරට කුඩා පරිමාණ ව්‍යවසායකයන් ලක්ෂ ගණනකට අවස්ථා සලසා දිමට තම ආයතනය සූදානමින් සිටින බවයි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ කොස්මි  පාලක මණ්ඩලයේ සභාපති මැකි හෂීම් මහතාද සඳහන් කළේ  අතේ මුදල් නොමැතිව ව්‍යාපාරය යළි ආරම්භ කිරීමට නොහැකිව අසරණව  සිටින කුඩා පරිමාණයේ ව්‍යවසායකයන්ට    මෙය විශාල අවසථාවක් බවයි. ඔවුන්ට අමුද්‍රව්‍ය ණය සහන ලබා ගෙන නිෂ්පාදන අලෙවි කිරීමෙන් පසුව  සති දෙකක් තුළ ජංගම දුරකථන ඇප් එකක් හරහා යළි එම මුදල් පියවීමේ හැකියාව පවතින අතර කිසිදු ඇපකරයකට ඔවුන්ට යටත් නොවීම සහ අධික පොලියක් ගෙවන්නට නොමැති වීම විශාල සහනයක් යයි සඳහන් කළේය.

මෙහිදී COSMI උප සභාපති කෞෂාල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් මෙම නව්‍ය අත්වැල් බැඳ ගැනීමෙන් මෙරට කුඩා පරිමාණ ව්‍යවසායකන්ට සෘජුවම තම ව්‍යාපාරය ආරම්භ කිරීමෙට මෙතෙක් නොවූ විරු අවස්ථාවක් පෑදෙන බවය.

ආයතන ද්විත්වය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට COSMI උපදේශකයකු ලෙස කටයුතු කරන සමන්ත අබේවික්‍රම මහතා, එහි ප්‍රධාන විධායක නිලූ රාජපක්ෂ මහත්මිය  සහ ලිර්දි ලංකා සමාගමේ ශ්‍රි ලංකා කළමනාකාර මුදිත හෙට්ටිගම මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

බිඳ වැටුණු කුඩා ව්‍යාපාර යළි අරඹන වැඩපිළිවෙළකට COSMI සමඟ LIRIDI මුලපුරයි

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘General Insurance Summit 2023’ සාර්ථකව පවත්වයි
2024 ජුලි මස 25 35 0

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජනරල් ලිමිටඩ් විසින් සංවිධාන කරන ලද ‘General Insurance Summit 2023’ වැඩසටහන, ‘Unveiling Excellence - A New Era Unfolds’යන තේමාව යටතේ පසුගිය දා මීගමුව Jetwing Blueහෝටලයේ


දිගු කාලීන තිරසාරත්වයට පුනර්ජනනීය බලශක්තිය
2024 ජුලි මස 17 235 1

ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ කාර්මික සංවර්ධනයට මෙන්ම නූතන සමාජය නිර්මාණය වීමට මූලික වශයෙන් බලපෑ සාධකයක් ලෙස හඳුන්වා දිය හැකි ෆොසිල ඉන්ධන, ක්‍රමයෙන්


LOLCෆිනෑන්ස් මෙතෙක් ලැබූ ඉහළම ලාභය වාර්තා කරයි
2024 ජුලි මස 16 318 0

ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLCෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වසර සඳහා රුපියල් බිලියන 21.5 ක ලාභ වාර්තා කරමින් සුවිශේෂී කාර්යසාධනයක් සටහ


ලිට්‍රෝ ගෑස් ලෝක LPගෑස් දිනය සමරයි
2024 ජුලි මස 15 62 0

2024 ලෝක LPගෑස් දිනය සමරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම LPගෑස් සැපැයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය, පරිසර හිතකාමී බලශක්තිය ප්‍රවර්ධනය කිරීමෙන් සමා


විවිධ දක්ෂතා දැක්වූ තරුණ තරුණියෝ 40ක් ඇගැයෙති
2024 ජුලි මස 15 43 0

සූර්යා විම් සහ ශ්‍රී ලංකා තරුණ කවුන්සිලය එක්ව මෙරට දක්‍ෂතා දක්වන තරුණයන් ඇගැයීම උදෙසා සංවිධානය කෙරුණු තරුණ සම්මාන උළෙලක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී


Earthfoamවෙතින් රබර් ගොවීන්ගේ දරුවන්ට රු.මි.15කට වැඩි පාසල් උපකරණ
2024 ජුලි මස 10 111 0

ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoam


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1155 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site