( තිළිණි ද සිල්වා )
කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අදාල මූලික අනුමැතිය ශ්‍රී ලංකා රජයෙන් ලැබී ඇති බව ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහය සදහන් කර සිටී.
ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ එහි සියයට 51ක කොටස් හිමිකර ගැනීමට බලාපොරොත්තු වන බවය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළ අභිප්‍රාය ලිපිය තම සමාගම වෙත යොමුකර ඇති බව අදානි ව්‍යාපාර සමූහය සඳහන්කර තිබේ.
ඒ අනුව ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව අදානි ව්‍යාපාර සමූහය පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ පර්යන්තය රැක ගන්න වෘත්තීය සමිති නැතිද? අනික මේක 51% ක් අදානිට. කොහෙවත් ඉන්න පරදේශක්කාර ඉන්දියන් කල්ලතෝනියෙකුට... මෙයා කීයක් කොමිස් දුන්නාද දන්නේ නැහැ මිස්ටර් 10%ට...