(ටී.කේ.ජී.කපිල )
ඕමානයේ මස්කට් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් සේවයක් ආරම්භ කළ සලාම් එයා ගුවන් සේවයේ මංගල ගුවන් ගමන් සිදු කරමින් ප්‍රථම ගුවන් යානය අද (25) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගා විය.
ගුවන් නියමු කපිතාන් මොහොමඩ් අහමඩ් මහතා විසින් යානය පදවාගෙන පැමිණි අතර , එහි මගීන් 86 දෙනෙකු සහ 07 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් ද පැමිණ තිබුණි .
ගුවන් ගමන සදහා ඒ.- 320 නියෝ වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය අද (25) උදෑසන 8.00 ට ඕ.වී.- 431 දරණ ගුවන් ගමන් අංකය යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් ගමන් සේවාව සතියේ සෑම සදුදා , බදාදා , සිකුරාදා සහ ඉරිදා යන දින වල උදෑසන 8.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , යළි එම දින වලම උදෑසන 9.10 ඕමානයේ මස්කට් බලා පිටත්ව යෑමට නියමිතය.


2025 දෙසැම්බර් මස 16
29
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
826
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඕමානය-කටුනායක අතර ගුවන්සේවා ඇරැඹෙයි