හර්ෂණ තුෂාර සිල්වා
ඩයලොග් සමාගම සිය සමාගමේ ‘ඩිජිටල් නවෝත්පාදන අරමුදලේ’ පළමු වැනි ආයෝජන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අද (29) නිවේදනය කළේය.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ව්‍යවසායකත්වය ව්‍යාපෘති හා ව්‍යාපාර අරමුදල් සැපයීම, නගා සිටුවීම, නව ව්‍යාපාර අවස්ථා බිහි කිරීම, ඩිජිටල් තාක්ෂණික ව්‍යාපාරික ශක්‍යතා ගොඩනැගීම අරමුණු කරගනිමින් ‘බී.ඕ.වී කැපිටල්’ හා එක්ව ඩයලොග් සමාගම මෙම ‘ඩිජිටල් නවෝත්පාදන අරමුදල’ ස්ථාපිත කරන ලදි.
මෙම අරමුදලේ වටිනාකම රුපියල් බිලියන 2.3ක් වන අතර එම අරමුදලේ පළමු ආයෝජන ව්‍යාපෘතිය යටතේ නව මාධ්‍ය වේදිකාවක් වන ‘රෝ’, රක්ෂණ තැරැව්කාර සේවා සපයන ‘ඉන්ෂුවර් මී’ සහ සෞඛ්‍ය සේවා සපයන ‘මයිඩොක්ටර්.එල්කේ’ යන ත්‍රිත්වය තෝරාගෙන තිබේ.
‘රෝ’ යනු සිංහල ද ඇතුළුව භාෂා ත්‍රිත්වයකින් නව හා ගුණාත්මකභාවයෙන් යුතු ලිපි පළ කරන නව මාධ්‍ය වේදිකාවකි. ‘ඉන්ෂුවර් මී’ යනු නව තාක්ෂණික ක්‍රමවේද සහ රක්ෂණ සේවා සපයන්නකු වන අතර ‘මයිඩොක්ටර්.එල්කේ’ යනු ඉතා පුළුල්ව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය සේවා සපයන වේදිකාවකි.
2025 දෙසැම්බර් මස 18
667
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩයලොග් සමාගමෙන් අරමුදලක්