IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


චිකන් පාර්ට්ස් අපනයනයට චීන දොර ඇරේ

අද සිට වුවත් අපනයනය කරන්න පුළුවන්

අවබෝධතා ගිවිසුම් සහ එකඟතා ලියවිලි 15 කට අත්සන්

ඩො.බි 3.7 ව්‍යාපෘතියට ලබාදිය යුතු බදු සහන පිළිබඳව සාකච්ඡා

ඉන්දියාව ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්නේ නම් ලංකාවේ කැමැත්ත

තිරිඟු‍ පොතු අපනයනයටත් අවබෝධතා ගිවිසුමක්


විමුක්ති එස් රුද්‍රිගු

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත චිකන් පාර්ට්ස් (කුකුලන්ගේ බෙලි සහ කකුල් කොටස්) චීනයට අපනයනය කිරීම සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිව නොතිබූ බවත් ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරයේදී මෙරට නිෂ්පාදිත චිකන් පාර්ට්ස් චීන වෙළෙඳපොළට අපනයනය කිරීමේ අවස්ථාව ලබා දීමට චීන රජය එකඟතාව පළ කළ බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

චිකන් පාර්ට්ස් චීනයට අපනයනය කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස මෙරට කුකුල් මස් නිෂ්පාදකයන් ටික කලක සිට ඉල්ලීම් කර තිබූ බවත් ඔවුන්ගේ ඉල්ලීම, ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරයේදී ඉටුකර දීමට හැකිවීම විශේෂ කරුණක් බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය. 

මේ වනවිට මෙරට නිෂ්පාදිත චිකන් පාර්ට්ස් චීනයට අපනයනය කිරීමට රටවල් දෙකේම බාධා ඉවත් කර තිබෙන බවද විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. අවශ්‍යතා සපුරන්නේ නම් අද සිට හෝ මෙරට නිෂ්පාදිත චිකන් පාර්ට්ස් චීනයට අපනයනය කිරීමට මෙරට ව්‍යපාරිකයන්ට හැකි බව විජිත හේරත් මහතා පැවැසුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව්දින නිල සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් සහ එකඟතා ලියවිලි 15 කට අත්සන් තැබුණු බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය. ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 වටිනාකමින් යුතු හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා වන එකඟතා ලියවිල්ලට ශ්‍රී ලංකාව සහ චීනය අත්සන් තැබූ බවද විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. 

මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාදෙන එකක් බවද ඔහු පැවැසුවේය. ඒ යටතේ ඉඩම් අවශ්‍යතාව, ජල පහසුකම් අවශ්‍යතා, ව්‍යාපෘතියට ලබාදිය යුතු බදු සහන පිළිබඳව සාකච්ඡා කර අවසන් නිගමනයකට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් වූ ව්‍යපෘතිය 3.7 ක් දක්වා අඩුවී ඇති බවට වාර්තා පළවූ 2023 වසරේ අත්සන් කර තිබෙන අවබෝධතා ගිවිසුමේ තිබෙන්නේ ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් බිලියන 3.7 ක් ලෙස යැයි ඔහු පැවැසුවේය.

ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට විශේෂ අවශ්‍යතාවක් නොමැති බවත් ඉන්දියාව ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්නේ නම් ශ්‍රී ලංකාව කැමැති බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය. එමගින් මෙරට ආර්ථිකය තවත් ශක්තිමත් වන බව ඔහු ප්‍රකාශ කළේය.

තවද තිරිඟු‍ පිටි නිෂ්පාදනය කිරීමට සඳහා ගෙන්වන ඇටවල පොතු නැවත චීනයට අපනයනය කිරීමට මෙරට කෘෂි කර්ම අමාත්‍යාංශය සහ චීන රජය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බවද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය. දැනට තිරිඟු‍ පොතු වෙනත් රටවලට අපනයනය කරන බවත් ගෙන්වන තිරිඟු‍ ඇටවලින් සියයට 20 ක් තිරිඟු‍ පොතු බවත් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. 

ඉන් මෙරට අපනයන ආදායම තවත් ඉහළ යන බව ඔහු පැවැසුවේය.එසේම මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය සහ චීන මාධ්‍ය ආයතන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බවද විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

දැනට මෙරට ක්‍රියාත්මක චීන ව්‍යපෘති පිළිබඳව ඉක්මනින් කටයුතු කිරීම සඳහා වන සම්බන්ධීකරණය යාන්ත්‍රණයක් දෙපාර්ශ්වයේ සහභාගීත්වයෙන් ඇතිකර ගැනීම සඳහා වන එකඟතාවකටද දෙරට එළැඹි බව විජිත හේරත් මහතා පැවැසුවේය. මෙරට රජයේ මාධ්‍ය ආයතන සහ චීන මාධ්‍ය ආයතන අතර අවබෝධතා ගිවිසුම් 5 ක් ඇතිකර ගත් බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (0)

චිකන් පාර්ට්ස් අපනයනයට චීන දොර ඇරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site