IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දේශීය ව්‍යාපාර නගා සිටුවීමට වැඩසටහන් රැසක්

දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ, තෙවැනි විශේෂ මහා සභා රැස්වීම සහ දිස්ත්‍රික් නායකයන් පත් කර ගැනීමේ උත්සවය පසුගිය සැප්තැම්බර් 9 වැනිදා කොළඹ තරුණ බෞද්ධ සමිති ශාලාවේ පැවැත්විණි.

උත්සවයේ ආරාධිත අමුත්තන් වූයේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර, කොළඹ කොටස් හුවමාරු ආයතනයේ වාණිජ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනී පුණ්‍යමාලි සපරමාදු, දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ උපදේශකයන් ලෙස කටයුතු කරන සුරේශ් රාඝවන් සහ සුරේෂ් අමරසේකර යන මහත්ම මහත්මීන්ය.

දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා පසුගිය වසර තුනක කාලයේ, දේශීය ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන්ට ලබා දුන් ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි කළේය.

ඊට අමතරව, ඉදිරි කාලයේ, ව්‍යවසායකයන් නඟා සිටුවීම සඳහා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් සම්බන්ධයෙන් ද කරුණු පෙන්වා දුන්නේය. ව්‍යවසායකයන් මුහුණ දෙන අර්බුද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින්, දිස්ත්‍රික්ක නායකයන් පත් කර ගැනීම සිදුවිය. යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, කිලිනොච්චි, යන දිස්ත්‍රික්කවලින් ද ව්‍යවසායකයන් මෙම උත්සවයට සහභාගී වීම කැපී පෙනෙයි. ආදිවාසී ජනතාව ද මෙම උත්සවයට සහභාගී වීම සුවිශේෂී සිදුවීමකි. 



අදහස් (1)

දේශීය ව්‍යාපාර නගා සිටුවීමට වැඩසටහන් රැසක්

Chandana udaya Kumara Friday, 15 September 2023 05:29 PM

සුබ පැතුම්...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site