කොවිඩ්-19 වයිරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථීකය ගලවා ගැනීම අරමුණු කරගෙන බලතල සහිත ආර්ථීක පුනර්ජීවන බලකායක් පිහිටුවිය යුතුයැයි පාත්ෆයින්ඩර් පදනම රජයට යෝජනා කරයි.

දේශීය බුද්ධි පර්යේෂණ ආයතනයක් වන මෙම පදනම දක්වන පරිදි ආර්ථීක පුනර්ජීවන බලකාය පත් කිරීමේ දී දේශපාලන පසුබිම පැත්තකින් තැබීම ඉතාම වැදගත්ය. මෙම බලකාය අත්දැකීම් සහිත විශිෂ්ට පුද්ගලයන් ගෙන් සමන්විත විය යුතුයැයි ද පාත්ෆයින්ඩර් පදනම වැඩිදුරටත් යෝජනා කර තිබේ.
ආර්ථීකයේ ඉල්ලූම හා සැපයුම යන න්‍යාය බරපතල සේ පාලනය වී ඇත. ඉල්ලූම ගැන සලකන විට ආයෝජනය, නිෂ්පාදනය හා වෙළඳාම අඩුවනු ඇත.
රැකී රක්ෂා ප්‍රමාණය සහ රැකියා නියුක්තිකයන්ගේ වැටුප් කපා දමන්නට සිදුවිය හැකිය. සංචාරක හා විනෝදාත්මක අවස්ථා වියවුලකට පත් වී තිබේ. ව්‍යාපාර අවලංගු කිරීම්, කොටස් වෙළඳාම හා ධනෝපානය අවස්ථා පහත වැටීම අපේක්ෂා කළ හැකිය.
සැපයුම් අංශයට බලවත් පීඩනයක් එල්ලවිය හැකි අතරම ඇතැම් කම්හල් හා ව්‍යාපාර වැසෙනු ඇත. ගෝලීය හා කලාපීය සැපයුම් චක්‍ර අර්බුදයකට පත්වන අතර ගුවන් හා මුහුදු ප්‍රවාහන අංශ නැවත යථා තත්ත්වයට පත්වන්නට සෑහෙන කාලයක් ගත විය හැකිය.

“කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය සහ විශේෂයෙන් ආර්ථීක වර්ධනය සමග ඇති වූ ලෝකයේ ඕනෑම තැනකට සේවා සපයමින් යැපෙන නිදහස් වෘත්තිකයන් ඉතාම දුෂ්කර තැනෙකට පත්වනු ඇත. මේවා සුළු පටු කාරණා නොවේ. ඕනෑම ජන සමාජයක් බිංදුවට වට්ටන්නට මේවා හේතුවිය හැකි බව තේරුම් ගත යුතුය“ යයි පාත්ෆයින්ඩර් පදනම පෙන්වා දෙයි.
තමන් අසල දැවටෙන දක්ෂයන්ට වඩා පිරිසක් ආණ්ඩුවේ රාමුවට එපිටින් සිටින අතර ඔවුහු දේශපාලන අරමුණු සහිත විවිධ ව්‍යුහ වලට එකතුවීමට කැමැති නැත. එම පිරිස සමීප කර නොගැනීම මෙන්ම රටට අත්‍යවශ්‍යම අවස්ථාවක සේවය වෙනුවෙන් පෙනී නොසිටීම ද සෑහෙන අවාසියකි.
පටු අරමුණු පැත්තකට කරමින්, කොවිඩ් -19 වසංගතය හා ලෝක තත්ත්වය හමුවේ මතුවිය හැකි ආර්ථීක ගැටළු කෙරෙහි කෙටිකාලීන, මධ්‍ය හා දීර්ඝ කාලීනව සලකා බලා සාවධාන ක්‍රියාත්මක විය හැකි මධ්‍යස්ථ පිරිසකගේ සේවය රටට උවමනා කර තිබේ.
එබැවින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා කිරීමට මෙම පුනර්ජීවන බලකායට සම්පූර්ණ නිදහස තිබිය යුතු අතර යම් අවස්ථාවක දී ඒවා ක්‍රියාවට නැංවීම සඳහා ද පුළුල් අවකාශයක් නිර්මාණය කළ යුතු බව පාත්ෆයින්ඩර් පදනම සිය නිවේදනයේ දක්වයි.
- 355
COMMENTS
කාලෝචිත යෝජනාවක්....
මේ සඳහා ඉක්මනින් කල යුතුව ඇත්තේ රටේ දැනට තිබෙන කෘෂිකාර්මික යාන්ත්‍රණ කාර්යශිලිව සහ ඉතා ඉක්මනින් පන ගැන්වීමයි. වසංගත තත්වය මාස 3-6 ක් අතර කාලයක් පවතියහොත් රට තුල "සාගත" තත්වයක් සහ සමාජ අසහනයක් වර්ධනය විය හැක. රජයේ ව්‍යසන කලමනාකරණයේ සැලසුම් මොනවාදැයි රටට හෙලි කර රට ඊට පෙල ගැස්විය යුතුයි! දැනට එසේ සැලසුමක් තිබේ දැයි පැහැදිලි නැත! - අවම වශයෙන් රටේ දැනට තිබෙන ආහාර ප්‍රමාණය ගැන සමික්ෂණය කර එය රටට කොපමණ කාලයකට අවශ්‍යවේ ද, ඒ්වා පරිබෝජනය කරන්නේ කෙසේද, ජනතාව අතර සැපයෙන්නේ කෙසේද ආදි කරුණු ගැන අවධානය යොමු කර ඇත්දැයි රට වැසියෙකු වු මට දැනුමක් නැත.! මා දන්නා එකම දෙය මා ජිවත් වන පරිසරයේ අහාර හිඟයක් ආරම්භ වෙමින් ඇති බවයි!!!. එමෙන්ම වසංගතය පාලනය කිරිම සාර්ථක වුවත් ඒ හා ඇතිවන අනිත් ගැටලුවලට රටේ නායකත්වය අවධානය යොමු කර නැති බව පැහැදිලිය. අප විවිධ ව්‍යසනයන්ට මුහුණ දි ඇතිමුත් වසංගත ආකාරයේ ව්‍යසනයකට මුහුන දෙන ප්‍රතම වතාව වන අතර, සාගතයක් යනු කුමක් දැයි අපේ රට දන්නෙ නැත!!! - එම නිසා දැනට ඇති සැලසුම් වලට "අනාගතය" යන නිර්නායකය/අරමුන එක් කර ගන්නැයි රටේ නායකයින්ගෙන් ඉල්ලා සිටිමි.
පහුගිය කාලේ මේගොල්ල කොහෙද හිටියේ...? නින්දෙන් අවදිවෙලා උපදෙස් මාලාවක් අරන් ඇවිත් වගේ. දේශීය කර්මාන්ත අකර්මන්‍ය කරලා ආනයන ප්‍රවර්ධනය කලඑකේ ප්‍රථිපල දැන් තමයි ලැබෙන්නේ.
මෙම අවස්ථාවේදී ප්‍රමුකත්වය දිය යුත්තේ රෝගය පාලනය හා වලක්වා ගැනීමයි. දෙවැන්න අති මහත් ජනතාව ට දිනකට එක් වේලක් හෝ කා බඩගින්නේ නොමරිමට ක්‍රමවේදයක් ගොඩනගන අතරම ජනතාවගේ බිඳවැටී ඇති මානසික තත්වය හා අවපිඩනය සමනය වන වැඩසටහන් මනෝ චිකිත්සකයන් ආගමික පුජකවරුන් සම්බන්ද කරගනිමින් මාද්‍ය හරහා ක්‍රියාත්මක කල යුතුය .
අවුලක් නැහැ එකට බසිල්වයි, බන්දුලවයි ඕනිම නම් විමලයත් එක්ක... පී බී ජයසුන්දරව දැම්මහම හරි. තව ඕනි නම් රවී යවයි මන්ගලවයි ගන්න... හැබැයි මුන් තනියෙන් නාගන්න නිසා එහෙම වෙන්නේ නැහැ.
දේශීය බුද්ධි පර්යේෂණ මොකටද? පොහොට්ටුවේ ආර්ථික විද්‍යා චක්‍රවර්ති විසින් කරනු ලැබූ ආර්ථික පර්යේෂණ මගින් නිගමනයන්ට එළඹිලා තියෙන්නේ... 2500 මාසයක් කන්න පුළුවන්
මේක කියවද්දි හිතෙන්නේ මේක හරි නියම යෝජනාවක් කියල. මේ කියන අය අපිටවත් රටට වත් ආදරේ අය නෙවේ. මෙයාල ගැන හොයල බලන්න...
එන් ජී ඕ නම් තවත් එපා.
මෙයාල NGO වලට වඩා දරුණු අය. ජනාධිපතිතුමාට තේරුනොත් ජාතියේ වාසනාව....