IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


තායිලන්තය 5 ජී සංවර්ධනයට අත ගසයි

තායිලන්තයේ 5ජී (5G) තාක්ෂණය සහ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා එරට අග්‍රාමාත්‍ය ප්‍රායුත් චාන් ඕ චා ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපිත කර ඇත.

සාමාජිකයන් 26 දෙනකුගෙන් සමන්විත මෙම කමිටුව ‘ජාතික ජී (5G) තාක්ෂණ කමිටුව’ ලෙස නම් කර ඇති අතර භාවිතයට නොගැනුණු සංඛ්‍යාත නැවත ලබාගැනීමට සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කෙරේ.
 
වන්දි ගෙවීම වෙනුවට ජාතික විකාශන සහ විදුලි සංදේශ කොමිසම අදාළ සංඛ්‍යාත නැවත ලබා ගැනීමට පියවර ගන්නා අතර5ජී (5G) තාක්ෂණ සංවර්ධනය සඳාහා සහාය දීමත් අදාළ ආයතන අතර සහයෝගීතාව වැඩි කිරීම සම්බන්ධයෙනුත් මෙම කමිටුව අවාධනය යොමු කරනු ඇත.
 
තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් වන සොම්කිද් ජටුශ්‍රීපිටාක්, ප්‍රාවිත් වොන්ග්සුවෝන් සහ විසානු ක්‍රියාන්ගම් මෙම කමිටුවේ නියෝජ්‍ය සභාපතිවරු ලෙස කටයුතු කරති. මුදල්, සංචාරක සහ අධ්‍යාපන යන විෂය භාර අමාත්‍යවරුද මෙම කමිටුවේ සාමාජිකත්වය දරති.
 
ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා කමිටුවේ නිත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර සමාජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කමිටුවේ අධ්‍යක්ෂ සහ කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරයි.

තායිලන්තය තුළ 5ජී (5G) තාක්ෂණය සංවර්ධනය කිරීම හා ප්‍රවර්ධනය කිරීම, ආර්ථිකය සඳහා 5ජී (5G) තාක්ෂණය උපරිමයෙන් භාවිත කිරීම, පාරිභෝගිකයන්ට උපරිම සේවාවක් සහ ප්‍රතිලාභ සැපයීම සම්බන්ධයෙන් සැලැසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණු වී ඇත.
 
රට 5ජී (5G) තාක්ෂණයට අනුගත කරමින් එය භාවිතයට ගැනීම ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා මෙම කමිටුව මාර්ග සැලැස්මක් ද සකස් කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රධාන අමාත්‍යාංශයවල නියෝජිතයන් සම්බන්ධ කරගන්නා බව ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික විකාශන සහ විදුලි සංදේශ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් තාකෝන් ටන්ටාසිත් පැවැසීය.
 
‘කොවිඩ්-19’ වසංගතයේ ව්‍යාප්තියත් සමඟ තායිලන්තයේ ප්‍රධාන දුරකතන සන්නිවේදන සමාගම් 5ජී (5G) තාක්ෂණය භාවිතයට ගැනීම වැඩි කළ අතර පහසුකම් හා සේවා ද වැඩිදියුණු කළේය. වයිරසයට එරෙහිව කරන සටන ශක්තිමත් කිරීමටත් ඊට සහාය දීමක් ලෙසත් රටේ ප්‍රධාන දුරකතන සමාගම් 5ජී (5G) ජාල රෝහල්වල ස්ථාපිත කරමින් වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය කාර්යමණ්ඩලවලට පහසුකම් සැපයීය ය.
 
රෝහල්වලට 5ජී (5G) තාක්ෂණය සැපයීම සඳහාත් කෘත්‍රීම බුද්ධියේ සහාය ඇතිව විසඳුම් සැපයීමේ ක්‍රියාවලිය සඳහාත් තායිලන්තය හුවාවි සමාගම සමඟ අත්වැල් බැඳගෙන සිටී. අධිවේගි ජාලයක් තුළින් පහසුකම් සැපයීම මෙහි අරමුණ වී ඇත.
 
කොරෝනා වසංගතයට එරෙහිව සටනේදී 5ජී (5G) තාක්ෂණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර වසංගතයෙන් පසුව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේදී ද 5ජී (5G) තාක්ෂණය ‘‘ප්‍රාණ නාලිය’’ වශයෙන් කටයුතු කරනු ඇත. වසංගතයෙන් පසුව ආර්ථික කටයුතු නවැත ආරම්භ කිරීමේදීත් 5ජී (5G) තාක්ෂණය ඩිජිටල් තාක්ෂණයටත් තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රවලටත් විශාල තල්ලුවක් ද ලබාදෙනු ඇත.
 
(055)

 



අදහස් (4)

තායිලන්තය 5 ජී සංවර්ධනයට අත ගසයි

lalith Sunday, 31 May 2020 04:57 PM

අපිත් ඉක්මන් කරලා මේ 5G තාක්ෂනේ රටපුරා සවිකරනවා නම් රටට විශාල ඉදිරි පිම්මක් පනින්න පුළුවනි. ඔන්ලයින් අධ්‍යාපනය මගින් දක්ෂ ගුරුවරුන්ගේ සේවය එකවිට සියලු පාසල්වලට ලබාදීම, දුරස්ථ වෛද්‍ය විශේෂඥයින්ගේ සහාය රටපුරා රෝහල්වලට ලබා ගැනීම මගින් වෛද්‍ය විශේෂඥ හිඟය මගහරවා ගැනීම... රටපුරා මුදල් අයකැමි යන්ත්‍ර හරහා පාරිභෝගික බදු එවෙලේම අදායම් බදුවලට බැරකර ගැනීමේ හැකියාව, අධිවේගීව විදේශ රටවල් සඳහා දුරස්ථ සේවාවන් සැපයීම වැනි මෙකී නොකී අවස්ථා එමටයි. ඔන්න මෙවැනි දෙයකට නම් චීනෙන් හිනි පොලියට හරි ණය ලබාගත්තට කමක් නැහැ.

:       0       1

ranaTuesday, 02 June 2020 06:34 AM

පරණ යන්ත්‍ර වැඩිමිලට ගැනීම නිසා ICTA ලොක්කා ඉල්ලා අස්වේ.. ඔබ මේ මක්කද දොඩන්නේ ! නවීකරණය හා අපේ කොමිස් කාක්කෝ එළවා දැමුවේ නැත්නම් අපිට සහ රටට අබ සරණ තමා...

:       0       13

Nalaka Sunday, 31 May 2020 05:39 PM

5G සහ කොරෝනා අතර සම්බන්ධය සොයන්න...

:       0       18

NuwanTuesday, 09 June 2020 08:34 AM

(5G) තාක්ෂණය තුල එය 60GHZ වලට ටියුන් කල විට ඔක්සිජන් මොලිකියුල්ස් වල ඉලෙක්ට්‍රොන ගමනට බාධා ඇතිකරනවා. ඒ විට අප ගන්න හුස්මේ ඇති ඔක්සිජන් පෙනහල්ලේදී ලේ වල හිමොග්ලොබීන් වලට උරා ගැනීමට නොහැකි වෙනවා. එයට කියන්නේ ඔක්සිජන් ඩීප්රවේෂන් කියලා.. මේ සම්බන්ධය ඔප්පුවෙලා ඉවරයි.. නමුත් වෙළඳ වාසි තකා ලෝක නායකයන් ඇතුළු බලවත් ආයතන මෙය යටගහනවා. චීනයේ වූහාන් මුලින්ම විශාල ලෙස 5ජී පටන් ගත් තැනක්, බොරු නම් බලන්න ලන්ඩන් වල මිනිස්සු 5 ජී ටවර් 5ක් ගිනි තිබ්බා.

:       0       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 174 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site