IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කොළඹ නගර සැලසුම් මෙහෙයුමට පරිගණක පද්ධතියක්

(හර්ෂණ තුෂාර සිල්වා)


ලබන අප්‍රේල් 1 වැනිදා සිට කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශයේ කටයුතු නව පරිගණක පද්ධතියක් ඔස්සේ සිදු කරන බව එම අංශයේ අධ්‍යක්ෂිකා ඉංජිනේරු ප්‍රියන්තා පීරිස් මහතා අද (13) ප්‍රකාශ කළාය.


ජනතාවට කඩිනමින් සේවා සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය එම නව පරිගණක පද්ධතිය මේ වනවිට සංවර්ධනය කෙරෙමින් පවතින බව ද ප්‍රියන්තා පිරීස් මහත්මිය පැවසුවාය.


කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති ‘ගෝ ග්‍රීන් කලම්බු’ වැඩමුළුවේදී අදහස් දක්වමින් ප්‍රියන්තා මහත්මිය එම කරුණු කීවාය. 


කොළඹ මහ නගර සභාවේ තක්සේරු දෙපාර්තමේන්තුව, නගර සැලසුම් දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අතර අන්තර් සබඳතාවක් ගොඩනැගෙන අයුරින් මෙම නව පරිගණක පද්ධතිය සංවර්ධනය කෙරේ.


නව පරිගණක පද්ධතිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ බොහෝ පහසුකම් සපයා ගැනීමට මහජනතාවට අවස්ථාව කරදීමට කොළඹ මහ නගර සභාව බලාපොරොත්තු වේ. අන්තර්ජාලය ඔස්සේ ගොඩනැගිලි සැලසුම් අයදුම්පත් යොමු කිරීම, ඉඩම් සංවර්ධන තොරතුරු සහතික පත්‍රය ලබාගැනීම ආදීය ද ඇතුළු සේවා රැසක් කඩිනමින් සහ පහසුවෙන් කරගැනීමට මහජනතාව අවස්ථාව උදා වන බව ද ප්‍රියන්තා පිරීස් මහත්මිය වැඩිදුරටත් කීවාය.

 



අදහස් (4)

කොළඹ නගර සැලසුම් මෙහෙයුමට පරිගණක පද්ධතියක්

Bamunuarachchi Saturday, 13 January 2018 09:28 AM

කියන කොටනම් ඔහොම තමයි. කඩිනමින් පහසුවෙන් මහජනයාට කරගන්න පුළුවන් වෙයිලු.. නමුත් කරගන්න ගියාම තමයි රස්තියාදුව. අපි නොදන්නා නගර සභාව.

:       300       26

ajith Monday, 15 January 2018 10:39 AM

මේ පින්තුරේ තියෙන්නේ සී.ආර්.ටී. ස්ක්‍රීන්... දැන් නම් නැහැ.

:       44       8

Jahamanayaa Tuesday, 16 January 2018 10:53 PM

මෙම පරිගණක පද්ධතියට පගාව ගැනීමත් ඇතුල් කරලා සැකසුවොත් තමයි හොඳ නේද?

:       0       9

Mahajana Friday, 19 January 2018 02:53 AM

කොළඹ නගර සභාව ගැන නම් කියන්න ලැජ්ජයි. වඩාත් දූෂිත කටයුතු සිදුවන තැනක්... පොලිසිය වගේම...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 663 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17743 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site