ලෝකයේ ප්‍රධානම අන්තර්ජාල පහසුකම් ලබාදෙන ගූගල් ආයනය සහ ලොව පුරා ජනප්‍රිය ෆේස්බුක් සමාගම් සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට ලබන ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම ආයතන ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමෙන් දැනට 26%ක් වන දළ දේශීය නිෂ්පාදිත ක්‍රියාවලිය 50% දක්වා වර්ධනය විය හැකි බවත් නීරීක්ෂකයෝ කියති.

එමෙන්ම තොරතුරු තාක්ෂණය තාක්ෂණවේදී අධ්‍යාපන සුදුසුකම් සපුරාගත් තරුණ පරපුරට රැකියා දොරටුද විවරවන බවත් ඔවුහු පෙන්වා දෙති.