(අංජුල මහික වීරරත්න)
මේ මාසය අවසන් වනවිට බැංකුණය පොලිය 12% සිට 10% දක්වා අඩු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලයේ දී පැවසීය. පාස්කු ප්‍රහාරයෙන් කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය කෙටි කලක් ඇතුළත යථාතත්වයට පත්වනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා ඇතුළු ආණ්ඩුව සූදානම් බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්‍ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනා විවාදයේ දී ඔවුනට ඝන පුර්ණය තබා ගැනීමටවත් නොහැකි වූ බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ත්‍රිකුණාමල නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට අද (14) එක් වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.
"මේ මාසය අවසන් වන විට බැංකුණය පොලිය 12% සිට 10% දක්වා අඩු කිරීමට අප කටයුතු කර තිබෙනවා. මෙමගින් විශාල පිරිසකට සහනයක් සැලසෙනු ඇතැයි අප විශ්වාස කරනවා.
මේ වසරේ මුලදී විදේශ සංචාරකයින් 160,000 ක් ලංකාවට පැමිණියා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම සංඛ්‍යාව 30,000 දක්වා අඩු වුණා. නමුත් ඉන්පසු රජය ගෙන ගිය කඩිනම් වැඩ පිළිවෙළ නිසා ජුනි මාසයේදී එම සංඛ්‍යාව 63,000 දක්වා වැඩි වුණා. මේ මාසය අවසන් වන විට එය ලක්‍ෂයක් දක්වා වර්ධනය වන බව කිව යුතුයි. එමෙන්ම අගෝස්තු මාසය අවසන් වන විට මේ සංඛ්‍යාව 125,000 දක්වා වැඩි කර ගැනීමට අප පියවර ගෙන තිබෙනවා" යැයිද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සූත්තරයෝ ගහ දන්නා අපිට "සුදුලුනු" පොඩි කරන්න හදන්න එපා.. ඔහේගේ අතීසාර අර්ජුන් පල්හොරාගේ පිහිටෙන් හොරා කාපු අහිංසක මිනිසුන්ගේ සල්ලි ඔක්කොම ගෙනත් බාරදෙනවා. නැත්නම් වෙන්නේ ජාති ජාතිත් පව් ගෙවන්න. ඔය ඉන්නේ එහෙම හොරා කාපු අය බලාගත්තු අතේ බලාගෙන දුක්විඳිනවා පවුල් පිටින්...
මැතිවරණෙට නාම යෝජනා දුන්නට පස්සේ නේද ඔය පොලිය අඩුකරන්න හිතාගෙන ඉන්නේ?
රවීන්ද්‍ර, මහ බැංකුවට අදාළව සිදුවූ බව කියවෙන්නේ අභ්‍යන්තර වෙළෙඳාම් චෝදනාවක්. එහෙම නැතුව ඔයා කියන ආකාරයේ චෝදනාවක් ආවේ සක්විති, ගෝල්ඩන් කී වගේ ආයතනවලට අදාළව. මහ බැංකුව මහජන තැන්පතු භාර ගන්නේ නෑ.
ව්‍යාපාරික සහ නිවාස ණය සදහා බැංකු පොලිය අඩුම තරමේ 6% දක්වාවත් අඩුකළ යුතුයි , සංචාරක ව්‍යාපාර වැනි දේවල් වලට බැංකු ණය දෙනකොට , සංචාරක මණ්ඩලේ අනුමැතිය ඉල්ලීම වැනි බාදක ඉවත් කොට , ව්‍යාපාරිකයට බැංකුව සමග කෙලින්ම දේපල ඇපයට තබල් ණය ගන්න පුළුවන් ක්‍රම වේදයක් සකස් කල යුතුය . බැංකු පොලිය අඩු කර ණය ලබාගැනීම සරල කලොත් මිනිස්සු නිවාස සැදීමට , අලුතින් ව්‍යාපාර අරම්හ කිරීමට පටන්ගැනීමෙන් නව රැකියා අවස්ථා ඇතිවී මිනිසුන් අතර මුදල් සංසරණය වීමෙන් රජයට වක්‍රාකාරව බදු අදයම්ක්ද ලැබෙනු ඇත .
කාටත් අමතක වුනාද එතකොට තැන්පතු පොලියත් අඩුවෙන බව!!!!!
රවින්ද්‍ර, හැම කතාවකටම මහ බැංකු කතාව යොදාගන්න එපා. ඒක හරියට මැක්කාගේ කතාව වගේ.
මට දැනගන්න ඕනේ දැනට අරන් තිබෙන ණය වල පොලියත් අඩුවෙනවද , නැතිනම් අලුතෙන් ගන්න ණය වලට විතර ද ?
මුණසිංහ මහත්මයා ව්‍යාපාරිකයන් නිවාස ඉදිකරන්නන් බැංකු පොලිය වැඩි නිසා ණය ගන්නේ නැතුව නිකන් ඉන්න කොට, ණය ඉල්ලුම අඩු වෙන නිසා, කොහොමත් කාලයක් යනකොට තැන්පතු වලට ගෙවන පොලිය අඩුකරන්න බැංකුවලට සිදුවෙනවා. මිනිස්සු සල්ලි බැංකුවල දමාගෙන පොලියෙන් කාකා බිබී සිටියට රටක ආර්ථිකය වර්ධනය නොවේ. ව්‍යාපාරිකයන් අලුත් ව්‍යාපාර පටන් ගන්නකොට, තිබෙන ඒවා වැඩිදියුණු කරගන්න කොට, මිනිස්සු නිවාස ණය අරගෙන ගෙවල් හදනකොට... රටේ රැකියා අවස්ථා වැඩිවේ. එවිට ජනතාව අතර සිදුවන මුදල් සංසරණය තුළින්, රජයට ලැබෙන බදු මුදල්ද වැඩිවේ... හොඳම උදාහරණය ජර්මනිය, 2006 ඔවුන් බැංකු ණය සඳහා පොලි අනුපාතය වර්ෂයකට 1% දක්වා පහළ දැම්මා.. එමනිසා ඔවුන්ගේ ආර්ථිකය 2006 සිට මේ දක්වා සෑමවර්ෂයකම වර්ධනයක් පෙන්නුම් කරන අතර විරැකියාවද සීඝ්‍ර ලෙස පහළ ගොස්.., පසුගිය අවුරුදු 10 තුළ යුරෝපයේ හොඳම ආර්ථිකයට හිමිකම් කියනවා. ලංකාවේ ආර්ථික වර්ධනයක් ලබන්නට නම් බැංකු පොලිය 7%ට වැඩිය අඩු මට්ටමකට ගෙන එන්න ඕනේ...
බොරු කයිවාරුව නවත්ත ගන්න. දැන් ඇති වෙලා
අන්තිමේදී කරපු දෙයක් නැහැ. රවියා කෙලපු ඒවා මංගලයා කියනවා, මංගලයා ගහපු දේවල් රවියා කියනවා. මේ ඔක්කොම ලංකාව සුද්ද කරලා. මලික් කාටත් හොරෙන් ඇග්‍රිමන්ට් ගහගහා හම්බ කරනවා. කවුරුත් දන්නේ නැහැ. මේ වෙනකොට රට විකුණලද කියලා.. ඇමෙරිකාවට සෝෆා එකට නිකන් හරි කියලා. මදැයි 6.2 ඡන්දෙන් ලංකාවට වුණු වැඩේ. වඳින්න ගිය දේවාලේ හිසේ කඩාවැටිලා...
තැන්පත් පොලිය අඩු වෙන විට මිනිස්සු බැංකු වල මුදල් තියන්නෙ නැහැ. එතකොට බැංකු ණය දෙන්නේ කාගෙන් අර ගෙනද? මේ දෙකෙහිම තුලිත බවක් තිබෙන්න ඕන.
සාමාන්‍ය ව්‍යවහාරේ තියෙන්නේ නම් කාලකන්නියෙක් කියලා.. එකෙක් ඉන්නවා නම් ඒ වගේ එවුන් කරන්නේ කාලකන්නි වැඩ විතරයි කියලා. මහ බැංකුවට යාළුවො එක්ක එකතු වෙලා මුළු බැංකුවම හොරා කෑවා. එ්කේ පාඩුව පියවන්න ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්, ග්රැටිවිටි එකට 14% පොලියක් ගහලා අහිංසක මිනිස්සු හම්බ කරන එක හූරං කනවා. ඒ මදිවට ඒවට ලැබෙන පොලිය සෑහෙන්න ගානකින් අඩු කරලා දැම්මා. පොඩි ළමයින්ගේ බැංකු ගිණුමෙනුත් බදු ගහලා හූරන් කනවා. දැන් බැංකු වලින් සාමාන්‍ය ගිණුම්වලට දෙන පොලියත් අඩුකරලා එ්කත් හූරං කන්න හදන්නේ... මෙහෙම එකෙක් එනකන් අපායේ යමපල්ලො බලන් ඉන්නේ... මෙයා අපායට යන එකනම් නවත්තන්න බැහැ මොනවා කරත්... මොකද අපි හැමදාම සාප කරනවා... කරන ජඩවැඩ වලටයි බලු වැඩවලටයි...
එකාට කීය ගානේ දීලද ඝන පුරණේ අඩුකරගත්තේ?
මුණසිංහ මහත්මයා, මිනිස්සු වැඩිපුර තිබෙන සල්ලි බැංකුවල තැන්පත් කරන්නේ නැතුව, ගෙදර දුමේ හංගලා තියන්නද? සල්ලි ණයට දුන්නාම ලැබෙන වාරිකවලින් නැවත ණය දෙන්න පුළුවන්.. පොලිය අඩුවුණත් මිනිස්සු සල්ලි බැංකුවල තැන්පත් කරනවා. දැනට ව්‍යාපාරික ණය වලට ගන්න 12-16% අතර පොලියට ණය අරන් ව්‍යාපාර මුකුත්ම කරන්න බැහැ. ණය පොලිය 7%ට වැඩිය අඩු කරන්න...
මේක හරියට දැලි පිහියෙන් කිරි කනවා වාගෙයි
අකිල මහත්මය බැංකුවල ගොඩගහලා තියන්න තරම් මම මෝඩ සහ කම්මැලි නැහැ. මට ලංකාවේ සාර්ථක සංචාරක හෝටල් ව්‍යාපෘතියක් තිබෙනවා. මම ඒවා ආරම්භ කරන්න අවශ්‍ය මුදල් වලින් කොටසක් ණයට ගත්තේ ජර්මනියේ ඇති මගේ නිවාස උකසට තබලා ජර්මන් බැංකුවකින් මම වාර්ෂිකව ගෙවන පොලිය 1 %... නමුත් මට තිබෙන පහසුකම් අපේ ලංකාවේ සහෝදර සුළුපරිමාණ ව්‍යාපාරිකයින්ට නැහැ. අපේ රටේ මහාපරිමාණ හෝටල් විශාල සංඛ්‍යාවක අයිතිය ඇත්තේ ශැන්ග්‍රිලා වැනි බහුජාතික සමාගම් වලට , කුඩා පරිමාණ හොටල් වලින් වැඩි හරියක හිමිකරුවන් විදේශිකයන්... ඔවුන් එම රටවලින් මුදල් ගෙනත් මේවා මෙහෙ හදලා තිබෙනවා. අපේ රටේ සංචාරක ව්‍යාපාරයෙන් හම්බ කරන මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් පිටරටට නැවත ඇදීයනවා. ලංකාවේ සිටින සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපරිකයින්ට මේ විශාල බැංකු පොලිය සහ ණයක් ලබාගැනීමට ගියාම එම ක්‍රමවල සංකීර්ණ භාවයත් නිසා ව්‍යාපාර ආරම්භ කිරීමට විශාල බාධා ඇතිවෙලා. ලංකාවේ මුදල් බැංකුවල ගොඩගහලා තබන්නේ නැතිව ජනතාව අත සංසරණය විය යුතු බව මගේ අදහසයි..
හැමදේකම වැරදි දකින්නේ අසුභවාදී මිනිස්සු. හොඳකුත් දකින්න පාට කණ්ණාඩි ගලවලා සහ අනුන්ගේ මොළෙන් හිතනඑක නවත්තලා. බැංකු ණය පොළිය අඩු කරන එක සංවර්ධනයට හොඳයි. මුදල් තියෙන්නේ තැන්පත් කරන්නම නෙමෙයි. වැඩි කොටසක් ආයෝජනය කරන්න. ඒක බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා.