පළාත් පාලන ප්‍රදේශ තුළ කැලි කසල එකතු කිරිමේ ක්‍රියාදාමය සවිබල ගැන්වීම සඳහා ජංගම යෙදුමක් මිනුවන්ගොඩ නගර සභාව හා බස්නාහිර පළාත් සභාව එක්ව ආරම්භ කළේය.
මෙහි නියමු ව්‍යාපෘතිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවාස ආවරණය කරගෙන සිදු කරනු ලබයි. පසුව ක්‍රමයෙන් මෙම ජංගම යෙදුම අනෙකුත් ප්‍රදේශ කරා සංවර්ධනය කිරිමට බලාපොරොත්තු වන බව බලධරයෝ කියති.
මෙම ව්‍යාපෘතිය පළාත් පාලන අමාත්‍යංශය සහ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සහයෝගය ඇතිව මෙම ප්‍රදේශය තුළ කුණු කසල රැස්කිරිම සිදුකරන දිනයන් හා කාලය පිළිබඳව ජනතාව දැනුවත් කරනු ඇති.
මෙහි ඇති වාසි පිළිබඳව අදහස් දක්වමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර නලීන් මාන්නප්පෙරුම මහතා මෙසේ පැවසීය.
‘කුණු කසල එකතු කිරිම සඳහා කාලසටහන පිළිබඳව බොහෝ නිවැසියන් දැනගෙන සිටියේ නැහැ. කසල එකතු කිරිම හා වෙන් කිරිම සඳහා අප විසින් සකස් කර ඇති මාර්ගෝපදේශයන් නිවැසියන් අනුගමනය කරන්නේ නෑ. මෙමගින් පදිංචිකරුවන් රැඳී සිටින බව සහතික කරනු ලබනවා. ඒ අනුව කටයුතු කළ හැකි වනවා. එය ඉතාමත් පහසු හා කාර්යක්ෂමව සිදුකළ හැකි වෙනවා.’ යැයි කීය.
ඩේලිමීරර් ඇසුරෙනි
(28535)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පොඩි කාලෙත් කුණු එකතු කරන ට්‍රැක්ටර් තිබුන. බැලු බැල්මටම මටනම් පෙන්නේ පිටිපස්සේ බහලුම අලුත් වෙලා කියන එක විතරයි. කුණු ප්‍රශ්නේ ඇත්තටම තියෙන්නේ එකතු කිරීමේ ප්‍රශ්නයක්ද? හරියට නිකම් බඩ ජිරණයට දත් බුරුසුව වෙනස් කරනවා වගේ කියලා මටනම් හිතෙන්නේ.
ඔය ජංගම යෙදුම හොඳයි. නිසියාකාරව කුණු විනාශ කරන තැනක් තියෙනවනම්. කුණු විනාශ කරන යෙදුමකුත් තිබුනොත් හොඳයි.