IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය

  • ඉදිරි වසර 10 තුළ මෙරට තරුණ තරුණියන් ලක්ෂ 10 ක් ශ්‍රම වෙළෙඳපොළට. එහෙත් උත්පාදනය කළ හැක්කේ රැකියා ලක්ෂ තුනයි. ලෝක බැංකුව පුරෝකථන කරයි
  • එම හිඩැස පිරවීමට ලෝක බැංකුවෙන් අංශ 4 ක් සඳහා ඇමෙරිකානු ඩොලර් ඩොලර් බිලියනයක්
  • පැකේජය යටතේ බලශක්ති, කෘෂි කර්මාන්ත, සංචාරක සහ පළාත් සංවර්ධනය යන අංශවලට සහාය

විමුක්ති එස් රුද්‍රිගු



ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා පෙරේදා (07) නිවේදනය කළේය.

රැකියා සහ ආයෝජන සඳහා ඉහළ අවස්ථාවක් තිබෙන අංශ 4 ක් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක සහාය ලබා දීමට තීරණය කළ බවත් වසර තුනක් පුරාවට එම සහාය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය. බලශක්තිය, කෘෂි කර්මාන්තය, සංචාරක සහ පළාත් සංවර්ධනය යන අංශ සඳහා මෙම මූල්‍ය සහාය ලැබෙන බව ලෝකව බැංකුව පැවැසුවේය.

වසර 20 කට පසුව මෙරටට පැමිණි ප්‍රථම ලෝක බැංකු සමූහයේ සභාපතිවරයා වූ අජේ බංගා මහතා පෙරේදා (07) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමෙන් පසුව ලෝක බැංකුව මෙම නිවේදනය කළේය. 

මෙරට ආර්ථික අවස්ථා පුළුල් කිරීම, දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සහ දිගු කාලීන ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීම සඳහා මෙරටට පෞද්ගලික ප්‍රාග්ධනය වැඩි වශයෙන් ගෙන්වා ගැනීම ඉලක්ක කරමින් මෙම මුලපිරීම ආරම්භ කළ බවද ලෝක බැංකුව පැවැසුවේය. 

ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීමටත්, පෞද්ගලික ව්‍යවසායන්ට ශක්තිමත් විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීමටත් මෙය සුදුසුම කාලය බවත් විශේෂයෙන්ම විශාල වශයෙන් නව රැකියා අවස්ථා ඇති කළහැකි අංශවලට වර්ධනය විය හැකි වටපිටාවක් නිර්මාණය විය යුතු බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

එළැඹෙන වසර 10 ක කාලයේදී ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළෙඳපොළට අලු‍තින් තරුණ තරුණියන් ලක්ෂ 10 ඇතුළු වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවත් එහෙත් එම කාලයේදී ශ්‍රී ලංකාවට නව රැකියා අවස්ථා ඇතිකළ හැක්කේ ලක්ෂ තුනක් පමණක් බව පුරෝකථනය කර තිබෙන බවත් ලෝක බැංකුව පැවැසුවේය.

මෙම හිඩැස පිරවීම මුලපිරීමේ ප්‍රධාන ඉලක්කය වී ඇති බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය. නව රැකියා අවස්ථා ඇති කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමට මෙම මුලපිරීමට හැකියාව ලැබෙනු ඇති බවද ලෝක බැංකුව පැවැසුවේය.

ඒ යටතේ බලශක්ති ක්ෂේත්‍රය ඇමෙරිකානු ඩොලර් මිලියන 185 ක සහායක් ලැබෙනු ඇති බවත් ඉන් ගිගාවොට් එකක ධාරිතාවට සමාන විදුලියක් සුළං සහ සූර්ය බලශක්තියෙන් උත්පාදනය කිරීමට ශ්‍රී ලංකාවට සහායක් ලැබෙනු ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය. එහි අරමුණ මෙරට පවුල් සහ ව්‍යාපාර වෙනුවෙන් විදුලිය ගාස්තුව දැරිය හැකි මිලකට අඩුකර දීම බවද එම බැංකුව පැවැසුවේය. මෙම ව්‍යාපෘතිය මගින් ඩොලර් මිලියන 800 කට අධික පෞද්ගලික ආයෝජන රැස්කර ගැනීමට අපේක්ෂා කරන බවත් එයට ඇපකර ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක් ඇතුළත් වන බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

කෘෂි කර්මාන්තයට ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක සහායක් ලැබෙනු ඇති බවත් එය මෙරට ගොවීන්ට සහ කෘෂි ව්‍යාපාරවලට නව තාක්ෂණයන්ට අනුගතවීමටත්, වෙළෙඳපොළ ප්‍රවේශය ලබා ගැනීමටත්, පෞද්ගලික ප්‍රාග්ධනය ඇද ගැනීමටත් අවස්ථාව ලබාදෙනු ඇති බවත් ලෝක බැංකුව පැවැසුවේය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලාංකිකයන් 380,000 කට ප්‍රතිලාභ ගෙනදෙනු ඇති බවත් එයට කෘෂි ආහාර නිෂ්පාදකයන් 8000 ක් අයත් වන බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය. 

මුලපිරීම යටතේ සංචාරක කර්මාන්තයට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක සහායක් ලැබෙනු ඇති බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

අවසාන වශයෙන් පළාත් සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක සහාය ලැබෙනු ඇති බවත් යටිතල පහසුකම්වල ආයෝජන ලෙසත්, දේශීය කර්මාන්ත සංවර්ධනයටත්, උතුරු, නැගෙනහිර පළාත් ඇතුළුව නිසි අවධානයක් යොමු නොවූ ප්‍රදේශවල නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, මෙම මුදල යෙදවනු ඇති බවද ලෝක බැංකුව ප්‍රකාශ කළේය.



අදහස් (0)

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site