IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තෙල් බැරලය සොච්චමකින් නගී

ඛනිජ තෙල් අපනයනය කරන රටවල් තෙල් නිෂ්පාදනය සීමා කිරීමට ගත් තීරණයෙන් පසුව ලෝකයේ තෙල් මිල මදක් වැඩිවිය.

දිනකට තෙල් බැරල් හත් ලක්ෂයේ සිට අට ලක්ෂය දක්වා ඉතිරි කිරීමට ගත් තීරණය මීට හේතුවිය.

පසුගිය සැප්තැම්බර් 7 වැනිදාට වඩා තෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 1.43කින් සැප්තැම්බර් 8 වැනිදා ඉහළ ගියේය. ඒ අනුව තෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 44.61 (රුපියල් 6530) විය.

එහෙත් සැප්තැම්බර් 26 වැනිදා මිල ඇමරිකා ඩොලර් 42.16කි. (රුපියල් 6171) 27 වැනිදා මිල ඩොලර් 42.30 (රුපියල් 6191) ක් බව ඔපෙක් (තෙල් අපනයනය කරන රටවල) මහ ලේකම් කාර්යාලය කියයි.

නයිජීරියා, ඇන්ගෝලා, ඉක්වදෝර, ගැබන්, ඉරාන, කුවේට්, ලිබියා, ඇල්ජීරියා, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් හා වෙනිසියුලා තෙල් බැරලයක මිල ඩොලර් 42.30 (රුපියල් 6191) ක් බව වාර්තාවේ.

ඔපෙක් රටවල් තෙල් නිෂ්පාදනය සීමා කිරීමට තීරණය කළේ වසර 8කට පසුවය. ඒ අනුව තෙල් මිල 5%කින් ඉහළට ගිය බව සීඑන්එන් ප්‍රවෘත්ති සේවය කියයි.

ලොව ලොකුම තෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබිය දිනකට බැරල් 3,50,000කින් තෙල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර ඇත. ඉරානය, නයිජීරියාව හා ලිබියාව නිෂ්පාදන කප්පාදුවෙන් නිදහස් කර ඇත. ලිබියාවේ හා නයිජීරියාවේ තෙල් ළිං ත්‍රස්ත ප්‍රහාරවලින් වනසා දමා ඇත. 2014 දී තෙල් බැරලයේ මිල ඇමරිකා ඩොලර් 100ක් විය. තෙල් සැපයුම වැඩිවීමත් සමගම පසුගිය පෙබරවාරියේ දී තෙල් බැරලයේ මිල ඇමරිකා ඩොලර් 26 දක්වා පහත වැටුණේය. 

පසුගිය මාස කිහිපයේ තෙල් මිල මදක් ඉහළ ගොස් දැන් තෙල් බැරලයක මිල ඩොලර් 47 දක්වා අඩු වැඩිවෙමින් පවතින බව සීඑන්එන් ප්‍රවෘත්ති සේවය කියයි.

 

 



අදහස් (0)

තෙල් බැරලය සොච්චමකින් නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site