IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එරාවුර්-හම්බන්තොට නව ආයෝජන කලාප දෙකක්

(තිළිණි ද සිල්වා)

රෙදිපිළි හා ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් වෙන වෙනම නව ආයෝජන කලාප දෙකක් මේ වසරේදී ආරම්භ කරන බව ගුවන් තොටුපොළ හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය.

ඒ අනුව රෙදිපිළි නිෂ්පාදනය සඳහා පමණක් වෙන්වූ නව ආයෝජන කලාපය එරාවූර්හිදීත්, ඖෂධ නිෂ්පාදන කලාපය හම්බන්තොටදීත්  ආරම්භ වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත මෙම  නව අපනයන කලාප වසර 40කට වැඩි ආයෝජන මණ්ඩල ඉතිහාසයේ අලුත් අත්දැකීමක්  සේම, රටේ ආර්ථික ශක්තියට විශාල සවියක් වෙමින් මෙතෙක් පැමිණි ගමන් මග නව දිශාවකට හරවන වසර බවට 2021  පත් වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නව වසරේ තම අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබදව අදහස් දක්වමින් රාජ්‍ය  අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එසේම දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කරමින් මෙරට තුල නිෂ්පාදනය හා අපනයනය ක්‍රියාවලිය ඉහළ නැංවීමට  අපේක්ෂා කරන බව ගුවන් තොටුපොළ හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය.

නව ගෝලීය අවශ්‍යතාවයන් හදුනා ගනිමින්, අපනයනයන් විවිධාංගීකරණය වීම කාලීන අවශ්‍යතාවයක් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ තොරතුරු තාක්ෂණය හා බැදුණු ඉහල වැටුප් සහිත රැකියා ලබා දෙන ව්‍යාපෘතින් මෙරටට ගෙන ආ යුතු බවය.

ඒ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දැනටමත්,  නිසි දැක්මක් අනුව කටයුතු කරන බවත්, එමගින් අපේක්ෂිත ඉලක්ක කරා ගමන් කරමින් සිටින බවද, ඊට ජනාධිපතිවරයාගේ පහළ අගමැතිවරයාගේ  මගපෙන්වීම හා සහයෝගය නොඅඩුව ලැබෙන්නේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

2021 වසර  ගුවන්තොටුපළ හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට වැඩි වගකීමක්, කාර්යභාරයක් පැවරෙන වසරක් බවත්, ගුවන් තොටුපළ විවෘත කරමින් සංචාරක  ව්‍යාපාරය ක්‍රමානුකූලව ආරම්භ කිරීම සෞඛ්‍ය නිර්දේශ අනුව සිදු කළ යුතු යැයිද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.



අදහස් (0)

එරාවුර්-හම්බන්තොට නව ආයෝජන කලාප දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site