IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගනුදෙනුකරුවන්ගේ මුදල් ආරක්‍ෂාවට මහ බැංකුව අලුත් ගිවිසුමක

බැංකු කාඩ්පත් භාවිත කරමින් සිදු වන වංචා වැළැක්වීම සඳහාත් බැංකු පද්ධතියේ සහ ගනුදෙනුකරුවන්ගේ මුදල්ව සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහාත් ලංකා ක්ලියර් (පෞද්ගලික) සමාගම සහ බලපත්‍රලාභී වාණිජ බැංකු හා එක්ව පියවර රැසක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
 
වංචනික ලෙස ක්‍රෙඩිට් (ණයපත්) හා ඩෙබිට් (හරපත්) ඇතුළු බැංකු කාඞ්පත් භාවිත කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් (ඒ.ටි.එම්) මුදල් ආපසු ලබා ගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය දින කිහිපයේදී වාර්තා වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 
 
 
මේ අනුව දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අමතරව බැංකු ක්‍රමයේ සහ ගනුදෙනුකරුවන්ගේ මුදල්වල සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා වැඩිදුර ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද මහ බැංකුව කියයි. 
 
 
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ඒ.ටි.එම්) ජාලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊ.එම්.වී. තාක්ෂණය සහිත කාඞ්පත් භාවිත කරන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී. දැනට භාවිත කරන ක්‍රෙඩිට් (ණයපත්) හා ඩෙබිට් (හරපත්) ඇතුළු බැංකු කාඞ්පත් ඊ.එම්.වී. තාක්ෂණයෙන් තොර නම් එම තාක්ෂණය සහිත කාඞ්පතක් ලබාදෙන්නැයි ගනුදෙනුකරුවන්ට අදාළ බැංකුවලින් ඉල්ලා සිටිය හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 
 
 
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ඒ.ටි.එම්) භාවිත කරමින් ගනුදෙනු කිරීමේදී සැලකිලිමත් විය යුතු යැයි ද මහ බැංකුව කියයි. හඳුනාගත නොහැකි, අනවසර ගනුදෙනුවක්, කාඞ්පත අහිමි වී හෝ අස්ථානගත වීමේ හෝ සිදුවීමක් හෝ පිළිබඳ සිදුවීමක් වේ නම් කඩිනමින් ඒ පිළිබඳව අදාළ බැංකු දැනුවත් කරන්නැයි මහ බැංකුව ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී. 
 
 (055) 



අදහස් (2)

ගනුදෙනුකරුවන්ගේ මුදල් ආරක්‍ෂාවට මහ බැංකුව අලුත් ගිවිසුමක

chathuri Thursday, 07 February 2019 12:29 PM

මට නම් හිතෙන විදියට ATM කාඩ් වල ප්‍රශ්නයක්. නැහැ.

:       1       0

අනුර Friday, 08 February 2019 02:28 AM

කාඩපත් හිමියන්ට එස්ම්ඒස් පණිවුඩ සේවාව බැංකු මගින් නොමිලේ ලබා දිය යුතුයි.

:       1       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site