බි‍්‍රතාන්‍යයට අපනයන කළ මයික්‍රා වර්ගයේ මෝටර් රථ ලක්ෂ 5 ක් යළි ගෙන්වා ගැනීමට ජපානයේ නිසාන් මෝටර් රථ නිශ්පාදන සමාගම කටයුතු කරගෙන යන බව වාර්තා වේ.
මීට හේතුව ලෙස සමාගම සදහන් කරන්නේ මේ රථවල සුක්කානම ඉබේ ගැලවී රියදුරාගේ ‘‘අතට‘‘ පැමිණීමේ ගැටළුවක් ගැන වාර්තා වී ඇති හෙයින් ඒ පිළිබද සොයා බැලීමට සිය මෝටර් රථ නැවත කැදැවන බවයි.
මේ හා සම්බන්ධ සිදුවීම් කිහිපයක් දැනටමත් ජපානයේ සිදුව ඇති අතර අවදානමට පෙර සූදානම හොද හෙයින් මේ තීරණය ගත් බව නිසාන් සමාගම කියයි.
සුක්කානම සවිවීමට රුකුල් දෙන ඇණ මුරිච්චි හරි හැටි නැති සෙයක් පෙනෙන්නට ඇති බව දැනට සිදු කළ ඇති පරීක්ෂණ වලින් හෙළිව තිබේ.පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව ගැන සැළැකිලිමත් වන සමාගමක් හැටියට මේ ගැටළුවට ඉක්මනින්ම විසදුම් ලබාදෙන බව නිසාන් සමාගම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසාන් මයික්‍රා කියන්නේ ලංකාවේ තියන නිසාන් මාර්ච් රථය යුරෝපයට හදුන්වා දුන් නම.(නදී)
සුජාන් නියම සිංහලයෙක් වගේ, ඔයා පදින වාහනය මොකක්ද? ලුමාලා එකක්ද? (නි)
ගාමිණි-සිරි, රොබෝ තාක්ෂණය යොදාගෙන කරන නිෂ්පාදන වල නිරවද්‍යතාව මිනිසුන් යොදාගෙන කරන නිෂ්පාදන වලට වඩා බොහෝ වැඩියි. මෙයින් තාක්ෂණයේදී හඳුන්වන "හියුමන් එරස්" කියන වැරදි අඩුවෙනවා. මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක් (නි)
තවම ඇමෙරිකන් සහ ජර්මන් කාර් වලට ගහන්න පුළුවන් වාහන නම් දැකලා නැහැ. ජපන් කාර් වලට කිලෝමීටර් ලක්ෂ 2 පැනපු ගමන් එන්ජින් හදන්න ඕනෑ. අමෙරිකන් සහ ජර්මන් චාර් වල කිලෝමීටර් ලක්ෂ 4 පනිනකම් දුවන්න පුළුවන් එන්ජින් හදන්නේ නැතුව. මම කිව්වේ මේක දන්නා නිසයි. (නි)
අනේ අපිට මොකද අනේ ඕවා කොහොම වුණහම? (නි)
මේක මේ මිස්ට බීන්ට හදාපු වාහනයක්ද කොහෙද? (නි)
වෙනත් රටවලත් ඔය මොඩ්ල් එක තියෙනවා. හැබැයි නම වෙනස්. නිශාන් මාර්ච් කියන්නෙත් ඕකම තමයි (නි)
මේක වැරදීමක්. නිෂ්පාදන වරදක් නිවැරදි කිරීමක් (නි)
අපේ රටේ ඔය මොඩෙල් එන්නේ නැහැ. එක එක රටවල් වලට ගැලපෙන විදියට තම මොඩෙල් හදන්නේ. අපේ රටට ගෙනාවත් ඕක හදයි අපේ රටේ ඉන්න දක්ෂ මිනිස්සු.(නදී)
මම ජපානයේ වසර 10 පමණ වැඩකලා. වාහනයක කොටස් විවිද කර්මාන්ත ශාලවල නිපදවීම තමයි සිදුවෙන්නේ. උදාහරණයක් ලෙස සුබාරු මෝටරතයේ (සුබාරු යනු දෙවන ලෝක යුද්ධයට පෙර ගුවන්යානා සෑදු කොම්පනියයි දැන් ජපානයේ ගුවන් යානා හදන්නේ නැති නිසා ඔවුන් වාහන හදනවා ) ටේලයිට් ගනිමු මාස 4,5 අපේ කොම්පැනිය (අපි හැදුවේ ලයිට් විතරයි) සුබාරු වෙනුවෙන් මෝල්ඩ් හයිකරලා වැඩකරනවා. ඉන්පසුව ඒ මෝල්ඩ් ගලවලා වෙන මෝල්ඩ් එකක් හයිකරලා නිසාන් කොම්පැනිය වෙනුවෙන් ටේලයිට් ගහනවා. යම් හෙයකින් අහබු ලෙස පරීෂාකර තත්වයට වඩා අඩු කොලිටියකින් යුතු ටේ ලයිට් එකක් හමුවුවහොත් මුළු නිෂ්පාදනය කල කන්ටෙනරයම හෝ දෙක ආපසු ගෙන්වා විනශ කිරීම ජපනුන්ගේ සිරිතයි .ඔඩර් එකක් ආපහු ආපු දාට අපි ඉවරයි.(නදී)
අයියෝ සල්ලි
ඔයින් කීයක් ලංකාවට ගොඩබායිද දන්නේ නැහැ. (ස)
මේක ලංකාවට එවන්න තිබුන එකක්. වැරදීමකින් එංගලන්තයට ගිහිල්ලාද කොහෙද? (නි)
වරුණ මයික්රා සහ මයික්‍රෝ දෙකේ වෙනස දන්නේ නැතුව එනවා මෙතන දොඩවන්න. සිංහලත් බැරිද? (නි)
මේක අපේ පංචිකාවත්තේ සෙට් එකක වැඩක් වද්ද?ඒ අය වාහන ලගින් ගියත් කෑලි ගැලවෙනවනෙ.. (නි)
මේක සාමාන්‍ය දෙයක්. ඔය වගේ වැඩ ඕනෑ තරම් වෙනවා. නිෂ්පාදන දෝෂ අවම ඒවා හරි ගස්සල දෙනවා (නි)
නිසාන් වාහන කවදත් ඔහොමමයි (නි)
ලංකාවෙන් නම් කවදාවත් ගෙන්වා ගන්නේ නැතිවෙයි. ඇයි ලංකාවේ නැහැනේ 'බ්‍රෑන්ඩ් නිව්" වාහන. තියන තරමක් තියෙන්නේ එහෙ අයින් කරන 'සෙකන්ඩ් හෑන්ඩ්' වාහන. ඉන්දියාව නම් මලාට ගෙන්වා ගන්නේ නැතිවෙයි.(නදී)
බැලුවම පරණ වොක්ස්වැගන් එකක් වගේ පෙනුනට වැදුනොත් පපඩමකටත් වැඩිය කුඩු වෙන වාහනයක්. පදිනවන්ම් මරණ සහතිකය අරගන්න බලන් ලංකාවේ පදින්න.(ස)
අනේ ඔයාලත් මම වගේ ලම්බෝගිනියක් ගත්තනම් ඔය කරදර නැනේ. රුන් ගාල යන්න තිබුන.(නදී)
ඉතා හොදයි.(නදී)
අතීතයේ කෙතෙකුත් තිබුනද සුක්කානම ගලවන් අරන් යන්න පුළුවන් වාහන.(නදී)
නිසාන් ජූක් මොඩල් එකෙත් ලෙඩ. (නි)
ඔව්වා ඔහොම තමයි ඉතින් කාටත් වරදිනවා.(නදී)
සුක්කානම අතට එනවා නම් අනිත් ඒවා ගැන මොන කතාද? (නි)
දැන් බලාගෙන යනකොට අලුතෙන් එන වාහන ලෙඩ ගොඩවල් නේ. (නි)
මදැයි ඉදලා ඉදලා වාහනයක් ගත්තා (නි)
අනේ ඇයි එහෙම කියන්නේ? මේ වෙනකම් කිසි වාහනයක සුක්කානම ගැලවිලා අතට ඇවිල්ල නැහැ. මේ කියන වාහන 2002 - 2006 අතර හදල යුරෝපෙට ඇරපු වාහන වගයක්. වෙන කිසිම රටකට මේ මොඩලය ඇරලා නැහැ.රියදුරන් කීප දෙනෙක්ගෙන් සුක්කානම බුරුල් කියලා ලැබුන පැමිණිලි කීපයකට ප්‍රතිචාර වශයෙන් තමයි මෙහෙම කරන්න තීරණය කරලා තියෙන්නේ. (නි)
ඔය වාහන ජපානයට ගෙන්නන්නේ නැහැ. සුක්කනම් දෝෂය ඒ රටේදීම අදාල ඒජන්සිය හරහා නොමිලේම කරලා දෙනවා. මේ හේතුව නිසා කිසිම අනතුරක් තවම වාර්තාවෙලා නැහැ.අනතුරට පෙර සුදානමක් (නි)
ලංකාවට එවනකොට සුක්කානම නැතුව එව්වත් කමක් නැහැ.අපේ අය කොහොම හරි පදවායි. හැබැයි නලාව නැතුව එවන්න එපා. එතකොට අපේ අයට පදින්න බැහැ. (නි)
මම දන්නා විදිහටනම් එංගලන්තයට අවශ්‍ය වාහන එංගලන්තයේදිමයි එකලස් කරන්නේ. රටේ මාර්ග නීතිවලට ගැලපෙන විදිහට.පුද්ගලිකව ආනයන කලොත් එම වෙනස්කම් නොකර වාහනය නිදහස් කරගත නොහැකියි. එනම් ටයර් හොර්න් ලයිට් මීටර් පුවරු සහ ආරක්ෂක පද්ධති (නි)
ඔය වාහන ටික මෙහෙටම එව්ව එකෙන් හොරේ අහු වුණේ.මෙහෙ මිනිස්සු කැමති නැහැනේ ලෙඩ දාගන්න. ලංකාවට යැව්වා නම්? ඔන්න ඇමති කෙනක් යටි මඩියක් ගහලා කියලා ඔහේ තියාගන තවත් මිනිස්සු ටිකක් හප්පලා මරාවි. (නි)
ලක්ෂ පහම ලංකාවට එවන්න.ලංකාවට ගැලපෙන වාහනයක්. මාර්ග තදබදය ඉක්මනින්ම අඩුකරන්න හොදම විසදුමක්. (නි)
මේ ලගකදී ඉදන් ජපනගෙන් ගොඩක් අත් වැරදීම් වෙනවා වගේ ? මීට කලිනුත් විකුනපු වාහන ලක්ස ගානක් ගෙන්න ගත්තා නේද ආපහු? අනික මම මේ අහන්නේ දන්නේ නැති නිසයි මයික්‍රෝ වාහන හදන්නේ ජපානේද කොරියාවේද?(නදී)
බුදු අම්මෝ.(නදී)
ලෝකේ බොහෝරටවල සුක්කානම් අනාදිමත් කාලෙක සිටම ගැලවිලා එංගලන්තේ අතට ගිහින්. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ජපානේ සුක්කානමේ ඉරණමත් ඒකම තමයි. (ස)
ඔටෝ ඩ්‍රයිවින්, අලුත්ම ක්‍රමයක්, ලංකාවට ගැලපෙනවා.(නදී)
දෙයියෝ සාක්කි
බොහොම හොඳයි (අ)
ජපන් වාහන වල අඩුපාඩු තියෙනවා. යුරෝපිය වාහන තරම් උසස් මදි (නි)
යනත්‍රානුසාරයෙන් රොබෝලා මගින් කරන කාර්මික කටයුතු වලදී මෙවැනි අඩු පාඩුකම් හා දෝෂ ඇතිවෙනවා. ඔය වැඩේට කාර්මික පිරිසක් අදාල රටට ඇරලා වරද නිවැරදි කරලා දුන්නානම් ඉවරයිනේ.(නදී)