ගුවන් සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීමට බලාපොරොත්තු වන තරුණ පරපුර සඳහා අවස්ථා ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි නවතම ගුවන් සේවා පුහුණු ආයතනය වන ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල පසුගියදා විවෘත කළේය.
ගුවන් සේවා වෘත්තීයවේදීන් පුහුණු කිරීම සඳහා වසර 30 අත්දැකීම් සමූදායක් තුළින් ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ගුවන් සමාගමේ මානව සම්පත් පුහුණු කිරීමේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ශ්‍රීලංකන් තාක්ෂණික පුහුණුව සහ ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය එකතුව පහසුකම් සපයනු ඇත.
ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල සතුව විශේෂයෙන් සකස් කරන ලද ජාත්‍යන්තරව පිළිගත් පුහුණු වැඩසටහන් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවණතාවන්ට ගැළපෙන අයුරින් අති නවීන පන්නයේ පංති කාමර පහසුකම්,රැකියා පුහුණුකිරීම් සහ අත්දැකීම් සහිත උපදේශක මණ්ඩලයක් ඇත. මේ අනුව සෑම අතින්ම නවීන පහසුකම් රැසක් සමගින් ඉගෙන ගැනීමේ අත්දැකීමක් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල පහසුකම් ලබාදෙනු ඇත.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ “ජාතික ගුවන් සේවාව වශයෙන් ලාභ උපයීම සහ ගුවන් මගීන් රැගෙන යාමට වඩා වැඩි ජාතික මෙහෙවරක් ශ්‍රීලංකන් ගුවන් සමාගම සතුව ඇත. ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල තුළින් අපගේ අනාගත පරම්පරාව සවිබල ගැන්වීම සඳහා සිදුකරන ප්‍රයන්තයන් ද ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා අඛණ්ඩව දක්වන සහයෝගය ද පෙන්නුම් කරයි. නවීන පහසුකම් වලින් සමන්විත ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රීලංකන් පුහුණු අංශයන් හි සංකලනයක් වන මෙම පාසල තුළින් පසුගිය වසර 35 පුරාවට උසස් නිපුණතාවයන් ඇති වෘත්තීයවේදීන් බිහිකිරීම සඳහා කටයුතු කර ඇත. අප රටේ තරුණ පරපුර මෙන්ම කලාපයේ බොහෝ දෙනෙක් මෙම අනර්ඝ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇතැයි මම බලාපොරොත්තු වන අතර ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල සෑම අතින්ම සාර්ථක වීමට ප්‍රාර්ථනා කර සිටිමි”
ශ්‍රීලංකන් ඉදිරි ව්‍යාප්ත සැලසුම් පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේ “ අප රට ගුවන් සහ නාවික ප්‍රවාහනය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් සිටින අවස්ථාවක ශ්‍රීලංකන් ගුවන් සමාගම රජයේ දැක්ම වන ශ්‍රී ලංකාවේ පංච ආර්ථික කේන්ද්‍රස්ථාන සංවර්ධනය කිරීම යථාර්ථයක් බවට පත්කිරීම සඳහා කැපවීමෙන් සහයෝගය දැක්වීමට කටයුතු කරනු ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු අංශ ඒකාබද්ධ වීම තුළින් ලබාදෙන උසස් තත්වයේ පුහුණු පහසුකම් වෙනුවෙන් කිර්තිමත් පිළිගැනිමක් ඇති අතර විදේශ සිසුන් රැසක් මේ සඳහා ආකර්ෂණය කර ගැනීම තුළින් විදේශ විනිමය වැඩිකර ගැනීමටත් ජාතික ආර්ථිකය සඳහා ලබාදෙන දායකත්වය වැඩිකරීමටත් අපි ඉලක්ක කරගෙන සිටිමු.”
ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලේ සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ “ ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල විවිධ ආකාරයේ වෘත්තීය පාඨමාලා රැසක් ලබාදෙමින් ලෝකයේ කොතැනකදී වුවත් අපගේ සිසුන්ට මේ ක්ෂේත්‍රයේ හැකියාවන් පෙන්වීමට පහසුකම් සපයා ඇත. වෘත්තීමය වශයෙන් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සුදුසුකම් ලබා ගැනීමට ගෝලීය වශයෙන් දැඩි ඉල්ලුමක් පවතී .මෙවැනි අවස්ථාවක විශේෂයෙන් මැද පෙරදිග කලාපය සඳහා පුහුණු ශ්‍රමිකයන් ලබාදීම වෙනුවෙන් අප රට ප්‍රමුඛව සිටින අවස්ථාවක මිනිස් ශ්‍රමයේ ගුණාත්මක බව වැඩි කිරීමට අපට අවස්ථා උදාවී ඇති අතර පුහුණු ශ්‍රමය සැපයීමට නව මංපෙත් ද විවර වී ඇත. ”
වසර 30 අධික කාලයක් පුරාවට ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය පුහුණු කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ගෝලීය ප්‍රමිතීන් සහ එක් එක් ගුවන් සේවාවන්ට අනන්‍ය වූ විශේෂ අවශ්‍යතා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනු ලැබේ. මෙම අසමසම අත්දැකීම් සමූදාය තුළින් සිසුන්ට විශේෂ වු පුහුණු පහසුකම් සැපයීමට ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල සමත් වී ඇති අතර ගුවන් සේවා ක්ෂේත්‍රයේ අනාගතය කරා පියමැනීමට මෙය කදිම ස්ථානයක් වනු ඇත.
ශ්‍රී ලංකාව,ඕමානය,පකිස්ථානය සහ මාලදිවයිනේ සිවිල් ගුවන් සේවා අධිකාරි සහ යුරෝපීය නිරුපද්‍රතා ඒජන්සිය විසින් සහතික කරන ලද ශ්‍රීලංකන් තාක්ෂණික පුහුණුව සතුව ක්ෂේත්‍රයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් පුහුණු වෘත්තීයවේදීන් බිහිකිරීමේ විශිෂ්ට ඉතිහාසයක් තිබේ.
ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය දකුණු ආසියාවේ ප්‍රමුඛතම පුහුණු අංශයක් වශයෙන් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය(IATA) විසින් 2013 ප්‍රිමියර් කවය යටතේ ලෝකයේ ප්‍රමුඛතම බලයලත් ගුවන් සේවා පුහුණු අංශ 10 අතරට පැමිණීමට හැකි වූ අතර මෙය රටවල් 90 ක ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථාන 440 ක් ඇගයීමෙන් පසු හිමිවිය.
එහි කාර්ය දර්ශනය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රවාහන සංගමය විසින් (IATA ) ලෝකයේ විශිෂ්ටතම සම්මානය ද වසර 3ක් පුරාවට ආසියාවේ විශිෂ්ටතම පුහුණු ආයතනය සඳහා ද ඇගයුම් ලබාගන්නා ලදී. මෙම විශිෂ්ට ඇගයුම් සැළකිල්ලට ගනිමින් IATA හි කලාපීය පුහුණු පාර්ෂවකරු (RTP) වශයෙන් ශ්‍රීලංකන් ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය මේ වසරේ දී පත්වීම් ලැබීමට සමත් විය.
ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලින් විවිධ ආකාරයේ IATA පුහුණු වැඩසටහන් රැසක් ලබාදෙන අතර විශේෂිත වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා ශ්‍රි ලංකා කාර්ය සම්පාදන සහ ප්‍රවාහන වරළත් ආයතනය (CILT-SL) , කොළඹ විශ්ව විද්‍යාලය, සැපයුම් සහ ද්‍රව්‍ය කළමනාකාරිත්ව ආයතනය සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සහයෝගයෙන් මෙහෙයවනු ලැබේ. ජාත්‍යන්තර පාර්ෂවකරුවන් හා එක්ව දැනුම හුවමාරු කිරීමේ කටයුතු සිදුකරමින් එහි සේවා ව්‍යාප්ත කිරීමට අමතරව ගෝලීය වශයෙන් පිළිගැනීමක් ඇති පාඨමාලා සිසුන්ට හදුන්වා දීමට හැකිවනු ඇත.
ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල වෙතින් ඕනෑම සිසුවෙකුගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැළපෙන පරිදි පාඨමාලා හදුන්වා දී ඇති අතර උසස් අධ්‍යාපනය තුළින් රැකියා අවස්ථා ලබාගැනීමට සිසුන්ට නිසි අවබෝධයක් ලබාදෙනු ලැබේ.පංති කාමර අධ්‍යාපන ක්‍රමයට අමතරව ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල වෙතින් වර්තමාන ගම්බද තරුණ පරපුරට රැකියා අවස්ථා සදහා මාර්ගෝපදේශකත්වය සපයනු ලැබේ. කොළඹ විශ්ව විද්‍යාලය,රජරට විශ්ව විද්‍යාලය සහ සබරගමුව විශ්ව විද්‍යාලය සඳහා ප්‍රතිරූප උපදේශකත්ව වැඩසටහන් ද ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලින් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන් තුළින් ගුවන් සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා පැමිණීමට අපේක්ෂිත සිසුන්ගේ ආත්ම විශ්වාසය හා ධනවාදී ආකල්ප වර්ධනය කිරීමට හැකියාව ලැබිනි.
මෙම ඒකාබද්ධ වීම තුළින්, ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල විසින් රටේ පාසල් වල ගුවන් සේවා සංගම් සඳහා මුදල් අයකිරීමකින් තොරව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙවැනි ප්‍රයන්තයන් තුළින් ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල රටේ තරුණ ප්‍රජාව ගුවන් සේවා ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය හැකියාවන්,දැනුම සහ ආකල්ප තුළින් ධෛර්යමත් කිරීමට කටයුතු කර ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංග, එයාලට මතක නෑ එයාල ඉන්නේ අපිට සේවය කරන්න කියලා. එකයි. අනික එයාල දන්නේ නෑ, එයාලා සේවය කරන තැන අපි සල්ලිවලට අරන් යන්නේ. හැබැයි අපි සේවය කරන තැන් එයාලට සල්ලි වලට ගන්න තියා බලල යන්න එන්නවත් බෑ.(හේ)
හොද දෙයක් කරලා තියෙන්නේ.(හේ)
හොද දෙයක් කරලා තියෙන්නේ ජාතියට ලංකාවට සුබපැතුම් මිස්ටර් කපිල චන්ද්‍රසේන.(හේ)
හොඳ දෙයක් කරලා තියෙන්නේ ජාතියට ලංකාවට. සුබපැතුම් මිස්ටර් කපිල චන්ද්‍රසේන (නදී)
මේ දවස්වල චන්ද්‍රිකා කියන වචනය පාචිචිචි කරන්න බය ඇති? (නදී)
නියමයි. සුබ පැතුම්! (නි)
මේක වැඩකට නැති පාඨමාලාවක් ද දන්නේ නැහැ. ගුවන් යානා තාක්ෂණ ශිල්පය උගන්වන තවත් අායතනයක් ගුවන් තොටුපල අැතුෙල්ම දැනටමත් තියනවා. හැබැයි අැතුලත් වන්න පුළුවන් සුපරි පංතියකට විතරයි මම දන්න විදිහට. සුපිරි රැකියාවකට මගක්? රහසක් ද? එය ගැමි කොල්ලන්ට විවෘත නැහැ. එක් පැලැන්තියකට පමණයි ලු. දන්නෝ දනිතිලු? (නදී)
හොඳම දෙයක් චතුරංග අහලා තියෙන්නේ. සුබ පැතුම්! (නි)
රංග පාලිත ඔයාලගේ කතාව 100% හරි. ඒ අය හිතන් ඉන්නේ එයලා ඇමෙරිකන් කියලා . සිංහල පොඩ්ඩක් වත් දන්නේ නැති විදිහට හැසිරෙන්නේ (නදී)
ඇත්තටම අනාගතයට නියම වැඩක්. (නදී)
මෙම පාසැලට ඇතුලත් වෙන්නේ කොහොමද? ගාස්තු වශයෙන් කීයක් ගන්නවද ? දන්න කෙනෙක් පැහැදිලි කරන්න (නදී)
චතුරංගගේ ප්‍රශ්නයමයි මටත් තියෙන්නේ (නි)
ඒකනම් හොද වැඩක්.ගුවන් සේවයට එක් වෙන්න ලංකාවේ ගොඩක් අයගේ සිහිනයක්.ඒ සිහිනය සැබෑ කර ගන්න අවස්ථාවක් ලැබී තිබෙන්නේ.(හේ)
ඔක්කොටම කලින් අපේ ගුවන් සේවිකාවන්ට ලංකාවේ මගීන්ට සුහදව සලකන හැටි කියලා දෙන්න පුහුණුවක් දෙන්න. ඒගොල්ලන් සමහරු ලංකාවේ මගින් දැක්කම ගුවන් යානාවටත් අඩි 5 ක් උඩින් පියාඹන්න පටන් ගන්නවා. (හේ)
මෙම ප්‍රවුර්තිය දැක්කාහම මට මතක් වුනේ, අර පහුගිය දවස්වල අපේ රටේ කෝටි ගණනක් මුදල් ගෙවල හවුලේ අභ්‍යාවකාශයට යවපු චීන චන්ද්‍රිකාවට මොකද උනේ? ඒක ගැන තොරතුරක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ අපිටත් දැනගන්න. ඇත්තටම එහෙම එකක් ඇරියද? නැත්නම් අපේ මුදල් වලට ඇරියද? කියල මේ අහන දකින දේවල හැටියට ගම්වල ඉන්න අපිට නම් ලොකු සැකයක් තියෙනවා. (බ)
මෙම ප්‍රවෘත්තිය දැක්කාහම මට මතක් වුණේ, අර පහුගිය දවස්වල අපේ රටේ කෝටි ගණනක් මුදල් ගෙවල හවුලේ අභ්‍යාවකාශයට යවපු චීන චන්ද්‍රිකාවට මොකද වුණේ? ඒක ගැන තොරතුරක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ අපිටත් දැනගන්න. ඇත්තටම එහෙම එකක් යැව්වද? නැත්නම් අපේ මුදල් වලට යැව්වද? කියල මේ අහන දකින දේවල හැටියට ගම්වල ඉන්න අපිට නම් ලොකු සැකයක් තියෙනවා.(දිල්)
මෙම ප්‍රවෘත්තිය දැක්කාහම මට මතක් උනේ, අර පහුගිය දවස්වල අපේ රටේ කෝටි ගණනක් මුදල් ගෙවල හවුලේ අභ්‍යාවකාශයට යවපු චීන චන්ද්‍රිකාවට මොකද උනේ? ඒක ගැන තොරතුරක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ අපිටත් දැනගන්න. ඇත්තටම එහෙම එකක් ඇරියද? නැත්නම් අපේ මුදල් වලට ඇරියද? කියල මේ අහන දකින දේවල හැටියට ගම්වල ඉන්න අපිට නම් ලොකු සැකයක් තියෙනවා.(නදී)
අද ප්‍රවෘත්ති බලද්දී ලොකු ආසාවක් ඇති වුනා. මගේ වයසේ ගැහැණු ළමයෙක් ගුවන් සේවිකාවක් වෙලා ඉන්නවා. මටත් ඔය පුහුණුවීම ලබල ගුවන් සේවිකාවක් වෙන්න පුළුවන් වෙයිද?
ඊයෙ ප්‍රවෘත්ති බලද්දි නංගි කෙනෙක් ගුවන් නියමුවරියක් බවට පත් වෙලා තිබ්බා මාත් ඉස්සර ඉදන්ම ආසවෙන් හිටියෙ ගුවන් නියමුවරියක් වෙන්න. ගුවන් නියමුවරියක් වෙන්න මේ පාටමාලාවට මන් බැදෙන්නෙ කොහොමද. ඔය පාටමාලාව හදාරලා මටත් නියමු වරියක් වෙන්න පුලුවන් වෙයිද ?
මෙය ඇත්තටම ගොඩක් හොඳ ආයතනයක් මම කැමතියි සකුරායි ආයතනයට බැඳිලා පුහුණුවක් ලබාගන්න. එයට බැඳීමට කළ යුත්තෙ කුමක්ද.? ඒ සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද..?
ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද
ලියාපදිංචි වෙන්නේ කොහොමද ?
මමත් ආසයි ගුවන් නියමුවරයෙක් වෙන්නේ... කොහොමද ඒකට ඇතුල් වෙන්නේ? මොනවද කරන්න ඕනෑ? මටත් ඇතුළු වෙන්න පුළුවන්ද?